ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එළිදරව් 17:7 - සිංහල කාලීන පරිවර්තනය

එවිට මා ඇමතූ දේව දූතයා, “ඇයි ඔබ පුදුම වූයේ? ස්ත්‍රිය පිළිබඳ හා ඇය නැගී යන හිස් හතක් හා අං දහයක් ඇති මෘගයා පිළිබඳ අබිරහස මම ඔබට කියන්නම්.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දේව දූතයා මට කතා කොට, “ඔබ පුදුම වූයේ මන් ද? ස්ත්‍රියගේ ද, ඇය උසුලාගෙන යන හිස් සතක් හා අං දසයක් ඇති මෘගයාගේ ද, අබිරහස ඔබට කියමි”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දේව දූතයා මට කතා කොට, “ඔබ පුදුම වූයේ මන් ද? ස්ත්‍රියගේ ද, ඇය උසුලාගෙන යන හිස් සතක් හා අං දසයක් ඇති මෘගයාගේ ද, අබිරහස ඔබට කියමි”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දේවදූතයා මට කථාකොට: නුඹ පුදුමවුණේ මක්නිසාද? ස්ත්‍රියගේද ඈව උසුලාගෙන යන හිස් සතකුත් අං දසයකුත් ඇති මෘගයාගේද රහස නුඹට කියමියි මට කීය.

පරිච්ඡේදය බලන්න



එළිදරව් 17:7
6 හුවමාරු යොමු  

මන්ද නොපනත්කමේ අබිරහස් බලය දැනටම ක්‍රියාත්මක ය; එහෙත් දැනට එය වළක්වාගෙන සිටින තැනැත්තාණන් ඉවත ගෙන යන තෙක් දිගටම එසේ කරනු ඇත.


මගේ දකුණු අතේ ඔබ දුටු තාරකා හතේ හා රන් පහන් රුක් හතේ අබිරහසේ අරුත මෙයයි. තාරකා හත, සභා හතේ දේව දූතයින් ය. පහන් රුක් හත, සභා හත ය.


එවිට තවත් ලකුණක් අහසේ දිස්විය. මෙන්න! හිස් හතක් හා අං දහයක් ද තම හිසෙහි කිරීට හතක් ද දැරූ දැවැන්ත රතු මකරෙක්!


ඔබ දුටු මෘගයා සිටියේ ය; දැන් නැත. එහෙත්, පතුලක් රහිත වළෙන් නැගිට අවුත්, විනාශයට යන්නට ළඟ ය; ලෝකයේ අත්තිවාරමේ පටන් ජීවන පොතේ නාම නො ලියවුණු පොළෝ වාසීහු, මෘගයා දකින කල පුදුමයට පත් වන්නෝ ය. මන්ද ඌ සිටියේ ය; දැන් නැත; එහෙත් මතු එන්නේ ය.


ඉන්පසු තවත් දේව දූතයකු මහත් ආධිපත්‍යයෙන් යුතුව ස්වර්ගයෙන් බැස එනු මම දුටුවෙමි. ඔහුගේ තේජසින් පොළොව දීප්තිමත් විය.