එළිදරව් 14:11 - සිංහල කාලීන පරිවර්තනය ඔවුන්ගේ වධ වේදනාවේ දුම සදහට ම, සදාතනයට ම උඩට නැගෙයි. මෘගයාටත්, උගේ පිළිමයටත් නමස්කාර කරන්නන් වන උගේ නමේ සලකුණ ලබන්නන්ට දිවා හෝ රැයේ හෝ නිස්කලංකයක් නො ලැබේ.” Sinhala New Revised Version ඔවුන්ගේ වේදනාව නමැති ධූමය සදහට ම නඟින්නේ ය. මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝ ද උගේ නාමයේ සලකුණ ලබන්නෝ ද දිවා රෑ දෙක්හි විවේකයක් නොලබන්නෝ ය.” Sinhala New Revised Version 2018 ඔවුන්ගේ වේදනාව නමැති ධූමය සදහට ම නඟින්නේ ය. මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝ ද උගේ නාමයේ සලකුණ ලබන්නෝ ද දිවා රෑ දෙක්හි විවේකයක් නොලබන්නෝ ය.” Sinhala Revised Old Version ඔවුන්ගේ වේදනාව නමැති ධූමය සදාකාලේටම නගින්නේය; මෘගයාටත් උගේ රූපයටත් නමස්කාරකරන්නෝද ඔහුගේ නාමයේ ලකුණ ලබන්නාද දිවා රෑ දෙක්හි නිවාඩු නොලබන්නෝයයි මහත් ශබ්දයකින් කීය. |
“ඉන්පසු උන්වහන්සේ තමන් වම් පස සිටින්නවුන් අමතමින්, ‘මා වෙතින් ඉවත්ව යනු, ශාප ලද්දෙනි, යක්ෂයාටත් උගේ දූතයින්ටත් පිළියෙලව ඇති සදාතන ගින්නට යනු.
“මෙසේ ඔවුහු සදාතන දඬුවමට යති. එහෙත්, ධර්මිෂ්ඨයෝ සදාතන ජීවනයට යන්නෝ යැ” යි පැවසූ සේක.
එහෙත් පුත්‍රයාණන් ගැන උන්වහන්සේ කියන්නේ, “අහෝ දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාතනික ය, සදහට ම ය; ධර්මිෂ්ඨත්වයේ ජයකොන්තය ය, ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය ය;
හත්වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය, එවිට ස්වර්ගයේ උස් කටහඬවලින් මෙසේ පැවසිණ: “ලෝකයේ රාජධානිය අප ස්වාමින්වහන්සේගේ ද, උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේගේ ද රාජධානිය බවට පත් විය, උන්වහන්සේ සදහට ම, සදාතනයට ම රජකම් කරන සේක.”
ඌ, පළමු මෘගයාගේ මුළු ආධිපත්‍යය ඌ ඉදිරියේ අභ්‍යාස කරමින්, මාරක තුවාලයෙන් සුවය ලැබ සිටි පළමු මෘගයාට පොළොව ද එහි වාසීන් ද නමස්කාර කරවී ය.
තවද පළමු මෘගයාගේ රූපයට කතා කරන්නට හැකි වන පිණිස හා මෘගයාගේ පිළිම රූපයට නමස්කාර නො කරන්නන් මරා දමනු ලබන පිණිස, මෘගයාගේ රූපයට පණ දෙන්නට ද ඌට බලය දෙන ලදී.
එසේ කළේ, මෘගයාගේ නාමය හෝ උගේ නමේ අංකය වන ඒ සලකුණ ඇතොත් මිස, මිලට ගැණුම් හෝ විකුණුම් හෝ කිසිවකුටත් කළ නො හැකි වන පිණිස ය.
තුන් වන දේව දූතයෙක් ද ඔවුන් අනුව යමින්, උස් හඬින්, “යමෙක් මෘගයාටත්, උගේ රූපයටත් නමස්කාර කරයි නම්, තම නළලේ හෝ අතේ හෝ උගේ සලකුණ ලබයි නම්,
“ඇය හා පරදාර සේවනයේ ගැලුණු, ඇය සමඟ සුඛ විහරණයෙන් විසූ පොළොවේ රජවරු ඇය දැවෙන ගින්නේ දුම දකින කල, ඇය ගැන හඬනු ඇත; වැලපෙනු ඇත.
ඔවුන් මුළා කළ යක්ෂයා වනාහි මෘගයා හා බොරු දිවැසිවරයා ද සිටින ඇවිළෙන ගෙන්දගම් හා ගිනි විලට හෙළා දමනු ලැබිණි. සදහට ම, සදාතනිකව දිවා රෑ දෙක්හි ඔවුන් වධයට පත් කෙරේ.
රාත්‍රියක් තවත් එහි නො වන්නේ ය. ඔවුනට පහනක එළියක් හෝ සූර්යාලෝකය අවශ්‍ය නැත. මන්ද ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ ඔවුන්ගේ එළිය වන සේක. ඔවුන් සදහට, සදාතනිකව රජකම් කරනු ඇත.
මෙසේ කීහ: “ආමෙන්! ප්‍රශංසාව හා මහිමයත්, ප්‍රඥාව හා ස්තූතියත්, ගෞරවයත්, බලය හා පරාක්‍රමයත්, සදහට ම, සදාතනිකව ම අපේ දෙවියන්වහන්සේටම වේවා. ආමෙන්!”