2 කොරින්ති 6:12 - සිංහල කාලීන පරිවර්තනය අප විසින් ඔබ කෙරේ සීමා පනවා නැත. ඔබේ හිතේසි බවෙහි සීමා පනවාගෙන ඇත්තේ ඔබම ය. Sinhala New Revised Version ඔබ ගැන අපේ සිතේ වෙනසක් සිදු වී නැත. අප ගැන නම් ඔබේ සිතේ වෙනසක් සිදු වී ඇත. Sinhala New Revised Version 2018 ඔබ ගැන අපේ සිතේ වෙනසක් සිදු වී නැත. අප ගැන නම් ඔබේ සිතේ වෙනසක් සිදු වී ඇත. Sinhala Revised Old Version නුඹලා හිරවී සිටින්නේ අප තුළ නොවේ, නුඹලාගේම සිත් තුළ නුඹලා හිරවී සිටිහුය. |
අපි හැම පැත්තෙන්ම තදින් තෙරපනු ලබන්නෙමු; එහෙත් තැලී නැත. වියවුල් කරනු ලබන්නෙමු; එහෙත් බලාපොරොත්තු සුන්වී නැත.
ඔබ හදවත්හි අපට ඉඩ සලසා දෙන්න. කිසිවකුටත් අප වරදක් කර නැත; කිසිවකුත් දූෂ්‍ය කර නැත; කිසිවකුගෙන් වාසි සලසා ගෙන නැත.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේම සෙනෙහසින් යුතුව ඔබ හැමට මා කෙතරම් ආශා වෙම් ද යන්න දෙවියන්වහන්සේම සාක්ෂි වන සේක.
ලෞකික ධනය හිමි කෙනෙක් තම සහෝදරයාගේ අග හිඟකම් දැක, ඔහු ගැන තම හදවත වසා ගනී නම්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද?