යේසුස්වහන්සේ එය දිව ගෑ පසු, “එය නිම වියැ” යි පවසමින් හිස පහත හෙළා, තම ආත්මය අත්හළ සේක.
එළිදරව් 16:17 - සිංහල කාලීන පරිවර්තනය හත්වන දේව දූතයා තම පාත්‍රය අහසේ වැගිරවී ය. එවිට උස් කටහඬකින්, “එය නිම විණැ” යි සිංහාසනයේ සිට කියනු දේව මාලිගයෙන් මට ඇසිණි. Sinhala New Revised Version සත්වැන්නා ද තමාගේ පාත්‍රය අහසෙහි වැගිරෙව්වේ ය. එවිට, “අවසානය පැමිණ ඇතැ”යි කියන මහ හඬක් දේව මාලිගාවේ සිංහාසනයෙන් නික්මිණි. Sinhala New Revised Version 2018 සත්වැන්නා ද තමාගේ පාත්‍රය අහසෙහි වැගිරෙව්වේ ය. එවිට, “අවසානය පැමිණ ඇතැ”යි කියන මහ හඬක් දේව මාලිගාවේ සිංහාසනයෙන් නික්මිණි. Sinhala Revised Old Version සත්වෙනියාද තමාගේ පාත්‍රය ආකාශයේ වැගිරෙවුවේය; එවිට: නිමවුණේයයි කියන මහත් හඬක් දේවමාළිගාව තුළින් සිංහාසනයෙන් නික්මුණේය. |
යේසුස්වහන්සේ එය දිව ගෑ පසු, “එය නිම වියැ” යි පවසමින් හිස පහත හෙළා, තම ආත්මය අත්හළ සේක.
එසේ වූයේ, ඔබ මෙලොව සම්මත දිවි රටාව හා අකීකරුකමේ පුත්‍රයින් තුළ දැනුදු ක්‍රියා කරන දුෂ්ටාත්මය වූ ආකාශ රාජධානි අධිපතියාගේ මාර්ග අනුගමන කරමින්, ඒවා තුළ ජීවත් වූ කාලයේ ය.
මන්ද අපගේ සටන ලෙයින්-මසින් යුතු මිනිස් සතුරනට එරෙහිව නො වේ. පාලන-බලවේගයනට එරෙහිව ය; අධිපතීන්ට එරෙහිව ය; මේ අන්ධකාර ලෝක බලවේගයනට එරෙහිව ය. ආකාශ බලමණ්ඩල දුෂ්ටාත්ම සේනාවන්ට එරෙහිව ය.
හත්වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය, එවිට ස්වර්ගයේ උස් කටහඬවලින් මෙසේ පැවසිණ: “ලෝකයේ රාජධානිය අප ස්වාමින්වහන්සේගේ ද, උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේගේ ද රාජධානිය බවට පත් විය, උන්වහන්සේ සදහට ම, සදාතනයට ම රජකම් කරන සේක.”
එවිට ස්වර්ගයේ වූ දෙවියන්වහන්සේගේ මාලිගය විවර කරන ලදී. උන්වහන්සේගේ ගිවිසුම් කරඬුව දේව මාලිගය ඇතුළත පෙනෙන්නට තිබිණි. එවිට විදුලි අකුණු ද ශබ්ද රාව ද මේඝ ගර්ජනා ද පොළෝ කම්පාවක් හා මහා ගල් වර්ෂාවක් ද ඇති විය.
තවත් දේව දූතයෙක්, දේව මාලිගයෙන් පිටතට පැමිණ, වලාකුළ මත හිඳ සිටි තැනැත්තාණන්ට උස් හඬින් කතා කර, “ඔබගේ දෑකැත්ත යොදා, අස්වැන්න කපන්න; මන්ද පොළොවේ අස්වැන්න හොඳටම පැහී තිබෙන බැවින්, අස්වැන්න කපන කාලය පැමිණ ඇතැ” යි කීවේ ය.
තවත් දේව දූතයෙක් ස්වර්ගයේ දේව මාලිගයෙන් පිටතට ආවේ ය. ඔහුට ද මුවහත් දෑකැත්තක් තිබිණි.
ඉන්පසු දේව මාලිගයේ සිට උස් කටහඬකින්, දේව දූතයින් හත්දෙනා අමතා, “යන්න; දෙවියන්වහන්සේගේ උදහසේ පාත්‍ර හත පොළොව පිට වගුරන්නැ” යි කියනු මට ඇසිණි.
උන්වහන්සේ මා ඇමතූ සේක්, “ඒවා නිම කෙරිණ. මම අල්ෆා සහ ඔමෙගා වෙමි; ආරම්භය හා අවසානය වෙමි. පිපාසිතයාට මම ජීවන දිය උල්පතින් නොමිලයේ බොන්නට දෙන්නෙමි.