ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 තෙසලෝනික 2:13 - සිංහල කාලීන පරිවර්තනය

ස්වාමින්වහන්සේගේ ප්‍රේමයට පාත්‍ර වූ සහෝදරයිනි, ආත්මයාණන්වහන්සේගේ පවිත්‍ර කිරීමේ කාරිය තුළින් හා සත්‍යය ඇදහීම තුළින් ගැලවීම ලබන පිණිස, පටන්ගැන්මේ සිට දෙවියන්වහන්සේ ඔබ තෝරා ගෙන ඇති බැවින්, ඔබ ගැන දෙවියන්වහන්සේට නිබඳව ස්තුති දීම අප විසින් කළ යුත්තකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳාණන් වහන්සේගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, අප නිතර ම ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පිදිය යුතු ය. මන්ද, ආත්මයාණන් විසින් ඔබ පිරිසිදු කරනු ලැබීමත්, සත්‍යය විශ්වාස කිරීමත් කරණකොටගෙන ඔබ ගැළවෙන පිණිස, දෙවියන් වහන්සේ ආරම්භයේ සිට ම ඔබ තෝරාගත් නිසා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, අප නිතර ම ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පිදිය යුතු ය. මන්ද, ආත්මයාණන් විසින් ඔබ පිරිසිදු කරනු ලැබීමත්, සත්‍යය විශ්වාස කිරීමත් කරණකොටගෙන ඔබ ගැළවෙන පිණිස, දෙවියන් වහන්සේ ආරම්භයේ සිට ම ඔබ තෝරාගත් නිසා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත්, ස්වාමීන්වහන්සේ විසින් ප්‍රේමකරනු ලබන සහෝදරයෙනි, ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමද සැබෑව ඇදහීමද කරණකොටගෙන නුඹලා ගැළවෙන පිණිස දෙවියන්වහන්සේ පටන්ගැන්මේ සිට නුඹලා තෝරාගත් නිසා නුඹලා ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව.

පරිච්ඡේදය බලන්න



2 තෙසලෝනික 2:13
42 හුවමාරු යොමු  

අපේ සියලු දවස්වල ශුද්ධත්වයෙන් හා ධර්මිෂ්ඨත්වයෙන් යුතුව උන්වහන්සේ අබියස එසේ කළ හැකි වන පිණිස ය.


මූලාරම්භයේදී වචනයාණෝ සිටි සේක. වචනයාණෝ දෙවියන්වහන්සේ සමඟ සිටි සේක; වචනයාණෝ දෙවියන්වහන්සේව සිටි සේක;


යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම ය; මා මඟින් මිස, කිසිවකු පියාණන්වහන්සේ වෙත එන්නේ නැත.


අන්‍ය-ජාතීහු ඒ ඇසූ කල, ස්වාමින්වහන්සේගේ වචනයෙහි ප්‍රමෝද වීමටත්, ඊට ගෞරව මහිම දීමටත් වන්හ. සදාතන ජීවනයට තෝරාගනු ලැබූ සියල්ලෝ අදහා ගත්තෝ ය.


ඔවුන් හා අප අතරේ කිසිදු වෙනසක් නො කළ උන්වහන්සේ ඇදහිල්ල මඟින් ඔවුන්ගේ හදවත් පවිත්‍ර කළ සේක.


එහෙත් දෙවියන්වහන්සේට ස්තුති වේවා, කලක් පාපයේ වහලුන්ව සිටි ඔබ, දැන් ඔබට බාර දෙන ලද ඉගැන්වීම් පිළිවෙතට හදවතින්ම අවනතව,


දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූවන්ට එරෙහිව චෝදනා කරන්නේ කවුරු ද? නිර්දෝෂ කරන්නේ දෙවියන්වහන්සේ ය.


ඔවුන් උපදින්නටත් පෙර, ඔවුන් හොඳක් හෝ නරකක් හෝ කරන්නට පෙර මෙවැන්නක් සිදු විය: දෙවියන්වහන්සේගේ තෝරාගැන්මේ තීරණය රඳා පවත්නේ, උන්වහන්සේගේ කැඳවීම අනුව මිස, ඒ ඒ අයගේ ක්‍රියා මත නො වන වග තහවුරු වන පිණිස,


මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා තම ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේ නො හැඳින්න බැවින්, අප දේශනා කරන අඥානකම මඟින් අදහන්නන් ගැලවීමට දෙවියන්වහන්සේ සතුටු වූ සේක.


අහෝ අඥාන ගලාතිවරුනි! ඇස් බැන්දුමකින් ඔබ මුළා කළේ කවුරු ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසිපත් කරනු ලැබීම ප්‍රසිද්ධියේ ඔබේ ඇස් පනා පිට දක්වනු ලැබී ය.


මන්ද ඔබ ගැලවී සිටින්නේ අනුග්‍රහයෙනි; ඇදහිල්ල තුළිනි. ඔබගේ පරිශ්‍රමයෙන් නො වේ. එය දෙවියන්වහන්සේගේ තිළිණයයි.


ඒ දෑ පැන නැගෙනුයේ, ඔබ උදෙසා ස්වර්ගයේ තබා තිබෙන බලාපොරොත්තුව තුළිනි. සත්‍යතාවේ වචනය වන ශුභාරංචිය මඟින් ඒ ගැන දැනටමත් ඔබ අසා ඇත.


එබැවින්, දෙවියන්වහන්සේ තෝරාගත් ශුද්ධවූත්, ප්‍රේමණීයවූත් ජනයා වන ඔබ, අනුකම්පාව ද කරුණාව ද නිහතමානීත්වය ද මෘදුකම ද ඉවසිලිවන්තකම ද පැලඳ ගන්න.


දෙවියන්වහන්සේගේ ප්‍රේමයට පාත්‍ර වූ සහෝදරයිනි, උන්වහන්සේ ඔබ තෝරා ගෙන ඇති බැව් අපි දනිමු.


එසේ කළේ තමන්වහන්සේගේ රාජ්‍යටත්, තේජසටත් ඔබ කැඳවාගත් දෙවියන්වහන්සේට ඔබින පරිදි දිවි ගෙවන ලෙස ඔබට අවවාද කරමිනි; දිරි ගන්වමිනි; අණ කරමිනි.


මන්ද දෙවියන්වහන්සේ අප කැඳවා ඇත්තේ අපවිත්‍රකමට නො ව ශුද්ධකමට ය.


මන්ද දෙවියන්වහන්සේ අප උදෙසා පෙර-නියම කර ඇත්තේ උදහස නො ව, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළින් ගැලවීම ලැබීම ය.


සහෝදරයිනි, ඔබගේ ඇදහිල්ල වඩා බහුලව වර්ධනය වෙමින් පවත්නා නිසාත්, ඔබ හැම කෙනකු එකිනෙකා කෙරේ දක්වන ප්‍රේමය වැඩෙමින් පවත්නා නිසාත්, ඔබ ගැන නිබඳව දෙවියන්වහන්සේට ස්තුති දීම අපගේ යුතුකමකි; කළ යුත්තකි.


හැම අයුරක දුෂ්ටකම් මඟින් ඔහු විනාශවන්නන් මුළා කරනු ඇත. එසේ විනාශ වන්නේ සත්‍යයට ප්‍රේම කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන් ගැලවීම නො ලද බැවිනි.


සත්‍යය විශ්වාස නො කොට අධර්මිෂ්ඨකම තුළ සතුටු වූ සියල්ලන් දඬුවමට පත් කරන පිණිසත් ය.


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ද අපට ප්‍රේම කොට ස්වකීය අනුග්‍රහයෙන් සදාතන ධෛර්යයත්, යහ බලාපොරොත්තුවත් අපට දුන් අපගේ පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ද


උන්වහන්සේ අප ගලවා, ශුද්ධ වූ කැඳවීමකට අප කැඳවූයේ, අපගේ ක්‍රියා නිසා නො ව, කාලයේ පටන්ගැන්මටත් පෙර, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට දුන් ස්වකීය අරමුණ හා අනුග්‍රහය නිසා ය.


සත්‍යතාවේ වචනය නිවැරදිව හසුරුවන්න. ලජ්ජා වීමට කිසි හේතුවක් නැති වැඩකරුවකු සේ, පිළිගැනුණු කෙනකු සේ ඔබ, දෙවියන්වහන්සේට පිදෙන්නට වඩාත් උත්සාහ කරන්න.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහීම තුළින් ගැලවීම සඳහා ඔබ නැණවත් කිරීමෙහි පොහොසත් ශුද්ධ ලියවිලි ළමා අවදියේ පටන්ම දැන උගත් අයුරුත් ඔබ දනී.


තවද, “ස්වාමින්වහන්ස, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක. ස්වර්ග ඔබගේ අත්වල වැඩ වේ.


උන්වහන්සේගේ මැවිලි අතර, අප නාඹුල් පල විශේෂයක් වන පිණිස, උන්වහන්සේ තමන්ගේම අභිමතය පරිදි සත්‍යතාවේ වචනයෙන් අප උත්පාද කළ සේක.


ප්‍රේමය නම් මෙයයි: අප දෙවියන්වහන්සේට ප්‍රේම කළා නො ව, උන්වහන්සේ අපට ප්‍රේම කරමින්, අපගේ පාප උදෙසා වන්දි මිලය ගෙවීමේ පූජාව වශයෙන් ස්වකීය පුත්‍රයාණන් එවීම ය.


අප ප්‍රේම කරන්නේ, පළමු කොට උන්වහන්සේ අපට ප්‍රේම කළ නිසා ය.