Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 10:6 - සිංහල කාලීන පරිවර්තනය

6 ස්වර්ගය හා එහි ඇති සියල්ලත්, පොළොව හා එහි ඇති සියල්ලත්, මුහුද හා එහි ඇති සියල්ලත් මැවූ, සදාතනයෙන් සදාතනයට ජීවත් වන තැනැන්වහන්සේ නමින් දිවුරමින්, “තවත් පමා වන්නේ නැත කියා ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 සදහට ම ජීවත් වන, ස්වර්ගයත් එහි ඇති දේත්, පොළොවත් එහි ඇති දේත්, මුහුදත් එහි ඇති දේත් මවා වදාළ තැනැන් වහන්සේගේ නාමයෙන් දිවුරමින් මෙසේ කී ය: “තවත් පමා වීමක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 සදහට ම ජීවත් වන, ස්වර්ගයත් එහි ඇති දේත්, පොළොවත් එහි ඇති දේත්, මුහුදත් එහි ඇති දේත් මවා වදාළ තැනැන් වහන්සේගේ නාමයෙන් දිවුරමින් මෙසේ කී ය: “තවත් පමා වීමක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 සදාකාලේටම ජීවත්වන්නාවූ, සවර්ගයත් එහි තිබෙන දේත් පොළොවත් එහි තිබෙන දේත්, මුහුදත් එහි තිබෙන දේත් මැවුවාවූ තැනන්වහන්සේ ගැන දිවුරනුයේ, තවත් කල් නැත කියාද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 10:6
14 හුවමාරු යොමු  

“අපගේ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, මහිමයත්, ගෞරවයත්, බලයත්, ලබන්ට වටින්නේ ඔබවහන්සේ ය. මන්ද ඔබ සියලු දේ මැවූ සේක. ඒවා පවතින්නේත්, ඒවා මවන ලද්දේත් ඔබගේ කැමැත්තෙනි” යි පවසති.


හත්වන දේව දූතයා තම පාත්‍රය අහසේ වැගිරවී ය. එවිට උස් කටහඬකින්, “එය නිම විණැ” යි සිංහාසනයේ සිට කියනු දේව මාලිගයෙන් මට ඇසිණි.


සිංහාසනයේ හිඳිනා, සදහට ම, සදාතනිකව ජීවත් වන තැනැන්වහන්සේට ජීවමාන සත්වයින් මහිමය ද ගෞරවය ද ස්තුතිය ද දෙන කවර විටෙක වුව,


ජීවමාන තැනැත්තාණන් මමයි; මම මැරුණෙමි, එහෙත් මෙන්න, මම සදහට ම ජීවත්ව සිටිමි! තවද මරණයේ හා පාතාලයේ යතුරු ඇත්තේ මා ළඟයි.


වැඩිමහල්ලෝ විසිහතර දෙනා සිංහාසනයේ හිඳින තැනැන්වහන්සේ අබියස වැඳ වැටී, සදහට ම, සදාතනිකව ජීවත් වන තැනැන්වහන්සේට නමස්කාර කරති. ඔවුහු තම ඔටුනු සිංහාසනය අබියස හෙළා,


එවිට ඔවුන් එකිනෙකාට සුදු ලෝගුව බැගින් දෙන ලදී. තවද ඔවුන් මරනු ලැබූ ලෙසම, මරනු ලබන්නට සිටින ඔවුන්ගේ හවුල් සේවකයින්ගේත්, සහෝදරයින්ගේත් ගණන සම්පූර්ණ කරන තෙක්, තව ටික කලක් විවේක ගන්නැයි ඔවුනට කියන ලදී.


එබැවින් එම්බා ස්වර්ගයෙනි, ඒවායේ වෙසෙන සියල්ලෙනි, ප්‍රීතිවන්න. එහෙත්, එම්බා පොළොව හා මුහුද, නුඹලාට දුක් වේ! මන්ද යක්ෂයා මහා උදහසකින්, නුඹලා වෙත බැස ඇවිදින් ය. මන්ද තමාගේ කාලය කෙටි වග ඌ දන්නා බැවිනි.”


උන්වහන්සේ මා ඇමතූ සේක්, “ඒවා නිම කෙරිණ. මම අල්ෆා සහ ඔමෙගා වෙමි; ආරම්භය හා අවසානය වෙමි. පිපාසිතයාට මම ජීවන දිය උල්පතින් නොමිලයේ බොන්නට දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්