“මෙන්න, මා තෝරාගත් මගේ සේවකයා, මාගේ ජීවය සොම්නස් කරවන, මා ප්‍රේම කරන තැනැත්තා; ඔහු පිට මම මාගේ ආත්මයාණන් තබමි. ඔහු ජාතීනට යුක්තිය ප්‍රකාශ කරනු ඇත.
2 පේත්‍රැස් 1:17 - සිංහල කාලීන පරිවර්තනය මන්ද “මාගේ ප්‍රේමණීය පුත්‍රයාණෝ මොහුයි. මොහු කෙරේ මම බොහෝ ප්‍රසාදව සිටිමි” යි කියැවුණු හඬක් මහානුභා තේජස වෙතින් පැමිණි කල උන්වහන්සේ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් ගෞරවයත්, මහිමයත් ලැබූ සේක. Sinhala New Revised Version “මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝ ය; මොහු කෙරෙහි මම ප්‍රසන්න ව සිටිමි” කියන හඬක් උත්කෘෂ්ට තේජසින් උන් වහන්සේ කරා පහළ වූ කල්හි දෙවි පියාණන් වහන්සේගේ ගෞරවයත් මහිමයත් උන් වහන්සේ ලැබූ සේක. Sinhala New Revised Version 2018 “මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝ ය; මොහු කෙරෙහි මම ප්‍රසන්න ව සිටිමි” කියන හඬක් උත්කෘෂ්ට තේජසින් උන් වහන්සේ කරා පහළ වූ කල්හි දෙවි පියාණන් වහන්සේගේ ගෞරවයත් මහිමයත් උන් වහන්සේ ලැබූ සේක. Sinhala Revised Old Version මක්නිසාද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමියි යන හඬක් උත්කෘෂ්ඨ තේජසෙන් උන්වහන්සේ කරා පහළවූ කල්හි, පියවූ දෙවියන්වහන්සේගෙන් ගෞරවයත් තේජසත් උන්වහන්සේ ලැබූසේක. |
“මෙන්න, මා තෝරාගත් මගේ සේවකයා, මාගේ ජීවය සොම්නස් කරවන, මා ප්‍රේම කරන තැනැත්තා; ඔහු පිට මම මාගේ ආත්මයාණන් තබමි. ඔහු ජාතීනට යුක්තිය ප්‍රකාශ කරනු ඇත.
ඔහු කතා කරද්දීම, මෙන්න, දීප්තිමත් වලාකුළක් ඔවුන් වසාගෙන; ඒ වලාවෙන් කටහඬක් නික්මී, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයා ය; මොහු කෙරේ මම බොහෝ ප්‍රසන්නව සිටිමි. එතුමාණන්ට සවන් දෙනු” යි කියැවිණි.
එබැවින් ගොස් සියලු ජාතීන්ගෙන් ගෝලයින් තනන්න; පියාණන්වහන්සේගේත්, පුත්‍රයාණන්වහන්සේගේත්, ශුද්ධාත්මයාණන්වහන්සේගේත් නාමයෙන් ඔවුන් බව්තීස්ම කරමින් ද
තවද, “මේ මා ප්‍රේම කරන මාගේ පුත්‍රයාණෝ ය; ඔහු සමඟ මම බෙහෙවින් ප්‍රසන්නව සිටිමි” යි පවසන හඬක් අහසින් විය.
තවද අහසින් නික්මුණු කටහඬක්, “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි; ඔබ සමඟ මා ඉතා ප්‍රසන්න යැ” යි පැවසී ය.
එවිට වලාකුළක් පැමිණ ඔවුන් වසා ගත්තේ ය: “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයා ය. එතුමාණන්ට සවන් දෙනු” යි වලාකුළින් කටහඬක් නික්ම ආයේ ය.
“මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ කවුදැයි හඳුනන්නේ නැතැ” යි පැවසූ සේක.
ශුද්ධාත්මයාණන්වහන්සේ පරෙවි වෙසින් තමා වෙත බැස ආ සේක. තවද, “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. මාගේ මහත් ප්‍රසාදය ඔබ සමඟ යැ” යි අහසින් කටහඬක් නික්මුණේ ය.
එය හරියට පියාණන්වහන්සේ මා හඳුනන පරිදි ය; මා පියාණන්වහන්සේ හඳුනන පරිදි ය. මාගේ බැටළුවන් උදෙසා මම මගේ ජීවිතය පුදමි.
‘මා දෙවියන්වහන්සේගේ පුත්‍රයා ය’ කී හේතුවෙන් පියාණන්වහන්සේ ම තෝරා වෙන් කොට ලෝකයට එවූ තැනැත්තාට ඔබ දේවාපහාස කරනවා යයි ඔබ කියන්නේ කෙසේ ද?
‘මා පියාණන්වහන්සේ තුළත්, පියාණන්වහන්සේ මා තුළත් වෙසෙන සේක’ යන මගේ කීම විශ්වාස කරන්න. අඩු වශයෙන් මා කරන ක්‍රියා නිසාවත් විශ්වාස කරන්න.
යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම ය; මා මඟින් මිස, කිසිවකු පියාණන්වහන්සේ වෙත එන්නේ නැත.
පියාණෙනි, ඔබ මා තුළත්, මා ඔබ තුළත් සිටින අයුරින් ඔවුන් ද ඒකත්වයක් වේවා යන්නයි; මා එවුවේ ඔබවහන්සේ බව ලෝකයා විශ්වාස කරන පිණිස, ඔවුන් ද අප තුළ වේවා යන්නයි;
යේසුස්වහන්සේ ඇයට කතා කොට, “මා තවමත් පියාණන්වහන්සේ වෙත නො නැංග නිසා, මට අත නො තබන්න. එනමුත් මගේ සහෝදරයින් වෙත ගොස්, ‘මම, මගේ පියාණන්වහන්සේ හා ඔබේ පියාණන්වහන්සේ වෙත, මගේ දෙවියන්වහන්සේ හා ඔබේ දෙවියන්වහන්සේ වෙත නැඟෙන්නෙමි’ යි කී වග ඔවුන්ට කියන්නැ” යි කී සේක.
පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන නිසා, තමන් කරන හැම දෙයක්ම පුත්‍රයාට පෙන්වන සේක. ඔබ මවිත කරවන මීට වඩා විශිෂ්ට දෑ මතු පෙන්වනු ඇත.
පියාණන්වහන්සේ තුළ ජීවනය ඇතිවා සේ ම, තමන් තුළ ඒ ජීවනය ඇතිව සිටීමට පුත්‍රයාණන්ට ද වර දී තිබේ.
දිරා ජරාවට යන ආහාර සඳහා නො වෙහෙසී, මනුෂ්‍ය පුත්‍රයාණන් ඔබට දෙන සදාතන ජීවනයට පවතින ආහාර සඳහා වෙහෙසෙන්න. මන්ද උන්වහන්සේ පිට පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ තම මුද්‍රාව තබා ඇතැ” යි පැවසූ සේක.
පියාණන්වහන්සේ මට දෙන සැවොම මා කරා එන්නෝ ය; මා වෙත එන කවරකු වුවත් කිසි කල මා ඉවත දමන්නේ නැත.
මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත මෙයයි; උන්වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනකුවත් නැති කර නො ගෙන, අවසන් දවසේ ඔවුන් නැගිටුවීමයි.
ඒ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේට හා පියාණන්වහන්සේට ඔබ හැම එක්ව, එක කටහඬින් මහිමය දෙන පිණිස ය.
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ ද පියාණන්වහන්සේ ද වන දයාවේ පියාණන්වහන්සේ හා සකල සැනසිල්ලේ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා.
මා බොරු නො කියන බැව් යේසුස් අප ස්වාමින්වහන්සේගේ පියාණන්වහන්සේ හා දෙවියන්වහන්සේත් වන සදහට ම ප්‍රශංසනීය තැනැන්වහන්සේ දන්නා සේක.
උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ තේජාලංකාරයේ ප්‍රභාවය ද උන්වහන්සේගේ යථා ස්වභා-ස්වරූපය ද වන සේක්, තම බලගතු වචනයෙන් විශ්වයම දරා සිටින සේක. පාප ශෝධනය කළ පසු, උන්වහන්සේ ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ දකුණු පස අසුන් ගත් සේක.
පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගෙන් හා ඒ පියාණන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් අනුග්‍රහයත්, දයාවත්, සාමයත් සත්‍යයෙන් හා ප්‍රේමයෙන් යුතුව අප සමඟ වන්නේ ය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද යාකොබ්ගේ සොහොයුරා ද වන යූද් වෙතිනි; පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ තුළ ප්‍රේමණීයයන් වීමට හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සුරක්ෂිතව තැබීමට කැඳවුම් ලද්දවුන් වෙතයි.