ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 1:9 - සිංහල කාලීන පරිවර්තනය

ඇත්තෙන්ම මරණ තීන්දුව ලැබූ සෙයක් අපට හැඟිණි. එහෙත් එසේ වූයේ, අප කෙරෙහිම නො ව, මළවුන් නැගිටුවන දෙවියන්වහන්සේ මත අප රඳා සිටින පිණිස ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මරණ තීන්දුව ලැබුවාක් මෙන් අපට හැඟුණි. එසේ වූයේ, අප කෙරෙහි ම විශ්වාසය නොතබා, මළවුන් උත්ථාන කරන දෙවියන් වහන්සේ කෙරෙහි අපේ විශ්වාසය තබන පිණිස ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මරණ තීන්දුව ලැබුවාක් මෙන් අපට හැඟුණි. එසේ වූයේ, අප කෙරෙහි ම විශ්වාසය නොතබා, මළවුන් උත්ථාන කරන දෙවියන් වහන්සේ කෙරෙහි අපේ විශ්වාසය තබන පිණිස ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එසේය, මළවුන් නැගුටුවන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි මිස අප කෙරෙහිම විශ්වාස නොකරන පිණිස මරණ-තීන්දුව අප තුළේම තිබුණේය.

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 1:9
20 හුවමාරු යොමු  

තමන් ධර්මිෂ්ඨයයි තමන් තුළ විශ්වාසය තබා, අන් අය සුළු කොට සලකන ඇතමකුට උන්වහන්සේ මෙම උපමා කතාව පැවසූ සේක.


ලියා තිබෙන ලෙස, “ඔබ නිසා දවස මුළුල්ලේ, අපි මරනු ලබන්නෙමු; ඝාතනයට නියම බැටළුවන් මෙන්, අපි ගණන් ගනු ලැබුවෙමු”


ඒ සා මාරක උපද්‍රවයකින් අප ගැලවූ උන්වහන්සේ මතු ද අප ගලවන සේක. යළිත් උන්වහන්සේ අප ගලවන බවට අපි උන්වහන්සේ මත බලාපොරොත්තු තබා සිටින්නෙමු.


සහෝදරයිනි, ආසියාවේදී අප අත්විඳි දුක් ගැහැට ගැන ඔබ නො දැන සිටිනවාට අප කැමති නැත. ජීවිතය ගැන පවා බලාපොරොත්තු නැති වන තරමට, අපේ ශක්තියට ඉහුලුම් නො දෙන තරම් මහ බර අප පිට පැටවුණි.


කිසිවක් අපේම සමත්කමින් වී යැයි කීමට අපට නුපුළුවන. අපේ සමත්කම දෙවියන්වහන්සේ වෙතින් ය.


එහෙත් අනභිභවනීය බලය අයිති අපට නො ව, දෙවියන්වහන්සේට වග පෙන්වනු පිණිස, මෙම වස්තුව අපට ඇත්තේ මැටි බඳුන්වල ය.


උපමා අලංකාරයෙන් කියතහොත් ඔහු ඊසාක් නැවත ලබා ගත්තේ ය. ඒ මළවුන් වුව නැගිටුවන්නට දෙවියන්වහන්සේට පුළුවනැයි සැලකූ බැවිනි.