2 කොරින්ති 1:24 - සිංහල කාලීන පරිවර්තනය ඔබගේ ඇදහිල්ල ගැන අප අධිපතිකම් කරන්නේ නැත. ඔබගේ ප්‍රීතිය උදෙසා අපි ඔබ සමඟ සේවය කරන්නෙමු. මන්ද ඔබ ස්ථිරව සිටගෙන සිටින්නේ ඇදහිල්ලේ ය. Sinhala New Revised Version ඔබ ඇදහිය යුතු දේ ගැන අපි ඔබට විධාන නොකරමු. ඔබගේ ප්‍රීතිය සඳහා අපි සහයෝගයෙන් ඔබ සමඟ සේවය කරමු. මන්ද, ඔබගේ ඇදහිල්ල ස්ථීර ය. Sinhala New Revised Version 2018 ඔබ ඇදහිය යුතු දේ ගැන අපි ඔබට විධාන නොකරමු. ඔබගේ ප්‍රීතිය සඳහා අපි සහයෝගයෙන් ඔබ සමඟ සේවය කරමු. මන්ද, ඔබගේ ඇදහිල්ල ස්ථීර ය. Sinhala Revised Old Version එහෙත් නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නොව නුඹලාගේ ප්‍රීතියට ආධාරකාරයෝව සිටිමුව. |
එය ඇත්තයි, ඒවා කඩා දමන ලද්දේ ඔවුන්ගේ නො ඇදහිල්ල හේතුවෙනි. ඔබ සිට ගත්තේ ඇදහිල්ල නිසාවෙනි. එබැවින් අහංකාර නො වී, එහෙත් බයින් සිටින්න.
දැන් අප සිටගෙන සිටින මෙම අනුග්‍රහයට අප ඇතුළුව සිටින්නේ, උන්වහන්සේ මඟින් ඇදහිල්ලෙනි; එබැවින් දෙවියන්වහන්සේගේ තේජසේ බලාපොරොත්තුව තුළ අපි ප්‍රමෝද වන්නෙමු.
සහෝදරයිනි දැන්, මා ඔබට දේශනා කළ, ඔබ පිළිගත්, ඔබ පිහිටා සිටින ශුභාරංචිය ඔබට මතක් කරනු කැමැත්තෙමි.
එහෙම නම් අපොල්ලොස් කවුරු ද? පාවුල් කවුරු ද? එකිනෙකාට ස්වාමින්වහන්සේ පැවරූ කාරියට අනුව, ඇදහිල්ල වෙත ඔබ යොමු කළ සේවකයින් ය.
මන්ද යමකු ඔබ වහලකු කර ගත්තත්, යමකු ඔබ ගිල දැමුවත්, ඔබෙන් අයුතු ප්‍රයෝජන ගත්තත්, යමෙක් ඔබට අධිපතිකම් පෑවත්, ඔබට අතුල් පහර දුන්නත් ඔබ ඒ සියල්ලම දරා ගනිති.
මන්ද අප ප්‍රකාශ කරන්නේ අප ගැන නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ස්වාමින්වහන්සේ වශයෙන් හා යේසුස්වහන්සේ උදෙසා අප ඔබගේ දාසයින් වශයෙනි.