ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 2:3 - සිංහල කාලීන පරිවර්තනය

මා ඔබට ලියා එවුවේ මා පැමිණි කල, මා සොම්නස් කරන්නට යුතු වූවන් වෙතින්ම මා වේදනාවට පත් නො වන පිණිස ය. මන්ද මාගේ ප්‍රීතිය, ඔබ හැමගේත් ප්‍රීතිය වන බවට ඔබ හැම ගැන නිසැක හැඟීමක් මට තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මා ඒ ලිපිය ලිව්වේ මේ කාරණාව නිසා ම ය. මා සතුටු කළ යුතු අය අතින් ම මා සිත් වේදනාවට පත් නොවන පිණිස, ඔබ වෙත ඒමට මම කැමැති නොවීමි. මා සතුටින් සිටින විට, ඔබත් සතුටින් සිටින බවට ඔබ ගැන මට පැහැදීමක් ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මා ඒ ලිපිය ලිව්වේ මේ කාරණාව නිසා ම ය. මා සතුටු කළ යුතු අය අතින් ම මා සිත් වේදනාවට පත් නොවන පිණිස, ඔබ වෙත ඒමට මම කැමැති නොවීමි. මා සතුටින් සිටින විට, ඔබත් සතුටින් සිටින බවට ඔබ ගැන මට පැහැදීමක් ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මේ කාරණය මා ලියා එවුවේ මාගේ ප්‍රීතිය නුඹලා සියල්ලන්ගේ ප්‍රීතියයයි නුඹලා සියල්ලන් ගැන විශ්වාසකරමින්, මා ආවාම මා ප්‍රීතිකරන්ට ඕනෑ අයවලුන්ගෙන් මට ශෝකය නොපැමිණෙන පිණිසය.

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 2:3
17 හුවමාරු යොමු  

ඔබ කැමති මින් කුමකට ද? ඉපලක් ගෙන මා ඔබ වෙත එනවාට ද? නැතහොත් ප්‍රේමයෙන් හා මුදු ගුණ හැඟීමෙන් ඔබ වෙත එනවාට ද?


මේ ගැන මට සහතික බැවින්, අනුග්‍රහයේ දෙවන අත්දැකීමක් ඔබට ලැබෙන පිණිස, පළමු කොට ඔබ වෙත එන්නට සැලසුම් කළෙමි.


යළිත් මා කොරින්තිය වෙත පැමිණීමෙන් වැළකුණේ, ඔබගේ සිත් නො රිදවීමට බැව් සාක්ෂි දීමට මම දෙවියන්වහන්සේට හඬ ගසමි.


මම අනුවණයකු වීමි. එහෙත් ඊට බල කළේ ඔබයි. මන්ද මා ගැන සාක්ෂි දිය යුතුව තිබුණේ ඔබ ය. මන්ද මා ගණන් ගතයුත්තකු නො වුවත්, ඒ සුපිරි අපෝස්තුලුවරුනට වඩා කෙලෙසකවත් මා අඩු නැත.


මා නැවත ආ කල, මගේ දෙවියන්වහන්සේ ඔබ ඉදිරියෙහි මා යටත් කරනු ඇත කියා ද ඉහතදී පවෙහි ගැලුණු බොහෝ අය තමන් පිනවා ගනිමින් කළා වූ අපවිත්‍රකම්, ලිංගික අනාචාර හා කාමුක සල්ලාලකම් ගැන පසුතැවිලි නො වීමෙන් ඒ අය ගැන මට වැලපෙන්නට වේ දෝයි කියා ද මම බය වෙමි.


ඔබ වෙත ඒමට කලින් මා මේ දේවල් ලියා එවන්නේ, බිඳහෙළීමට නො ව, ඔබ ගොඩ නැගීමට අප ස්වාමින්වහන්සේම මට දුන් අධිපති බලය, මා ඔබ වෙත ආ කල්හි තද පරුෂ ලෙස යෙදවීමට සිදු නො වන පිණිස ය.


මා ඔබට ලියුවේ, හැම කරුණකදීම ඔබ කීකරු වේදැයි පරීක්ෂා කර දැනගැනීමට ය.


මා ඔබට ලියූ නමුදු, එසේ කළේ වරද කළ තැනැත්තා උදෙසා නො වේ; වරද විඳි තැනැත්තා උදෙසා ද නො වේ. දෙවියන්වහන්සේ හමුවේ අප කෙරේ ඇති ඔබගේ උනන්දුව ඔබටම එළිදරවු වීම සඳහා ය.


ඔබ තුළ මට සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි බැවින් මම ප්‍රීති වෙමි.


එහෙත් පසුබටවූවන් සනසවන දෙවියන්වහන්සේ, අප සැනසුවේ තීතස්ගේ පැමිණීමෙනි.


මගේ ලිපියෙන් මා ඔබ ශෝකයට පත් කළ නමුදු, ඒ ගැන කණගාටු නො වෙමි. මා කණගාටු වුවත්, මගේ ලිපියෙන් ඔබ ශෝක වුවත්, ඒ මද වෙලාවකට පමණක් වග මට පෙනේ.


ඔවුන් සමඟ තවත් අප සහෝදරයකු අපි ඔබ වෙත එවන්නෙමු. නොයෙක් විට බොහෝ කාරණාවලදී තම උද්යෝගී භාවය ඔප්පු කර පෙන්වූ ඔහු, ඔබ වෙත ඇති ඔහුගේ දැඩි විශ්වාසය නිසා දැන් ඒ කවදාටත් වඩා වැඩි උද්යෝගයකින් සිටියි.


මා දරන ආකල්පය මිස, අනෙකක් ඔබට නැති බවට විශ්වාසයක් ස්වාමින්වහන්සේ තුළ මට තියේ. වියවුලට ඔබ ඇද දමන තැනැත්තා කවරකු වුවත් ඊට නිසි දඬුවම ඔහු ලබනු ඇත.


අප ඔබට අණ කළ දෑ ඔබ ඉටු කරන බවටත්, දිගටම එසේ කරගෙන යන බවටත් ඔබ ගැන ස්වාමින්වහන්සේ තුළ අපට විශ්වාසය තිබේ.


ඔබගේ කීකරුකම ගැන වූ විශ්වාසයෙන්, මා ඔබට ලියන්නේ, මා කියනවාටත් වඩා වැඩියෙන් ඔබ කරන වග දැනගෙන ය.