ඔවුන් දියෙන් ගොඩ ආ කල, ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ හදිසියේම පිලිප් වෙනතක ගෙන ගිය සේක. නපුංසක නිලධාරියාට තවත් පිලිප් දක්නට ලැබුණේ නැතත්, ඔහු ප්‍රීතියෙන් යුතුව තම ගමන ගියේ ය.
එළිදරව් 21:10 - සිංහල කාලීන පරිවර්තනය ඔහු මහ උස කන්දක් වෙත ආත්මයාණන් තුළ මා ගෙන ගොස්, ශුද්ධ පුරවරය වන යෙරුසලම දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මට පෙන්වීය. Sinhala New Revised Version ආත්මයාණන්ගේ ආනුභාවයෙන් ඔහු මහ උස් කන්දකට මා ගෙන ගොස්, ශුද්ධ නගරය වූ ජෙරුසලම දේව තේජසින් විරාජමාන ව, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මට පෙන්වී ය. Sinhala New Revised Version 2018 ආත්මයාණන්ගේ ආනුභාවයෙන් ඔහු මහ උස් කන්දකට මා ගෙන ගොස්, ශුද්ධ නගරය වූ ජෙරුසලම දේව තේජසින් විරාජමාන ව, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මට පෙන්වී ය. Sinhala Revised Old Version ඔහු මහත්වූ උස්වූ කන්දකට ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මා ගෙනගොස්, ශුද්ධ නුවරවූ යෙරුසලම දෙවියන්වහන්සේගේ තේජස ඇතුව දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්නුවේය. |
ඔවුන් දියෙන් ගොඩ ආ කල, ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ හදිසියේම පිලිප් වෙනතක ගෙන ගිය සේක. නපුංසක නිලධාරියාට තවත් පිලිප් දක්නට ලැබුණේ නැතත්, ඔහු ප්‍රීතියෙන් යුතුව තම ගමන ගියේ ය.
ස්වාමින්වහන්සේගේ දවසේ මම ආත්මයාණන්වහන්සේ තුළ වීමි. එවිට හොරණෑ හඬක් වැනි උස් කටහඬක් මට පිටුපසින්, ඇසිණි.
එහෙත් මාලිගයෙන් පිටත මළුව මනින්න එපා; එය අතහරින්න; මන්ද එය අන්‍ය-ජාතීන්ට දී තිබේ. ඔවුන් ශුද්ධ නගරය හතළිස් දෙමාසයක් පයින් පාගා දමනු ඇත.
ඉන්පසු ඔහු ආත්මයාණන් තුළ කාන්තාරයට මා ගෙන ගියේ ය. එවිට හිස් හතක් හා අං දහයක් තිබූ, අපහාසික නාමවලින් පිරී සිටි තද රතු පැහැති මෘගයකු පිට හිඳ සිටින ස්ත්‍රියක එහිදී මම දැක්කෙමි.
තම ස්වාමි පුරුෂයාණන් උදෙසා සරසවන ලදුව, මනාලියක සේ සූදානම් කරන ලද ශුද්ධ පුරවරය වන අලුත් යෙරුසලම දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මම දුටිමි.
ජයගන්නා, මාගේ දෙවියන්වහන්සේගේ මාලිගයේ කුලුනක් කරන්නෙමි. කිසි කලෙක ඔහු එතැන හැර යන්නේ නැත. මාගේ දෙවියන්වහන්සේගේ නාමය හා මාගේ දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ පුරවරයේ නාමය ද මගේම අලුත් නාමය ද මම ඔහු පිට ලියන්නෙමි.
එක්වනම මා ආත්මයාණන්වහන්සේ තුළ විය. මෙන්න! එවිට ස්වර්ගයේ සිංහාසනයක් මා ඉදිරියේ තිබිණි. ඒ සිංහාසනයේ කෙනෙක් හිඳ සිටි සේක.