Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 4:2 - සිංහල කාලීන පරිවර්තනය

2 එක්වනම මා ආත්මයාණන්වහන්සේ තුළ විය. මෙන්න! එවිට ස්වර්ගයේ සිංහාසනයක් මා ඉදිරියේ තිබිණි. ඒ සිංහාසනයේ කෙනෙක් හිඳ සිටි සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එකෙණෙහි ම මම ආත්මයාණන් වහන්සේගේ බලයට යටත් වී සිටියෙමි. ස්වර්ගයෙහි සිංහාසනයක් තිබිණි. ඒ සිංහාසනයෙහි කෙනෙක් වැඩ උන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එකෙණෙහි ම මම ආත්මයාණන් වහන්සේගේ බලයට යටත් වී සිටියෙමි. ස්වර්ගයෙහි සිංහාසනයක් තිබිණි. ඒ සිංහාසනයෙහි කෙනෙක් වැඩ උන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 එකෙණෙහිම මම ආත්මයාණන්වහන්සේ තුළ සිටියෙමි. එවිට ස්වර්ගයෙහි සිංහාසනයක් තිබුණේය, ඒ සිංහාසනයෙහි එක්කෙනෙක් වැඩහුන්සේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 4:2
28 හුවමාරු යොමු  

ස්වාමින්වහන්සේගේ දවසේ මම ආත්මයාණන්වහන්සේ තුළ වීමි. එවිට හොරණෑ හඬක් වැනි උස් කටහඬක් මට පිටුපසින්, ඇසිණි.


තවද සිංහාසනයේ හිඳ හුන් තැනැන්වහන්සේගේ දකුණු අතේ, ඇකුළුම් පොතක් තිබෙනු දුටුවෙමි. ඇතුළත හා පිටත ලියන ලද එය මුද්‍රා හතකින් මුද්‍රා තබා තිබිණ,


සිංහාසනයේ හිඳිනා, සදහට ම, සදාතනිකව ජීවත් වන තැනැන්වහන්සේට ජීවමාන සත්වයින් මහිමය ද ගෞරවය ද ස්තුතිය ද දෙන කවර විටෙක වුව,


සිංහාසනයෙන් විදුලි අකුණු ධාරා, ශබ්ද රාව හා මේඝ ගර්ජනා නික්මිණි. දෙවියන්වහන්සේගේ ආත්මයාණන් හත්දෙනා වන දැල්වෙන පන්දම් හතක් සිංහාසනය ඉදිරිපිට විය.


එවිට, ස්වර්ගයේ ද පොළොවේ ද පොළොවෙන් යට ද මුහුදේ ද වූ හැම මැවිල්ලක් හා ඒවායේ සිටින සියල්ලන් මෙසේ පවසනු මට ඇසිණි: “සිංහාසනයේ හිඳ සිටිනා තැනැත්තාණන්ටත්, බැටළු පැටවාණන්ටත්, ප්‍රශංසාව හා ගෞරවය ද මහිමය හා පරාක්‍රමය ද, සදහට ම, සදාතනිකව අත් වේවා!”


ඔහු මහ උස කන්දක් වෙත ආත්මයාණන් තුළ මා ගෙන ගොස්, ශුද්ධ පුරවරය වන යෙරුසලම දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මට පෙන්වීය.


මෙසේ කීමෙන් අප අරමුණු කරන්නේ මෙයයි; ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳ සිටින, එවැනි උත්තම පූජකයාණන් කෙනකු අපට සිටින බවයි.


“ජයගන්නාට මා සමඟ මගේ සිංහාසනයේ හිඳගැනීමේ වරම මා දෙන්නේ, මා ජය ගෙන මාගේ පියාණන්වහන්සේගේ සිහසුනේ උන්වහන්සේ සමඟ හිඳගත් අයුරිනි.


ඉන්පසු ධවල මහා සිංහාසනයක් හා එහි වැඩහුන් තැනැන්වහන්සේ දුටිමි. උන්වහන්සේ ඉදිරියෙන් අහසත්, පොළොවත් පලා ගියේ ය. ඒවාට තැනක් සම්භ නො විණි.


වැඩිමහල්ලන් විසිහතර දෙනා හා ජීවමාන සත්වයින් සතර දෙනා, “ආමෙන්! හාලේලූයා!” කියමින්, සිංහාසනයේ හිඳ හුන් දෙවියන්වහන්සේට වැඳ වැටී, නමස්කාර කළහ.


සිංහාසනයේ හිඳ සිටි තැනැන්වහන්සේ කතා කරමින්, “මෙන්න! මම හැම දෙයක්ම අලුත් කරන්නෙමි” යි පැවසූ සේක; තවද උන්වහන්සේ, “මෙය ලියන්න, මන්ද මේ වචන විශ්වාසනීය ය; සත්‍ය යැ” යි කී සේක.


ඉන්පසු ඔහු ආත්මයාණන් තුළ කාන්තාරයට මා ගෙන ගියේ ය. එවිට හිස් හතක් හා අං දහයක් තිබූ, අපහාසික නාමවලින් පිරී සිටි තද රතු පැහැති මෘගයකු පිට හිඳ සිටින ස්ත්‍රියක එහිදී මම දැක්කෙමි.


ඕ පිරිමි දරුවකු, යදණ්ඩකින් සියලු ජාතීන් මතු ආණ්ඩු කරන පුතකු බිහි කළා ය. එහෙත් ඇගේ දරුවා දෙවියන්වහන්සේ වෙතත්, උන්වහන්සේගේ සිංහාසනය වෙතත් ඇදගනු ලැබී ය.


ඔවුහු කඳු හා පර්වත අමතමින්, “අප පිට වැටියව්! සිංහාසනය මත හිඳින තැනැන්වහන්සේගේ මුහුණ වෙතින් හා බැටළු පැටවාණන්ගේ උදහස වෙතින් අප සඟවා ගනිව්.


එවිට යේසුස්වහන්සේ කතා කරමින්, “එසේ නම් දාවිත් ම ආත්මයාණන්වහන්සේ මඟින් කතා කරමින්, ක්‍රිස්තුස්වහන්සේට ‘ස්වාමින්වහන්සේ ය’ කියා ඇමතුවේ කෙසේ ද?


වැඩිමහල්ලෝ විසිහතර දෙනා සිංහාසනයේ හිඳින තැනැන්වහන්සේ අබියස වැඳ වැටී, සදහට ම, සදාතනිකව ජීවත් වන තැනැන්වහන්සේට නමස්කාර කරති. ඔවුහු තම ඔටුනු සිංහාසනය අබියස හෙළා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්