Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 6:11 - සිංහල කාලීන පරිවර්තනය

11 අප ඔබට කතා කළේ නිදහස්ව ය, කොරින්තිවරුනි. අපේ හදවත් සපුරාම විවෘත ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 කොරින්තිවරුනි, අපි අවංක සිතින් කිසිත් නොසඟවා ඔබට කතා කෙළෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 කොරින්තිවරුනි, අපි අවංක සිතින් කිසිත් නොසඟවා ඔබට කතා කෙළෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 එම්බා කොරින්තිවරුනි, අපේ මුඛය නුඹලාට කථාකරන පිණිස ඇරී තිබේ, අපේ සිත විශාලවී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 6:11
20 හුවමාරු යොමු  

ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේම සෙනෙහසින් යුතුව ඔබ හැමට මා කෙතරම් ආශා වෙම් ද යන්න දෙවියන්වහන්සේම සාක්ෂි වන සේක.


එබැවින් ඔබගේ ආත්ම උදෙසා දැඩි සොම්නසින් මම වැය වන්නෙමි; වැය කරනු ලබන්නෙමි. මා ඔබට වඩාත් ප්‍රේම කරන්නෙම් නම්, මා අඩුවෙන් ප්‍රේම කරනු ලබන්නෙම් ද?


මන්ද හදවතේ දැඩි පීඩනයකින් හා සන්තාපයෙන් ද නෙතේ පිරි කඳුළින් ද යුතුව මා ඔබට ලියුවේ, ඔබ වේදනාවට පත් කිරීමට නො ව, ඔබට ඇති මගේ ප්‍රේමය කොතරම් අධිකදැයි ඔබ දැනගන්නා පිණිස ය.


“මෙන්න! මම ඉක්මනින් එමි! හැම කෙනෙක්ම කළ කළ දේ අනුව ඔවුන්ට විපාක දෙන පිණිස, මගේ විපාක මා ළඟ ඇත.


තවද පිලිප්පිවරුන් වූ ඔබ දන්නා පරිදි, ශුභාරංචියේ මුල් දවස්වලදී, මා මකිදෝනියෙන් පිටත්ව යන කල, ඔබ හැර අන් එකදු සභාවක් ගැනීමෙන් හා දීමෙන් මා හා බෙදා හදා ගත්තේ නැත.


අහෝ අඥාන ගලාතිවරුනි! ඇස් බැන්දුමකින් ඔබ මුළා කළේ කවුරු ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසිපත් කරනු ලැබීම ප්‍රසිද්ධියේ ඔබේ ඇස් පනා පිට දක්වනු ලැබී ය.


දාසයකු හෝ නිවහල් කෙනකු හෝ යන කවරකු වුවත් කරන හැම හොඳ වැඩකටම, ස්වාමින්වහන්සේ ප්‍රතිවිපාක දෙන බව ඔබ දනී.


මින් අනතුරුව පාවුල් ඇතන්ස් අත්හැර කොරින්තිය බලා ගියේ ය.


සිනගෝග පාලක ක්‍රිස්පස් ද ඔහුගේ ගෘහවාසී සියල්ලෝ ද ස්වාමින්වහන්සේ අදහා ගත්හ. පාවුල්ගේ දේශනා ඇසූ කොරින්තිවරු බොහෝ දෙනෙක් ද අදහා බව්තීස්ම ලදහ.


සහෝදරයිනි, මා වගේ වන්නැයි මම ඔබට ආයාචනා කරමි. මන්ද මම ඔබ වගේ වූයෙමි. ඔබ මට කිසි වරදක් කළේ නැත.


මා මුව විවර කරන හැම විටෙක ශුභාරංචි අබිරහස අභීතව ප්‍රකාශ කරන්නට නිසි වචන පැවසීමට වර ලැබෙනු පිණිස, මා ගැනත් යාච්ඤා කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්