එම්බා කපර්ණවුම, නුඹ ස්වර්ගය දක්වා උසස් කරනු ලැබේ ද? නැත! නුඹ පාතාලය දක්වා පහත් කරනු ලබනු ඇත. නුඹ තුළ සිදු කළ බලවත් ක්‍රියා සොදොම් තුළ කරන ලද්දේ වී නම්, එය අද දක්වාමත් පවතින්ට තිබිණි.
එළිදරව් 1:18 - සිංහල කාලීන පරිවර්තනය ජීවමාන තැනැත්තාණන් මමයි; මම මැරුණෙමි, එහෙත් මෙන්න, මම සදහට ම ජීවත්ව සිටිමි! තවද මරණයේ හා පාතාලයේ යතුරු ඇත්තේ මා ළඟයි. Sinhala New Revised Version ජීවමාන තැනැත්තා ය. මම මැරුණෙමි; එහෙත් බලන්න, මම සදහට ම ජීවත් ව සිටිමි. මරණයේ ද පාතාල ලෝකයේ ද යතුරු මට ඇත. Sinhala New Revised Version 2018 ජීවමාන තැනැත්තා ය. මම මැරුණෙමි; එහෙත් බලන්න, මම සදහට ම ජීවත් ව සිටිමි. මරණයේ ද පාතාල ලෝකයේ ද යතුරු මට ඇත. Sinhala Revised Old Version ජීවමානවූ තැනැත්තාය; මම මැරුණෙමි, නුමුත් බලව, මම දැන් සදාකාලේටම ජීවත්ව සිටිමි, මරණයේද පාතාලයේද යතුරු මට ඇත්තේය. |
එම්බා කපර්ණවුම, නුඹ ස්වර්ගය දක්වා උසස් කරනු ලැබේ ද? නැත! නුඹ පාතාලය දක්වා පහත් කරනු ලබනු ඇත. නුඹ තුළ සිදු කළ බලවත් ක්‍රියා සොදොම් තුළ කරන ලද්දේ වී නම්, එය අද දක්වාමත් පවතින්ට තිබිණි.
ස්වර්ග රාජ්‍යයේ යතුරු මම ඔබට දෙන්නෙමි; පොළොවේදී ඔබ යමක් බඳින්නේ ද, ස්වර්ගයේදී එය බඳිනු ලැබේ; පොළොවේදී ඔබ යමක් මුදන්නේ ද, ස්වර්ගයේදී එය මුදනු ලැබේ යැ” යි පැවසූ සේක.
ඉන් බය වූ ඔවුන් තම මුහුණු බිමට නමාගනිද්දී, ඔවුන් ඇමතූ ඒ මිනිස්සු, “නුඹලා මළවුන් අතර ජීවතුන් සොයන්නේ මොකද?
යේසුස්වහන්සේ ඇය අමතමින්, “මරණින් නැගිටීමත්, ජීවනයත් මම ය. මා තුළ විශ්වාස කරන්නා මැරුණත් ජීවත් වන්නේ ය.
තව ටිකකට පසු, ලෝකයා තවත් මා දකින්නේ නැත. එහෙත් ඔබ මා දකිනු ඇත. මන්ද මා ජීවත් වන නිසා, ඔබත් ජීවත්වනු ඇත.
ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබ සිටින බැවින්, කිසි කල යළි මැරෙන්නේ නැති වග අපි දනිමු. මරණයට තවදුරටත් උන්වහන්සේ කෙරේ බලයක් නැත.
මන්ද උන්වහන්සේ දුබලතාවෙන් යුතුව කුරුසිපත් කරන ලද නමුදු, දෙවියන්වහන්සේගේ බලයෙන් ජීවත් වන සේක. එලෙස අපත්, උන්වහන්සේ තුළ දුර්වල වුව ද, උන්වහන්සේ සමඟ දෙවියන්වහන්සේගේ බලයෙන් යුතුව ඔබ උදෙසා ජීවත් වන්නෙමු.
ක්‍රිස්තුස්වහන්සේ සමඟ මම කුරුසිපත් කරනු ලදිමි. තවදුරටත් ජීවත් වන්නේ මා නො වේ. ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත් වන සේක. දැන් මාංසයේ වෙසෙමින් මා ගෙවන මේ ජීවිතය මා ජීවත් වන්නේ, මට ප්‍රේම කළ, මා උදෙසා තමන්ම පූජා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ ඇදහිල්ලෙනි,
උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ තේජාලංකාරයේ ප්‍රභාවය ද උන්වහන්සේගේ යථා ස්වභා-ස්වරූපය ද වන සේක්, තම බලගතු වචනයෙන් විශ්වයම දරා සිටින සේක. පාප ශෝධනය කළ පසු, උන්වහන්සේ ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ දකුණු පස අසුන් ගත් සේක.
අපගේ ඇදහිල්ලේ ආරම්භකයාණන් හා පරිසමාප්තකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඇස ගසාගෙන, වීර්යයෙන්ම දුවමු. උන්වහන්සේ තමන් අබියස පිළියෙලව තිබූ ප්‍රීතිය නිසා, අවමානය අවඥාවෙන් සලකා, කුරුසිය ඉසිලූ සේක්, දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳවනු ලැබූ සේක.
එනම්, ශාරීරික පෙළපත්වලට අදාළ නීතිමය නියමයන් පදනම් කොට නො ව, විනාශ කරන්නට බැරි ජීවිතයක බලය මඟින් පූජකවරයට පත් වූ කෙනකු නැගුටුණු කල්හි ය.
එබැවින්, උන්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ වෙත ළඟාවන්නන් සම්පූර්ණයෙන්, සදාතනිකව ගලවන්නට උන්වහන්සේ පොහොසත් ය. මන්ද ඔවුන් උදෙසා මැදිහත් වන්නට උන්වහන්සේ නිබඳවම ජීවත් වන සේක.
ස්වර්ගය හා එහි ඇති සියල්ලත්, පොළොව හා එහි ඇති සියල්ලත්, මුහුද හා එහි ඇති සියල්ලත් මැවූ, සදාතනයෙන් සදාතනයට ජීවත් වන තැනැන්වහන්සේ නමින් දිවුරමින්, “තවත් පමා වන්නේ නැත කියා ද
එවිට ජීවමාන සත්වයින් හතර දෙනාගෙන් කෙනෙක්, සදාතනයෙන් සදාතනයට ජීවත් වන දෙවියන්වහන්සේගේ උදහසින් පිරුණු රන් පාත්‍ර හතක් දේව දූතයින් හත් දෙනාට දුන්නේ ය.
“ස්මර්ණා සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “පළමු වැන්නා ද අන්තිමයා ද වූ මැරුණු නමුදු යළි ජීවනයට පැමිණි තැනැත්තාණන්ගේ වචන මෙසේ ය.
මුහුද, එහි වූ මළවුන් බාර දුනි. මරණය හා පාතාලය ද ඒවායේ වූ මළවුන් බාර දුනි. එකිනෙකා කර තිබූ දෑ අනුව හැම කෙනෙක්ම විනිශ්චය කරන ලදහ.
“පිලදෙල්පියා සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “දාවිත්ගේ යතුර ඇති, කිසිවකුටත් වැසිය නො හැකි සේ විවර කරන, කිසිවකුටත් විවර කළ නො හැකි සේ වසා දමන ශුද්ධවූත්, සත්‍යවූත් තැනැත්තාණන්ගේ වචන මෙසේ ය.
සිංහාසනයේ හිඳිනා, සදහට ම, සදාතනිකව ජීවත් වන තැනැන්වහන්සේට ජීවමාන සත්වයින් මහිමය ද ගෞරවය ද ස්තුතිය ද දෙන කවර විටෙක වුව,
මා බැලූ කල, මෙන්න! සුදුමැලි අශ්වයෙක්; අසරුවාගේ නම මරණය ය. හේදිසිය, ඔහු පස්සේ ගියේ ය. කඩුවෙන්, සාගතයෙන්, වසංගතයෙන් හා පොළොවේ වන මෘගයින් මඟින් පොළොවෙන් හතරෙන් එකක් මරා දමන්නට ඔවුනට බලය දෙන ලදී.
පස් වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට අහසින් පොළොවට වැටී තිබූ තරුවක් මම දුටිමි. ඔහුට පතුලක් රහිත අගාධ වළේ යතුර දෙන ලදී.