Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 තිමෝති 4:21 - Sinhala Revised Old Version

21 ශීත කාලයට පළමුවෙන් එන්ට වෑයම්කරන්න. යුබුලස්ද පුදෙන්ස්ද ලීනස්ද ක්ලෞදියාද සියලු සහෝදරයෝද නුඹට ආචාරකරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ශීත කාලයට පෙර එන්නට උත්සාහ කරන්න, ජුබුලස් ද පුදෙන්ස් ද ලීනස් ද ක්ලෝඩියා ද සහෝදර පිරිස ද ඔබට ආචාර කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 ශීත කාලයට කලින් මෙහි ඒමට උත්සාහ කරන්න. යුබුලස් ඔබට ආචාර කරයි. පුදෙන්ස්, ලීනස්, ක්ලෝදියා හා සහෝදරවරු සැවොම ඔබට ආචාර කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ශීත කාලයට පෙර එන්නට උත්සාහ කරන්න, ජුබුලස් ද පුදෙන්ස් ද ලීනස් ද ක්ලෝඩියා ද සහෝදර පිරිස ද ඔබට ආචාර කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තිමෝති 4:21
11 හුවමාරු යොමු  

මා ළඟට නොපමාව එන්ට වෑයම් කරන්න.


සියලු ශුද්ධවන්තයෝද ප්‍රධානකොට කායිසර්ගේ ගෙදර සිටින ශුද්ධවන්තයෝද නුඹලාට ආචාරකරති.


නුමුත් ඉක්මනින් නුඹ දකින්ට බලාපොරොත්තුවෙමි, එවිට අපි මුහුණට මුහුණලා කථාකරන්නෙමුව. නුඹට සමාදානය වේවා. අපේ මිත්‍රයෝ නුඹට ආචාරකරති. නම් වශයෙන් මිත්‍රයන්ට ආචාරකරන්න.


නුඹේ තෝරාගත් සහෝදරීගේ දරුවෝ නුඹට ආචාරකරති.


ත්‍රෝවසෙහි කාර්පස් ළඟ මා තබා ආ සළුවද පොත්ද, ප්‍රධානකොට සම්පොත්ද, නුඹ එන විට ගෙනෙන්න.


එසේය, නුඹේ කඳුළු සිහිකර, නුඹ තුළ තිබෙන අවංක ඇදහිල්ල සිහියට ගෙන, මම ප්‍රීතියෙන් පූර්ණවන පිණිස නුඹ දකින්ට ආශාවෙමි.


සියලු ශුද්ධවන්තයෝ නුඹලාට ආචාර කරති.


සියලු සහෝදරයෝ නුඹලාට ආචාරකරති. ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න.


ඉඳින් නුඹේ එදිරිකාරයා සමඟ නඩුකාරයා ඉදිරියට යන විට පාරේදීම ඔහුගෙන් බේරෙන්ට උත්සාහකරන්න; නැත්නම් සමහරවිට ඔහු විනිශ්චයකාරයා ළඟට නුඹ ඇදගන යන්නේය, විනිශ්චයකාරයාද නුඹ සේවයකයාට භාරදෙන්නේය; සේවකයා නුඹ හිරගෙයි දමන්නේය,


මම නිකපොලිසෙහි ශීත කාලයේ සිටින්ට නියමකරගත් බැවින් අර්තිමස් හෝ තුඛීකස් හෝ නුඹ ළඟට එවුවාම එහි මා ළඟට එන්ට උත්සාහකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්