ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 තිමෝති 4:21 - සිංහල කාලීන පරිවර්තනය

ශීත කාලයට කලින් මෙහි ඒමට උත්සාහ කරන්න. යුබුලස් ඔබට ආචාර කරයි. පුදෙන්ස්, ලීනස්, ක්ලෝදියා හා සහෝදරවරු සැවොම ඔබට ආචාර කරති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ශීත කාලයට පෙර එන්නට උත්සාහ කරන්න, ජුබුලස් ද පුදෙන්ස් ද ලීනස් ද ක්ලෝඩියා ද සහෝදර පිරිස ද ඔබට ආචාර කරති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ශීත කාලයට පෙර එන්නට උත්සාහ කරන්න, ජුබුලස් ද පුදෙන්ස් ද ලීනස් ද ක්ලෝඩියා ද සහෝදර පිරිස ද ඔබට ආචාර කරති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ශීත කාලයට පළමුවෙන් එන්ට වෑයම්කරන්න. යුබුලස්ද පුදෙන්ස්ද ලීනස්ද ක්ලෞදියාද සියලු සහෝදරයෝද නුඹට ආචාරකරති.

පරිච්ඡේදය බලන්න



2 තිමෝති 4:21
11 හුවමාරු යොමු  

ඔබේ එදිරිවාදියා සමඟ උසාවියට යන අතර, කාරණය සමථයට පත් කර ගන්නට උත්සාහ දරන්න. නැතහොත්, ඔහු නඩුකාරයා ඉදිරියට ඔබ පමුණුවනු ලබනු ඇත; නඩුකාරයා නීතියේ නිලධාරීන්ට ඔබ බාර දෙනු ඇත; ඔවුන් ඔබ සිරගෙයි දමනු ඇත.


සහෝදර සැවොම ඔබට ආචාර කරති. ශුද්ධ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න.


සියලු ශුද්ධවන්තයෝ ඔබට ආචාර කරති.


සියලු ශුද්ධවන්තයෝ ද, විශේෂයෙන්ම සීසර් මාලිගයේ සිටින ශුද්ධවන්තයෝ ද ඔබට ආචාර කරති.


ඔබ හෙළූ කඳුළු සිහි වන විට, ඔබ දැකීමේ දැඩි ආශාවක් ඇති වන්නේ, මා ප්‍රීතියෙන් පිරී යන පිණිස ය.


ත්‍රෝවසෙහි කාර්පස් වෙත මා තබා ආ කබාය හා පොත් ද විශේෂයෙන් සටහන් සහිත සම් පොත් ඔබ එද්දී ගෙන එන්න.


ඉක්මනින් මා වෙත එන්න උත්සාහ දරන්න.


අර්තිමස් හෝ තුකිකස් හෝ මා ඔබ වෙත එවූ විගස මා හමුවට නිකපොලිස් නගරයට එන්න. මගේ තීරණය ශීත කාලය නිකපොලිස්හි ගත කරන්නටයි.


තෝරාගනු ලැබූ ඔබේ සහෝදරියගේ දරුවෝ ඔබට ආචාර කරති.


ඉතා ඉක්මනින් ඔබ හමුවට ඒමට බලාපොරොත්තු වෙමි. එවිට මුහුණට මුහුණ ලා කතා කරන්නට හැකි වෙයි.