ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 පේත්‍රැස් 2:3 - සිංහල කාලීන පරිවර්තනය

මෙම ගුරුන් මුදලට තණ්හාවෙන්, තමන්ම ගෙතූ කතා මඟින් තම වාසිය සඳහා ඔබ වෙළඳාමක් කර ගනු ඇත. ඔවුන්ගේ වරදට හිමි දණ්ඩනය ඈත අතීතයේ සිටම සූදානම්ව පවතී. ඔවුන්ගේ විනාශය නිදා ගන්නේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තණ්හාව නිසා ඔවුන් වංචා වචනවලින් නුඹලා වෙළඳාමක් කරගන්නවා ඇත. පුරාණයේ සිට පවතින ඔවුන්ගේ විනිශ්චය ප්‍රමාද නොවන්නේය, ඔවුන්ගේ විනාශයද නිදා නොගනියි.

පරිච්ඡේදය බලන්න



2 පේත්‍රැස් 2:3
43 හුවමාරු යොමු  

දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! වැන්දඹුවන්ගේ ගෙවල් කා දමන නුඹලා, දීර්ඝ ව්‍යාජ යාච්ඤා පවසති. එබැවින් නුඹලාට ලැබෙන දඬුවම වඩාත් බරපතළ ය.


මා ඔබට කියන්නේ, උන්වහන්සේ ඉක්මනින් ඔවුන්ට යුක්තිය ඉටු කරන බවයි. කෙසේ වෙතත්, මනුෂ්‍ය පුත්‍රයාණන් යළි පැමිණෙන කල, උන්වහන්සේට මිහි පිට ඇදහිල්ල සම්භ වේ දැ?” යි පැවසූ සේක.


එබැවින් ඔවුහු විපරමින් සිට, අවංකයින් සේ පෙන්නුම් කළ ඔත්තුකරුවන් උන්වහන්සේ වෙත යැවූහ. එසේ කළේ, කට වචනයෙන් උන්වහන්සේ කොටු කර, ආණ්ඩුකාරයාගේ බලාධිකාරියට ද ආධිපත්‍යයට ද උන්වහන්සේ බාර දෙන අදහසින් ය.


උන්වහන්සේ එසේ කියද්දී, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් නම් මිනිසා පෙරමුණ ගත් සමූහයක් එහි ආහ. යේසුස්වහන්සේ සිපගන්නා පිණිස ඔහු උන්වහන්සේට ළං වූයේ ය.


පරෙවි වෙළඳුන් වෙත හැරුණු උන්වහන්සේ, “මේවා මෙතැනින් අරන් පලයල්ලා. මා පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් කිරීම නවතපල්ලා” යි කී සේක.


එවැනි පුද්ගලයින් සේවය කරන්නේ ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නො ව, තමන්ගේම උදරයට ය. ඔවුහු ප්‍රිය තෙපුලින් හා ඉච්චා බසින් අවංකයින් මුළා කරති.


මන්ද දෙවියන්වහන්සේ විසින් යවන ලද අවංක මිනිසුන් හැටියට, දෙවියන්වහන්සේ ඉදිරියේ ක්‍රිස්තුස්වහන්සේ තුළ කතා කරන්නන් විනා, අන් බොහෝ දෙනකු මෙන් අප දෙවියන්වහන්සේගේ වචනය ලාභ ලබන වෙළඳ බඩුවක් කරගෙන නැත.


අප කිසි විටෙක චාටු බස් නො දෙඩූ වග ඔබ දන්නහු ය. තණ්හාව වසාගැනීමේ උපායක් ද අප නො කළ බවට අපේ සාක්ෂිය දෙවියන්වහන්සේම ය.


දැන් සාමකාමී ය, සුරක්ෂිතයයි මිනිසුන් කියන කල, ගැබිණියකට ප්‍රසව වේදනා හටගන්නා සේ හදිසියේම විනාශය ඔවුන් කරා පැමිණෙනු ඇත. ඔවුන් එයින් කිසි සේත් ගැලවෙන්නේ නැත.


ඔහු, බේබද්දකු නො වූ, බලහත්කාරයෙන් තොර, මෘදුගුණැති, කලහකරුවකු නො වූ, මුදලට කෑදර නැති කෙනකු විය යුතු ය.


එසේම, උපස්ථායකයින් ද ගරුත්වයෙන් යුත්, දිව දෙකේ කතා නැති, බොහෝ මිදි යුෂවලට ඇලුම් නො වූ, අයුතු ලාභයට ගිජු නො වූවන් විය යුතු ය.


භක්තිවන්තකම ලාභ ඉපැයීමේ මාර්ගයකැයි සිතන, සත්‍යයෙන් ගිලිහී ගියාවූත්, මනස් දූෂිතවූත් මිනිසුන් අතර නිරන්තර අඩ දබරවලට ද මඟ පෑදෙයි.


නිර්ලජ්ජිත වාසි ලබන පිණිස, නූගැන්විය යුතු දේ උගන්වමින්, ඔවුන් පවුල් පිටින් විනාශයට යොමු කරවන බැවින්, ඔවුන්ගේ කට පියවිය යුතුව ඇත.


සභා නායකයා, දෙවියන්වහන්සේගේ කළමනාකරුවකු හෙයින් දෝෂ රහිත කෙනකු විය යුතු ය. ඔහු අහංකාර නො වූ, වහා නො කිපෙන්නා වූ, බේබද්දකු නො වූ, කලහකරුවකු නො වූ, වාසියට ගිජු නො වූ කෙනකු විය යුතු අතර,


තවද එය, “පැකිළවීමේ ගලකි, බාධාවේ පර්වතයකි.” ඔවුහු වචනයට අකීකරුව පැකිළෙති. ඒ, ඔවුනට නියමව ඇති පරිදි ය.


විශ්වාසී භාරකරුවන් සේ සේවය කරමින්, ඔබ භාරයේ වෙසෙන දෙවියන්වහන්සේගේ බැටළු රැළ රැක-බලාගන්න; එය කළ යුත්තේ බලකිරීමක් නිසා නො ව, දෙවියන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන පරිදි ස්ව-කැමැත්තෙනි; ලජ්ජා සහගත වාසියකට නො ව, සේවයට ලැදියාවෙනි;


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ බලයත්, පැමිණීමත් ගැන අප ඔබට පැවසූ කල, අප එසේ කළේ ප්‍රයෝගයෙන් ගෙතූ ප්‍රබන්ධ අනුව නො වේ. උන්වහන්සේගේ මහිමශ්‍රීය ඇසින් දුටු සාක්ෂිකරුවෝ අපම ය.


එකල ජනතාව අතරේ බොරු දිවැසිවරුන් වූ සේ ම ඔබ අතරේ ද බොරු ගුරුන් ඇති වන්නේ ය. මෙම බොරු ගුරුවරු තමන්ව මිලදී ගත් ස්වාමියාණන් පවා ප්‍රතික්ෂේප කරමින්, තමන් පිට සීඝ්‍ර විනාශයක් පමුණුවා ගනිමින්, විනාශකාරී මිථ්‍යා-ධර්ම හොර රහසේම හඳුන්වා දෙති.


දේව භක්තිකයින් පරීක්ෂාවන්ගෙන් ගලවන්නේ කෙසේ ද යන්නත්, විනිශ්චය දවස දක්වා අදමිටුවන් ඔවුන්ගේ දඬුවම් යටතේ දිගටම තබා ගන්නේ කෙසේ ද යන්නත් ස්වාමින්වහන්සේ දන්නා සේක.


ඔවුන්ට වන විපතක මහත! මන්ද කායින්ගේ මාර්ගයේ ගමන් ගන්නා ඔවුහු, වාසියට ගිජුව බාලාම්ගේ වරදේ අතරමංව, කෝරාගේ කැරැල්ලේදී විනාශ වූහ.


සියල්ලන්ටම විනිශ්චය තීන්දු කිරීමටත්, සියල්ලන්, ඒ සා අභක්තික මාර්ගවලින් කරන ලද සියලු අභක්තික ක්‍රියා ගැන හා උන්වහන්සේට එරෙහිව අභක්තික පව්කරුවන් පවසන ලද සියලු රළු කියුම් ගැන ඔවුන් වරදකරුවන් කිරීමටත් ය.”


මොවුහු මැසිවිලි නගන්නෝ ය; කොඳුරන්නෝ ය; තමන්ගේ දුෂ්ට තෘෂ්ණා අනුව යන්නෝ ය; මොවුහු තම වාසිය තකා පක්ෂවාදී, වාචාල පුරසාරම්කරුවෝ ය.


මන්ද ඈත අතීතයේදී, මේ දඬුවමට නියම කරනු ලැබූ ඇතැම් දෙනෙක් හොර රහසේ ඔබ අතරට රිංගාගෙන සිටින බැවිනි. අභක්තිකයින් වූ ඔවුහු අපගේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය, දුරාචාරය සඳහා වූ බලපත්‍රයකට හරවාගෙන, අපගේ එකම ස්වාමියාණන් ද පරමාධිපතියාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රතික්ෂේප කරති.


එලෙසම, සොදොම හා ගොමොරාව හා ඒ අවට නගර ලිංගික දුරාචාරයටත්, විකෘති තෘෂ්ණාවනටත් තමන්ම පාවා දී, සදාතන ගින්නේ දඬුවම විඳිමින් ආදර්ශයක් වී සිටිති.