Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 12:3 - සිංහල කාලීන පරිවර්තනය

3 එවිට තවත් ලකුණක් අහසේ දිස්විය. මෙන්න! හිස් හතක් හා අං දහයක් ද තම හිසෙහි කිරීට හතක් ද දැරූ දැවැන්ත රතු මකරෙක්!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 අහසෙහි තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක් ද අං දසයක් ද තමන් හිස් මත කිරුළු සතක් ද ඇති මහා රතු මකරෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 අහසෙහි තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක් ද අං දසයක් ද තමන් හිස් මත කිරුළු සතක් ද ඇති මහා රතු මකරෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 අහසෙහි තවත් පුදුමයක්ද දක්නාලද්දේය; එනම් හිස් සතක්ද අං දසයක්ද තමාගේ හිස් පිට ඔටුනු සතක්ද ඇති මහත් රතු සර්පයෙක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 12:3
27 හුවමාරු යොමු  

“ඔබ දුටු අං දහය, තවම රාජ්‍යයක් නො ලද රජවරුන් දහ දෙනෙකි. එහෙත් ඔවුන් මෘගයා සමඟ හවුලේ එක් පැයකට රජුන් වශයෙන් ආධිපත්‍යය ලබනු ඇත.


ඒ මහ මකරා පහළට හෙළා දමනු ලැබී ය; මුළු ලෝකයේම රවටන්නා වූ යක්ෂයා හෙවත් සාතන් නමින් හැඳින් වූ ඒ පුරාණ සර්පයා පොළොවට හෙළා දමනු ලැබී ය. උගේ දූතයෝ ද ඌ සමඟ හෙළා දමනු ලැබූහ.


ඔබ දුටු අං දහය හා මෘගයා, වේශ්‍යාවට වෛර බඳිනු ඇත. ඔවුන් ඇය පාළුවට යවා, ඇය නිරුවත් කර, ඇගේ මාංස කා දමා, ගින්නෙන් ඇය දවා දමනු ඇත.


එවිට මා ඇමතූ දේව දූතයා, “ඇයි ඔබ පුදුම වූයේ? ස්ත්‍රිය පිළිබඳ හා ඇය නැගී යන හිස් හතක් හා අං දහයක් ඇති මෘගයා පිළිබඳ අබිරහස මම ඔබට කියන්නම්.


ඔහු, යක්ෂයා හෙවත් සාතන් වන ඒ පුරාණ සර්පයා හෙවත් මකරා අල්ලා, අවුරුදු දහසකට ඌ බැඳ,


උගේ වලිගය, අහසේ තරුවලින් තුනෙන් එකක් ඇද, පොළොවේ හෙළී ය. ඇගේ දරුවා බිහිවූ කෙණෙහි ඔහු ගිල දමන පිණිස මකරා, දරු ප්‍රසූතියට ළංව සිටි ස්ත්‍රිය ඉදිරියේ රැක සිටියේ ය.


මහා ලකුණක් අහසේ පෙනෙන්නට විය. එනම්, හිරුගෙන් සැරසී, සඳු තම පා යට ඇතුව, තරු දොළොහකින් යුතු ඔටුන්නක් හිස පැලඳි ස්ත්‍රියකි.


එවිට මැඩියන් සේ පෙනුමැති අපවිත්‍ර ආත්ම තුන් දෙනෙක්, මකරාගේ කටින් ද මෘගයාගේ කටින් ද බොරු දිවැසිවරයාගේ කටින් ද නික්ම එනු මම දුටිමි.


උන්වහන්සේගේ ඇස් ඇවිළෙන ගිනිසිළු වැන්න. උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබිණි. උන්වහන්සේ මිස අන් කවරකුත් නො දන්න, ලියා ඇති නමක් උන්වහන්සේට තිබිණි.


එවිට මකරා, ස්ත්‍රී කෙරේ කුපිතව, දෙවියන්වහන්සේගේ නියෝග පිළිපදින, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන ඇගේ වංශයේ ඉතිරි අය හා යුද්ධ කරන්නට ගියේ ය.


තවද ස්වර්ගයේ යුද්ධයක් හට ගත්තේ ය. මිකායෙල් හා ඔහුගේ දූතයෝ මකරාට එරෙහිව සටන් වැදුණහ. මකරා හා උගේ දූතයෝ ප්‍රති ප්‍රහාර දුන්හ.


තමන් පොළොවට පහත හෙළනු ලැබ ඇති බැව් දුටු මකරා, පිරිමි දරුවා බිහි කළ ස්ත්‍රිය ලුහුබැන්දේ ය.


මකරා මුහුදු වැල්ලේ සිට ගත්තේ ය. එවිට, මෘගයකු මුහුදින් නැගී එනවා මම දුටිමි. ඌට අං දහයක් හා හිස් හතක් ද උගේ අංවල කිරීට දහයක් ද ඒ එක් එක් හිසෙහි දේවාපහාසික නාමයක් ද විය.


මා දුටු මෘගයා දිවියකුට සමාන ය. උගේ පාද, වලසකුගේ වැනි ය; උගේ කට, සිංහයකුගේ කට වැනි ය. මකරා තම බලයත්, තම සිංහාසනයත්, මහා ආධිපත්‍යයත් ඌට දුන්නේ ය.


මකරා තම ආධිපත්‍යය මෘගයාට දී තිබූ නිසා, ඔවුහු මකරාට නමස්කාර කළහ. ඔවුහු මෘගයාට නමස්කාර කරමින්, “මෘගයාට සමාන කවුරු ද? ඌට විරුද්ධව යුද්ධ කළ හැක්කේ කවරකුට දැ?” යි කීහ.


මහ විස්මිත තවත් ලකුණක් අහසේ මම දුටුවෙමි: ඒ, වසංගත හතක් රැගත් දේව දූතයින් හත් දෙනෙකි; ඒවා අවසන් ඒවා ය; මන්ද ඒවායින් දෙවියන්වහන්සේගේ උදහස සම්පූර්ණ වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්