Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 11:19 - සිංහල කාලීන පරිවර්තනය

19 උපමා අලංකාරයෙන් කියතහොත් ඔහු ඊසාක් නැවත ලබා ගත්තේ ය. ඒ මළවුන් වුව නැගිටුවන්නට දෙවියන්වහන්සේට පුළුවනැයි සැලකූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 මළවුන් උත්ථාන කිරීමට වුව ද දෙවියන් වහන්සේට හැකි බව ඔහු සිතට ගත්තේ ය. උපමානුසාරයෙන් කියතොත්, ඔහු ඊසාක් මරණයෙන් නැවත ලබාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 මළවුන් උත්ථාන කිරීමට වුව ද දෙවියන් වහන්සේට හැකි බව ඔහු සිතට ගත්තේ ය. උපමානුසාරයෙන් කියතොත්, ඔහු ඊසාක් මරණයෙන් නැවත ලබාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 මළවුන්ගෙන් පවා නැගුටුවන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි ඔහු කල්පනාකොට, උපහැරණ වශයෙන් මරණයෙන් ඔහු නැවත ලබාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 11:19
10 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ නිවසට පිවිසි කල, අන්ධයෝ දෙදෙන උන්වහන්සේ වෙත ආහ. “මට මෙය කළ හැකි ය කියා ඔබ විශ්වාස කරනවා දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ කල, “එසේය ස්වාමිනි” යි ඔවුහු පිළිතුරු දුන්හ.


අප තුළ ක්‍රියා කරන ස්වකීය බලයට අනුව අප ඉල්ලන හෝ අප සිතන හෝ හැම දේටම වඩා බොහෝ වැඩියෙන් ක්‍රියා කිරීමේ අපරිමේය හැකියාවක් ඇති දෙවියන්වහන්සේට,


මන්ද ක්‍රිස්තුස්වහන්සේ ඇතුළු වූයේ, සැබෑ දේවල අනුරූප වන මිනිස් අතින් සෑදුණු ශුද්ධස්ථානයකට නො වේ; අප උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ දැන් පෙනී සිටින පිණිස, උන්වහන්සේ ස්වර්ගයටම ඇතුළු වූ සේක.


එහෙත්, ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම්ගේ වැනි අයුතුකමින් පව් නො කළ අය කෙරේ පවා, මරණය රජකම් කළේ ය. ඔහු ලොවට එන්නට සිටි තැනැත්තාණන්ගේ පූර්ව ආදර්ශයක් විය.


එබැවින් මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ජනයාට තමන් පවසන හැම නො සැලකිලි වචනයක් ගැනම ගණන් දීමට සිදුවන බවයි.


මෙය, වත්මන් යුගයට සංඛේතයකි. ඒ අනුව, නමස්කාර කරන්නාගේ හෘදය සාක්ෂිය සම්පූර්ණ කරන්නට බැරි පඬුරු හා යාග ඔප්පු කරනු ලැබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්