Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 1:16 - සිංහල කාලීන පරිවර්තනය

16 “සහෝදරවරුනි, යේසුස්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟපෙන්වූ යූදස් ගැන ශුද්ධාත්මයාණන්වහන්සේ ඉහතදී දාවිත්ගේ මුවින් පැවසූ ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතුව තිබුණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 “සහෝදරවරුනි, ජේසුස් වහන්සේ අල්ලාගත් අයට මඟ පෙන්වා දුන් ජූදස් ගැන ශුද්ධාත්මයාණන් වහන්සේ දාවිත්ගේ මුඛයෙන් ප්‍රකාශ කළ ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ විය යුතු ව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 “සහෝදරවරුනි, ජේසුස් වහන්සේ අල්ලාගත් අයට මඟ පෙන්වා දුන් ජූදස් ගැන ශුද්ධාත්මයාණන් වහන්සේ දාවිත්ගේ මුඛයෙන් ප්‍රකාශ කළ ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ විය යුතු ව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 සහෝදරයෙනි, යේසුස්වහන්සේ ඇල්ලූ අයට මගපෙන්නුවාවූ යූදස් ගැන ශුද්ධාත්මයාණන්වහන්සේ දාවිත්ගේ මුඛයෙන් පෙර කීවාවූ වාක්‍යය සම්පූර්ණවෙන්ට ඕනෑව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 1:16
38 හුවමාරු යොමු  

“මා කතා කරන්නේ ඔබ හැම කෙනකු ගැන නො වෙයි. මා තෝරාගත් අය කවුරුදැයි මා දන්නවා. එනමුත් ‘මා හා එක පතේ කෑ තැනැත්තා මට ද්‍රෝහී වී යැ’ යි ලියා ඇති ශුද්ධ ලියවිල්ල සැබෑ විය යුතුයි.


“මන්ද, ගීතාවලිය පොතේ ඒ ගැන සඳහන් වන්නේ මෙසේ ය: “ ‘ඔහුගේ වාසස්ථානය පාළුවට ඇරේවා; එහි වාසයට කිසිවකු නො සිටීවා,’ හා “ ‘ඔහුගේ තනතුර වෙනකෙකු ගනිත්වා.’


සැබවින් ම මේ හැම එකක්ම සිදු වූයේ දිවැසිවරුන්ගේ ලියවිලි ඉටු වන පිණිස යැ” යි කී සේක. එවිට උන්වහන්සේගේ ගෝලයෝ හැම උන්වහන්සේ අත්හැර පලා ගියහ.


එසේ කළහොත් විය යුතු යයි කියැවෙන ශුද්ධ ලියවිලි පාඨ ඉටු වන්නේ කෙසේ දැ?” යි පැවසූ සේක.


උන්වහන්සේ කතා කරද්දීම, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් එහි ළඟා වූයේ, නායක පූජකයින් හා ජනයාගේ වැඩිහිටියන් විසින් එවනු ලැබූ, කඩු මුගුරු රැගත් මහා පිරිසක් ද සමඟ ය.


ඔවුන් තුළ වූ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේගේ වධ විඳීම් හා ඉන්පසුව සිදුවන තේජස ගැන කලින් සාක්ෂි දුන් කල, පෙන්නුම් කළේ කවරකු ගැන ද, කවර කාලයක් ගැනදැයි විපරම් කරමිනි.


එකෙණෙහි උන්වහන්සේ කතා කරද්දීම, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ආවේ ය; ඔහු සමඟ කඩු මුගුරු රැගත් පිරිසක් වූහ. ඔවුහු නායක පූජකයින්, දහම් පඬිවරුන් හා වැඩිහිටියන් විසින් එවනු ලැබූවෝ වූහ.


ධර්මිෂ්ඨත්වයේ මාර්ගය දැන, තමනට භාර දුන් ශුද්ධ නියෝගයට පිටු පෑමට වඩා, එය නො දැන සිටීම ඔවුනට හොඳ ය.


මන්ත්‍රණ සභාවේ කොටසක් සද්දුසිවරුනුත්, අනෙක් කොටස පරිසිවරුනුත් බව දුටු පාවුල්, “සහෝදරවරුනි, මම පරිසියෙක්මි; පරිසිවරයකුගේම පුත්‍රයෙක්මි. ඔබ ඉදිරියේ මා මෙසේ විනිශ්චයට ලක්ව ඇත්තේ මළවුන්ගෙන් නැගිටීමේ මගේ බලාපොරොත්තුව නිසා” යි උස් හඬින් පැවසී ය.


මන්ත්‍රණ සභාව වෙත තියුණු බැල්මක් හෙළූ පාවුල්, “සහෝදරවරුනි, මේ අද දවස දක්වා දෙවියන්වහන්සේට මුළුමනින්ම නිදොස් හෘද සාක්ෂියකින් මම දිවි ගෙව්වෙමි” යි පැවසී ය.


“සහෝදරයිනි, පියවරුනි, මා නිදහසට කියන කරුණුවලට සවන් දෙන්න.”


දිගු විවාදයකින් පසු පේතෘස් ඔවුන් අමතන්නට නැගී සිටියේ ය. “සහෝදරවරුනි අන්‍ය-ජාතීන් මා මුවින් ශුභාරංචි පණිවුඩය අසා අදහා ගනු පිණිස, දෙවියන්වහන්සේ කලකට ඉහතදී ඔබ අතරින් මා තෝරාගත් හැටි ඔබ දන්නවා.


“එබැවින් මා සහෝදරයිනි, පාප කමාව ප්‍රකාශ කරනු ලබන්නේ, මෙම යේසුස්වහන්සේ මඟින් වග ඔබ දැනගත යුතුයි.


දහම් නීතියෙන් හා දිවැසිවරුන්ගෙන් කියවූ පසු, සිනගෝග නිලධාරීහු ඔවුන්ට පණිවුඩයක් එවමින්, “සහෝදරයිනි, ජනයා දිරි ගන්වන යම් උපදෙසක් ඇතොත් පවසන්නැ” යි දැන්වූහ.


ස්තේපන් මෙසේ පිළිතුරු දෙන්නට වන්නේ ය: “සහෝදරයිනි, පියවරුනි, මට සවන් දෙන්න. අප ආදි පිය වූ ආබ්‍රහම්, හාරාන්හි විසීමට පෙර, මෙසපොතාමියාවේ සිටියදී, තේජසේ දෙවියන්වහන්සේ ඔහුට පෙනී,


ඔවුන් මෙය ඇසූ කල ඔවුන්ගේ සිතට එය කා-වැදී ගියෙන්, පේතෘස් හා අනෙක් අපෝස්තුලුවරුන් ඇමතූ ඔවුහු, “සහෝදරවරුනි, කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ.


දෙවියන්වහන්සේගේ නියත සැලැස්මක් හා උන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව බාර දෙනු ලැබූ මෙම යේසුස්වහන්සේ, නුඹලා නීතියක් නැති මිනිසුන්ගේ අත්වලින් කුරුසියේ ඇණ ගසා, මරා දැමූහ.


මේ දේවල් සිදු වූයේ, “උන්වහන්සේගේ එක ඇටයකුදු බිඳිනු නො ලැබේ” යන ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වන පිණිස ය.


දෙවියන්වහන්සේගේ වචනය ලැබූ අය ගැන, ඔවුන් දෙවිවරුන් ය කියා උන්වහන්සේ හැඳින්වූවා නම් (ශුද්ධ ලියවිල්ල කඩ විය නො හැකියි.)


උන්වහන්සේ එසේ කියද්දී, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් නම් මිනිසා පෙරමුණ ගත් සමූහයක් එහි ආහ. යේසුස්වහන්සේ සිපගන්නා පිණිස ඔහු උන්වහන්සේට ළං වූයේ ය.


දාවිත් ම ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් කතා කරමින්, “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පයට යටත් කරන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ මා ස්වාමින්වහන්සේට කී සේකැ” යි ප්‍රකාශ කර ඇත.


එබැවින් ඔවුහු එතැනින් බැහැරව ගියේ ඔවුනොවුන් අතරේ මත භේද ඇතිව ය. ඔවුන් පිට වී යන්නට පෙර පාවුල් මෙසේ ප්‍රකාශ කළේ ය: “දිවැසිවර යෙසායා මඟින් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ පියවරුන්ට පැවසූ දේ කොතරම් මනාද! ඒ මෙසේයි:


තුන් දිනකට පසු පාවුල් යුදෙව් නායකයින් කැඳවා යැවී ය. ඔවුන් රැස් වූ කල ඔවුන් ඇමතූ පාවුල් “මා සහෝදරයිනි, අප ජනයාට හෝ අපේ පියවරුන්ගේ චාරිත්‍රවලට එරෙහිව මා කිසි වරදක් නො කළ නමුත් යෙරුසලමේදී මා අත්අඩංගුවට ගෙන රෝමවරුන් අතට මා පත් කරනු ලැබුවා.


ඔවුන්ගේ කතාව නිම වූ පසු, යාකොබ් සභාව අමතන්නට වන්නේ ය. “සහෝදරවරුනි, මට සවන් දෙන්න;


එකල දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ඉස්කාරියොත් නැමැත්තා නායක පූජකවරුන් වෙත ගොස්,


මා ඔවුන් සමඟ සිටියදී ඔබ මට දුන් නාමයෙන් මම ඔවුන් සුරැකීමි. මම ඔවුන් ආරක්ෂා කළෙමි. ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස, විනාශයේ පුත්‍රයා හැර, අන් කිසි කෙනකු නැති වුණේ නැත.


මන්ද යම් දිවැස්වැකියක් කොහෙත්ම මිනිසාගේ හිතු මනාපයට උත්පාද නො වේ. ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පොලඹවනු ලැබූ කල මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේගෙන් ලැබුණු වචන කතා කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්