ඇත්තෙන්ම, කලින් තේජසින් යුතු වූ දේ, එය අභිබවා ගිය තේජස හමුවේ දැන් තේජසක් නැති බවට පත්ව තිබේ.
2 කොරින්ති 3:11 - සිංහල කාලීන පරිවර්තනය මන්ද පහ වී යන දේ තේජසින් යුතුව පැමිණියේ නම්, සදා පවතින දේහි තේජස ඊට වඩා කොතරම් අධිකතර වේ ද! Sinhala New Revised Version පහ ව යන දේ තේජාන්විත වී නම් සදහට ම පවතින දේ ඊටත් වඩා තේජාන්විත නොවේ ද? Sinhala New Revised Version 2018 පහ ව යන දේ තේජාන්විත වී නම් සදහට ම පවතින දේ ඊටත් වඩා තේජාන්විත නොවේ ද? Sinhala Revised Old Version මක්නිසාද නැතිවී යන්නාවූ එක තේජසින් යුක්තවී නම්, පවතින්නාවූ එක ඊට වඩා බොහෝසෙයින් තේජසින් යුක්තව තිබේ. |
ඇත්තෙන්ම, කලින් තේජසින් යුතු වූ දේ, එය අභිබවා ගිය තේජස හමුවේ දැන් තේජසක් නැති බවට පත්ව තිබේ.
මෙසේ මෙය “අලුත්” ගිවිසුමකැයි කීමෙන්, දෙවියන්වහන්සේ පළමු එක කල් ඉකුත්වූ එකක් කළ සේක. එසේ කල් ඉකුත්වූ පරණ වන්නා වූ දේ කල් නො ගොසින් අතුරුදහන් වනු ඇත.