යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ගොසින් ඒ හිවලාට කියන්න, මා අදත්, හෙටත් යක්ෂාත්ම දුරු කර, සුව කිරීම් ඉටුකර, තුන් වන දවසේ මගේ අරමුණ වෙත ළඟා වන බව.
එළිදරව් 11:7 - සිංහල කාලීන පරිවර්තනය ඔවුන් තම සාක්ෂිය නිම කළ විට, පතුලක් රහිත අගාධයෙන් නැගී එන මෘගයා ඔවුන් හා යුද්ධ කර, ඔවුන්ගෙන් ජය ගෙන, ඔවුන් මරා දමනු ඇත. Sinhala New Revised Version ඔවුන් තමන්ගේ සාක්ෂිය නිම කළ විට පාතාලයෙන් නැඟී එන මෘගයා ඔවුන්ට විරුද්ධ ව සටන් කොට, ඔවුන් පරාජය කර මරාදමන්නේ ය. Sinhala New Revised Version 2018 ඔවුන් තමන්ගේ සාක්ෂිය නිම කළ විට පාතාලයෙන් නැඟී එන මෘගයා ඔවුන්ට විරුද්ධ ව සටන් කොට, ඔවුන් පරාජය කර මරාදමන්නේ ය. Sinhala Revised Old Version ඔවුන් තමුන්ගේ සාක්ෂිය නිමකළ විට පාතාලයෙන් නැගී එන මෘගයා ඔවුන්ට විරුද්ධව යුද්ධකොට, ඔවුන්ගෙන් ජයගෙන ඔවුන් මරන්නේය. |
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ගොසින් ඒ හිවලාට කියන්න, මා අදත්, හෙටත් යක්ෂාත්ම දුරු කර, සුව කිරීම් ඉටුකර, තුන් වන දවසේ මගේ අරමුණ වෙත ළඟා වන බව.
යේසුස්වහන්සේ එය දිව ගෑ පසු, “එය නිම වියැ” යි පවසමින් හිස පහත හෙළා, තම ආත්මය අත්හළ සේක.
කෙසේ වෙතත් මා දුවන මේ තරඟ දිවුම නිම කිරීමත්, යේසුස් ස්වාමින්වහන්සේ මට දුන් කාර්ය භාරය වන දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ශුභාරංචිය ගැන සාක්ෂි දැරීම සම්පූර්ණ කිරීමත් මිස, මගේ ජීවිතය මට වටනේයයි මම නො සිතමි.
තවද මම මාගේ සාක්ෂිකරුවන් දෙදෙනාට බලය දෙන්නෙමි. එවිට ඔවුන් ගෝණි පඩංගු හැඳ, එක්දහස් දෙසියහැට දවසක් දිවැසි වැකි පවසනු ඇතැ” යි මට කියන ලදී.
එවිට මකරා, ස්ත්‍රී කෙරේ කුපිතව, දෙවියන්වහන්සේගේ නියෝග පිළිපදින, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන ඇගේ වංශයේ ඉතිරි අය හා යුද්ධ කරන්නට ගියේ ය.
ඉන්පසු තවත් මෘගයකු පොළොවෙන් මතු වී එනු මම දුටිමි. බැටළු පැටවකුගේ වැනි අං දෙකක් ඌට තිබිණ. එහෙත් ඌ මකරකු මෙන් කතා කළේ ය.
ශුද්ධවතුනට එරෙහිව යුද්ධ කිරීමට හා ඔවුන් පරාජය කිරීමට මෘගයාට බලය දෙන ලදී. තවද ගෝත්‍ර, ජනයා, භාෂා හා ජාතීන් යන හැමට ඉහළින් ඌට ආධිපත්‍යය දෙන ලදී.