දාවිත් ම ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් කතා කරමින්, “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පයට යටත් කරන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ මා ස්වාමින්වහන්සේට කී සේකැ” යි ප්‍රකාශ කර ඇත.
2 පේත්‍රැස් 1:21 - සිංහල කාලීන පරිවර්තනය මන්ද යම් දිවැස්වැකියක් කොහෙත්ම මිනිසාගේ හිතු මනාපයට උත්පාද නො වේ. ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පොලඹවනු ලැබූ කල මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේගෙන් ලැබුණු වචන කතා කළහ. Sinhala New Revised Version මන්ද කිසි ම දිවැස් වැකියක් කිසි කලෙක මනුෂ්‍ය ප්‍රයත්නයකින් ඇති නො වී ය. මනුෂ්‍යයෝ ශුද්ධාත්මානුභාවයෙන් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගේ වචනය කතා කළහ. Sinhala New Revised Version 2018 මන්ද කිසි ම දිවැස් වැකියක් කිසි කලෙක මනුෂ්‍ය ප්‍රයත්නයකින් ඇති නො වී ය. මනුෂ්‍යයෝ ශුද්ධාත්මානුභාවයෙන් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගේ වචනය කතා කළහ. Sinhala Revised Old Version මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය. |
දාවිත් ම ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් කතා කරමින්, “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පයට යටත් කරන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ මා ස්වාමින්වහන්සේට කී සේකැ” යි ප්‍රකාශ කර ඇත.
“සහෝදරවරුනි, යේසුස්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟපෙන්වූ යූදස් ගැන ශුද්ධාත්මයාණන්වහන්සේ ඉහතදී දාවිත්ගේ මුවින් පැවසූ ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතුව තිබුණි.
එබැවින් ඔවුහු එතැනින් බැහැරව ගියේ ඔවුනොවුන් අතරේ මත භේද ඇතිව ය. ඔවුන් පිට වී යන්නට පෙර පාවුල් මෙසේ ප්‍රකාශ කළේ ය: “දිවැසිවර යෙසායා මඟින් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ පියවරුන්ට පැවසූ දේ කොතරම් මනාද! ඒ මෙසේයි:
එනමුත් ස්වකීය සියලු දිවැසිවරුන්ගේ මුවින් දෙවියන්වහන්සේ පෙර පවසන ලද පරිදි, උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ දුක් පීඩා විඳිය යුතු ය යන අනාවැකිය උන්වහන්සේ සම්පූර්ණ කළේ එලෙසයි.
ශුද්ධාත්මයාණන්වහන්සේ මෙමඟින් අඟවන්නේ ඒ පළමු ස්ථානය පවතින තුරු ශුද්ධස්ථානයට මාර්ගය තවමත් විවෘත නැති බවයි.
ඔවුන් තුළ වූ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේගේ වධ විඳීම් හා ඉන්පසුව සිදුවන තේජස ගැන කලින් සාක්ෂි දුන් කල, පෙන්නුම් කළේ කවරකු ගැන ද, කවර කාලයක් ගැනදැයි විපරම් කරමිනි.
එකල ඔහුට නමස්කාර කරන්නට මම ඔහුගේ පාමුල වැටුණෙමි. එහෙත් ඔහු, “එසේ නො කරනු! ඔබත්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන ඔබේ සහෝදරයිනුත් සමඟ මා හවුල් සේවකයෙක්. දෙවියන්වහන්සේට නමස්කාර කරනු! මන්ද යේසුස්වහන්සේගේ සාක්ෂිය, දිවැස්වැකිවල ආත්මය යැ” යි පැවසී ය.