Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 7:2 - සිංහල කාලීන පරිවර්තනය

2 ඔබ හදවත්හි අපට ඉඩ සලසා දෙන්න. කිසිවකුටත් අප වරදක් කර නැත; කිසිවකුත් දූෂ්‍ය කර නැත; කිසිවකුගෙන් වාසි සලසා ගෙන නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔබගේ සිත අප වෙත විවෘත කරන්න. අපි කිසිවෙකුට අයුත්තක් නොකෙළෙමු; කිසිවෙකු විනාශයට පත් නොකෙළෙමු; කිසිවෙකුගෙන් අයුතු වාසියක් නොගතිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔබගේ සිත අප වෙත විවෘත කරන්න. අපි කිසිවෙකුට අයුත්තක් නොකෙළෙමු; කිසිවෙකු විනාශයට පත් නොකෙළෙමු; කිසිවෙකුගෙන් අයුතු වාසියක් නොගතිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 නුඹලාගේ සිත් අපට විවරකරන්න. අපි කිසිවෙකුට අයුත්තක් නොකළෙමුව, කිසිවෙකු නරක් නොකළෙමුව, කිසිවෙකුගෙන් වාසි නොගතිමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 7:2
23 හුවමාරු යොමු  

මා ඔබ සමඟ සිටියදී මට හිඟකම් ඇති වූ කල, ඔබ කිසිවකුට මා බරක් වූයේ නැත. මන්ද මකිදෝනියෙන් පැමිණි සහෝදරයෝ මගේ අවැසිතා සපිරූහ. මෙසේ මා ඔබට බරක් නො වූවාත් හැර, කිසි ලෙසකින් මා ඔබට බරක් වීමෙන් මතුත් වළකින්නෙමි.


කාගේවත් රිදී හෝ රන් හෝ ඇඳුම්වලට හෝ මා ගිජු වූයේ නැහැ;


ඔබ වෙත එන කවුරුන් වුව ද, මෙම ඉගැන්වීම ගෙන එන්නේ නැතිනම්, ඔබේ ගෙදරට ඒ අය නො පිළිගන්න; ආචාර නො කරන්න.


එවැනි පුද්ගලයින් සේවය කරන්නේ ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නො ව, තමන්ගේම උදරයට ය. ඔවුහු ප්‍රිය තෙපුලින් හා ඉච්චා බසින් අවංකයින් මුළා කරති.


“ඔබ පිළිගන්නා මා පිළිගනියි. මා පිළිගන්නා මා එවූ තැනැන්වහන්සේ පිළිගනියි.


කිසි කෙනකු නො පිළිගැනේ නම් හෝ ඔබගේ වචනවලට සවන් නො දේ නම්, ඔබ ඒ නගරයෙන් හෝ ඒ නිවසින් පිටත්ව යන කල, ඔබේ පා දූලි ගසා දමා යන්න.


එබැවින් මා ඔබේ හවුල්කරු යැයි ඔබ සලකනවා නම්, මා පිළිගන්නා විලස සාදරයෙන් ඔහු පිළිගන්න.


මාගේම හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවන්නෙමි;


ඇදහිලිවතුන් වූ ඔබ අතරේදී අප කොතෙක් ශුද්ධව, දැහැමිව හා නිදොස්ව හැසුරුණාදැයි යන්නට අපගේ සාක්ෂිය ඔබත්, දෙවියන්වහන්සේත් ය.


මා හා සිරගතව සිටින අරිස්තාර්කස් ඔබට ආචාර කරයි. බාර්ණබස්ගේ ඥාති සහෝදර මාර්ක් ද ඔබට ආචාර කරයි. මාර්ක් ඔබ වෙත පැමිණියහොත්, ඔහු සාදරයෙන් පිළිගන්න. ඔහු ගැන දැනටමත් ඔබට උපදෙස් ලැබී තිබේ.


ස්වාමින්වහන්සේ තුළ මහත් සොම්නසින් ඔහු පිළිගන්න. මෙබඳු අයට ගෞරව කරන්න.


මා නැවතත් කියන්නේ, කිසිවකු මා අඥානයකු යයි නො සිතන ලෙසයි. එහෙත් ඔබ එලෙස සිතන්නේ නම්, මා මදක් පාරට්ටු කරගන්නා පිණිස, මා අඥානයකු ලෙස පිළිගන්න.


තවද ලජ්ජා සහගත රහස් මාර්ග අත්හළ අපි, වංචනිකව ක්‍රියා කිරීම හෝ දෙවියන්වහන්සේගේ වචනය විකෘති කිරීම ප්‍රතික්ෂේප කරන්නෙමු. අනෙක් අතට අපි, සත්‍යතාව ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමෙන් දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ හැම මිනිසකුගේම හෘදය සාක්ෂියට අප ගැන පැහැදීමක් දෙන්නෙමු.


අපගේ පාරට්ටුව මෙයයි: ලෝකයේදීත්, විශේෂයෙන්ම ඔබ සම්බන්ධවත් අපගේ හැසිරීම, භූමික ප්‍රඥාවෙන් නො ව, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් ලද ශුද්ධකමින් හා දේව භක්තික අවංකත්වයෙන් බවට අපගේ හෘදය සාක්ෂියේ ඇති සහතිකයයි.


“යම් නගරයකට ඇතුළු වන කල, ඔවුන් ඔබ පිළිගත් විට, ඔබ ඉදිරියේ තබන දෙයක් භුක්ති විඳින්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්