2 කොරින්ති 10:6 - සිංහල කාලීන පරිවර්තනය ඔබගේ කීකරුකම සම්පූර්ණ වූ කල, හැම අකීකරුකමකටම දඬුවම් දීමට සූදානමිනි. Sinhala New Revised Version ඔබ සහමුලින් ම කීකරු වූ කල සියලු අකීකරුකම්වලට දඬුවම් දීමට අපි සූදානම් ව සිටිමු. Sinhala New Revised Version 2018 ඔබ සහමුලින් ම කීකරු වූ කල සියලු අකීකරුකම්වලට දඬුවම් දීමට අපි සූදානම් ව සිටිමු. Sinhala Revised Old Version නුඹලාගේ කීකරුකම සම්පූර්ණවූ කල සියලු අකීකරුකමට දඬුවම්කිරීමටද අපි සූදානම්ව සිටිමුව. |
ඔබ කැමති මින් කුමකට ද? ඉපලක් ගෙන මා ඔබ වෙත එනවාට ද? නැතහොත් ප්‍රේමයෙන් හා මුදු ගුණ හැඟීමෙන් ඔබ වෙත එනවාට ද?
ඔබ වෙත ඒමට කලින් මා මේ දේවල් ලියා එවන්නේ, බිඳහෙළීමට නො ව, ඔබ ගොඩ නැගීමට අප ස්වාමින්වහන්සේම මට දුන් අධිපති බලය, මා ඔබ වෙත ආ කල්හි තද පරුෂ ලෙස යෙදවීමට සිදු නො වන පිණිස ය.
කලින් පව් කර තිබූ අයට හා සෙසු හැමට අවවාද කර ඇත්තෙමි. මා ආපසු පැමිණියහොත්, ඔවුන්ට අනුකම්පාවක් දක්වන්නේ නැති වග දෙවන වරට මා ඔබ වෙත ආ කල, ඔබ ළඟ සිට කී ලෙස, දැන් දුර සිට ද අවවාද කරමි.
ඔබ හැමගේ අවනත භාවයත්, ඔබ ඔහු පිළිගත් බය හා වෙවුලුමත් සිහි කරද්දී, ඔබ වෙත ඇති ඔහුගේ ලැදියාව බෙහෙවින් අධික ය.
හිමේනියස් හා ඇලෙක්සැන්ඩර් ඉන් දෙදෙනෙකි. දේවාපහාස නො කිරීමට ඉගෙන ගන්නා පිණිස, මම ඔවුන් සාතන්ට බාර දුනිමි.
එබැවින් මා පැමිණියහොත්, අපට එරෙහිව ඔහු නගන නපුරු කතා එළි කරන්නෙමි. ඔහු එයින් ද නො සෑහී සහෝදරයින් පිළිගැනීම ද ප්‍රතික්ෂේප කරයි; එසේ පිළිගන්නට කැමති වූවන් ද වළකමින් ඔවුන් සභාවෙන් නෙරපා හරියි.