Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එළිදරව් 11:6 - සිංහල කාලීන පරිවර්තනය

6 තමන් දිවැස් වැකි පවසන කාලය තුළ වැසි නො වසින ලෙස අහස පියවන්නට මොවුන්ට බලය ඇත. තවද ජලය ලෙයට හැරවීමටත්, තමන් කැමති හැම විටෙක කවර අයුරක වුව වසංගතයකින් පොළොවට පහර දීමටත් බලය ඔවුනට ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 තමන් දිවැස් වැකි පවසන කාලයේ දී වැසි නොවසින ලෙස අහස් තලය වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත්, සියලු වසංගතවලින් පොළොවට කැමැති විටක පහර දීමටත් ඔවුන්ට බලය ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 තමන් දිවැස් වැකි පවසන කාලයේ දී වැසි නොවසින ලෙස අහස් තලය වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත්, සියලු වසංගතවලින් පොළොවට කැමැති විටක පහර දීමටත් ඔවුන්ට බලය ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 තමුන්ගේ අනාගතවාක්‍යයේ දවස්වලදී වැසි නොවසින ලෙස අහස්තලය පියන්ට මොවුන්ට බලය තිබේ. වතුර කෙරෙහි කැමති විටක වතුර ලේ කරන්ටත් සියලු පීඩාවලින් පොළොවට පහරදෙන්ටත් ඔවුන්ට බලය තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 11:6
11 හුවමාරු යොමු  

සත්‍යය මෙයයි, එලියාගේ කාලයේ තුන් අවුරුදු හය මසක් අහස වසනු ලැබ දේශය මුළුල්ලේ දැඩි සාගතයක් පැවති කල, ඉශ්‍රායෙලයේ කොතෙකුත් වැන්දඹුවන් සිටියත්,


තවද මම මාගේ සාක්ෂිකරුවන් දෙදෙනාට බලය දෙන්නෙමි. එවිට ඔවුන් ගෝණි පඩංගු හැඳ, එක්දහස් දෙසියහැට දවසක් දිවැසි වැකි පවසනු ඇතැ” යි මට කියන ලදී.


දෙවන දේව දූතයා තම පාත්‍රය මුහුද පිට වැගිරවී ය. එවිට එය මළ මිනියක ලේ මෙන් විය. මුහුදේ වූ පණ ඇති සියල්ල මළහ.


තුන් වන දේව දූතයා තම පාත්‍රය ගංගා හා ජල උල්පත් පිට වැගිරවී ය; ඒවා ලෙයට හැරිණ.


දෙවන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට ගිනි ඇවිළෙන යෝධ කන්දක් වැනි යමක් මුහුදට හෙළනු ලැබී ය. මුහුදින් තුනෙන් එකක් ලෙයට හැරිණ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්