ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එළිදරව් 6:7 - සිංහල කාලීන පරිවර්තනය

උන්වහන්සේ හතර වන මුද්‍රාව කැඩූ කල, සිවුවන ජීවමාන සත්වයා, “එනු!” යි කියනු මට ඇසිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

බැටළු පෝතකයාණන් සතර වන මුද්‍රාව කැඩූ කල, සතර වන ජීවමාන සත්ත්වයා, “එන්නැ”යි කියනු මම ඇසීමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

බැටළු පෝතකයාණන් සතර වන මුද්‍රාව කැඩූ කල, සතර වන ජීවමාන සත්ත්වයා, “එන්නැ”යි කියනු මම ඇසීමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ සතරවෙනි මුද්‍රාව කැඩූ කල, සතරවෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියන හඬ ඇසීමි.

පරිච්ඡේදය බලන්න



එළිදරව් 6:7
5 හුවමාරු යොමු  

එබැවින් ඔවුහු ගොස්, සොහොන් ගල මුද්‍රා තබා, මුර භටයින් සිටුවා, සොහොන රැකවල් ලූහ.


පළමු ජීවමාන සත්වයා සිංහයකු වැනි ය. දෙවන ජීවමාන සත්වයා වස්සකු වැනි ය. තුන් වන ජීවමාන සත්වයාට මිනිසකුගේ මුහුණක් තිබිණ. සිවුවන ජීවමාන සත්වයා ඉගිළෙන රාජාලියකු වැනි ය.


බැටළු පැටවාණන් මුද්‍රා හතෙන් පළමුවැන්න කඩනු මම බලා සිටියෙමි. එවිට ජීවමාන සත්වයින් හතර දෙනාගෙන් එකකු ගිගුරුමක් වැනි හඬින්, “එනු!” යි කියනු මට ඇසිණි.


උන්වහන්සේ දෙවැනි මුද්‍රාව කැඩූ කල, දෙවන ජීවමාන සත්වයා, “එනු!” යි කියනු මට ඇසිණි.


උන්වහන්සේ තුන් වන මුද්‍රාව කැඩූ කල, තුන් වන ජීවමාන සත්වයා, “එනු!” යි කියනු මට ඇසිණි. මා බැලූ කල, මෙන්න! කළු අශ්වයෙක්! අසරුවා අත තරාදි යුගලයක් තිබිණි.