Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 8:36 - සිංහල කාලීන පරිවර්තනය

36 ලියා තිබෙන ලෙස, “ඔබ නිසා දවස මුළුල්ලේ, අපි මරනු ලබන්නෙමු; ඝාතනයට නියම බැටළුවන් මෙන්, අපි ගණන් ගනු ලැබුවෙමු”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස: “දවස පුරා අපි ඔබ නිසා මරුමුවට පත් වෙමු. ඝාතනයට වෙන් කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබුවෙමු.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස: “දවස පුරා අපි ඔබ නිසා මරුමුවට පත් වෙමු. ඝාතනයට වෙන් කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබුවෙමු.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

36 ඒ හැටියට, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මරණයට නියමකළ බැටළුවන් මෙන් ගණන්ගනු ලැබුවෙමුයයි ලියා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 8:36
18 හුවමාරු යොමු  

හැම පැයකදීම උපද්‍රවයන්ට අප මුහුණ පාන්නේ මන්ද?


මන්ද මා සිතන්නේ, දෙවියන්වහන්සේ, අපෝස්තුලුවරුන් වන අප මරණ තීන්දුව ලද මිනිසුන් සේ අන්තිමයන් කොට දක්වන්නේය කියායි; මන්ද අපි, ලෝකයට ද දේව දූතයින්ට හා මිනිසුන්ට ද ප්‍රදර්ශනයක්ව සිටින්නෙමු.


ඔහු කියවමින් සිටි ශුද්ධ ලියවිලි පාඨය නම්: “මරන්නට ගෙන යන බැටළුවකු විලස, ලොම් කපන්නන් අබියස බැටළු පැටවකු නිහඬව සිටින විලස, එතුමන් තම මුව විවර කළේ නැත.


කෙසේ වෙතත් මා දුවන මේ තරඟ දිවුම නිම කිරීමත්, යේසුස් ස්වාමින්වහන්සේ මට දුන් කාර්ය භාරය වන දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ශුභාරංචිය ගැන සාක්ෂි දැරීම සම්පූර්ණ කිරීමත් මිස, මගේ ජීවිතය මට වටනේයයි මම නො සිතමි.


ඔවුන් සිනගෝගවලින් ඔබ නෙරපා දමනු ඇත. ඇත්තෙන්ම, ඔබ මරා දමන කවරකු වුවත්, එය දෙවියන්වහන්සේට ඔප්පු කරන මෙහෙයකැයි සිතන කාලය උදා වනු ඇත.


සහෝදරයිනි, හැම දිනෙකම මා මැරෙනවායි මා ප්‍රකාශ කරන්නේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ ඔබ ගැන මට ඇති ආඩම්බරයෙනි.


ඇත්තෙන්ම මරණ තීන්දුව ලැබූ සෙයක් අපට හැඟිණි. එහෙත් එසේ වූයේ, අප කෙරෙහිම නො ව, මළවුන් නැගිටුවන දෙවියන්වහන්සේ මත අප රඳා සිටින පිණිස ය.


හොඳින් හඳුනන නමුත්, නො හඳුනන්නන් ලෙසිනි; මරණයට පත්වෙන්නන් ලෙස ගණන් ගැනුණත්, මෙන්න! අපි ජීවත් වන්නෙමු. දඬුවම් ලද ලෙසිනි, එහෙත් මරා දමනු ලැබ නැත;


ඔවුහු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝ ද? ඊට වැඩියෙන් මා එබන්දෙකැයි උමතු වූවකු සේ කියමි. ඒ වඩාත් වෙහෙසී වැඩ කිරීමෙනි; වඩ වඩා සිරගත කරනු ලැබීමෙනි; ගණන් නැතිව පහර කෑම් ලැබීමෙනි; බොහෝ වර මරු කටට ළං වීමෙනි.


මට වුවමනා ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලය දැනගැනීමටත්, උන්වහන්සේගේ මරණයෙන් උන්වහන්සේ හා සමාන බවට පත් වෙමින්, උන්වහන්සේගේ දුක්-පීඩාවනට පංගුකාරවීමටත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්