එවිට යේසුස්වහන්සේ, “සාතන්, අහක්ව යව. මන්ද, ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට පමණක් නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’ කියා ලියා තිබේ” යි ඔහුට කී සේක.
2 කොරින්ති 2:11 - සිංහල කාලීන පරිවර්තනය එසේ කළේ සාතන් උපායශීලීව අප නො රවටන පිණිස ය; මන්ද උගේ උපක්‍රම අප නො දන්නවා නො වේ. Sinhala New Revised Version මා එසේ කෙළේ, අප සාතන්ගේ උපා දන්නා බැවින්, ඔහුගෙන් පරාජය වීමට ඉඩ නොතබන පිණිස ය. Sinhala New Revised Version 2018 මා එසේ කෙළේ, අප සාතන්ගේ උපා දන්නා බැවින්, ඔහුගෙන් පරාජය වීමට ඉඩ නොතබන පිණිස ය. Sinhala Revised Old Version ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසාය. මක්නිසාද ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ. |
එවිට යේසුස්වහන්සේ, “සාතන්, අහක්ව යව. මන්ද, ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට පමණක් නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’ කියා ලියා තිබේ” යි ඔහුට කී සේක.
රාත්‍රි භෝජනය අතරේ, උන්වහන්සේ පාවා දීමට සීමොන් ඉස්කාරියොත්ගේ පුත් යූදස්ගේ සිත යක්ෂයා විසින් ඒ වන විටත් පොලඹවා තිබිණි.
යූදස් විසින් තමන්ට හිමි ස්ථානයට යන පිණිස, හැර දමා යන ලද අපෝස්තලික තනතුරට සුදුස්සා පෙන්වා දුන මැනව” යි පවසා,
දෙදෙනාගේ එකඟතාවයෙන් මද කලකට යාච්ඤාවට කැප වන පිණිස මිස, එකිනෙකාගෙන් වෙන්ව නො සිටින්න; ඉන්පසු යළි එක් විය යුත්තේ, ආත්ම සංයමයේ ඔබගේ දුබලතා හේතුවෙන්, සාතන් ඔබ පරීක්ෂාවට ඇද දමනු නො ලබන පිණිස ය.
එහෙත් සර්පයා තම කපටිකමින් ඒව රැවටූ සේ, ක්‍රිස්තුස්වහන්සේ කෙරේ ඇති ඔබේ අවංක, පිරිසිදු කැපවීම වෙතින් ඔබේ සිත් මුළා කරනු ලැබේදෝයි බය වෙමි.
එහිදී මේ ලෝකයේ දෙවියා නො ඇදහිලිවතුන්ගේ මනස් අන්ධ කරනු ලැබ ඇත්තේ, දෙවියන්වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචියේ ආලෝකය ඔවුනට නො පෙනෙන පිණිස ය.
විරුද්ධවාදීන්ට මෘදු ලෙස උපදෙස් දෙන්නකු විය යුතු ය. ඇතැම් විට, ඔවුන්ට සත්‍යය දැනගැනීමට මඟ පෙන්වන පසුතැවිල්ලට දෙවියන්වහන්සේ ඔවුන් පමුණුවනු ඇත.
සන්සුන්ව සිටින්න; විමසිල්ලෙන් සිටින්න. ඔබගේ සතුරා වූ යක්ෂයා කවරකු ගොදුරු කර ගනිම්දෝයි මාන බලමින්, ගොරවන සිංහයකු සේ ඔබ මොබ ගැවසෙයි.
පොළෝ වාසී සියල්ලෝ, එනම් ලොව මැවූ තැන් පටන් මරා දමන ලද බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියනු නො ලැබූවෝ මෘගයාට නමස්කාර කරති.
“එහෙත් එම ඉගැන්වීම් දරන්නේ නැති, ඇතමුන් කියන පරිදි සාතන්ගේ ගැඹුරු රහස් ඉගෙන ගත්තේ නැති, තියාතිරාවේ සිටින සෙසු අය වන ඔබට මම මෙසේ කියමි, ‘අන් කිසි බරක් මා ඔබ පිට පටවන්නේ නැත.