Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 1:12 - සිංහල කාලීන පරිවර්තනය

12 එනම් ඔබේත්, මගේත් අප එකිනෙකාගේ ඇදහිල්ලෙන් අන්‍යෝන්‍ය වශයෙන් අප ධෛර්යවත් වන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඉන් මා අදහස් කරන්නේ, මාගේ ඇදහිල්ල නිසා ඔබ ද ඔබේ ඇදහිල්ල නිසා මා ද ශක්තිසම්පන්න වීම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඉන් මා අදහස් කරන්නේ, මාගේ ඇදහිල්ල නිසා ඔබ ද ඔබේ ඇදහිල්ල නිසා මා ද ශක්තිසම්පන්න වීම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 මෙසේ කියන්නේ නුඹලාගෙත් මාගෙත් අන්‍යොන්‍ය ඇදහිල්ල කරණකොටගෙන නුඹලා සමඟ මටත් සැනසිල්ල ලැබෙන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 1:12
17 හුවමාරු යොමු  

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද අපෝස්තුලුවරයකු ද වූ සීමොන් පේතෘස් වෙතිනි. අපගේ දෙවියන්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මඟින්, අප ලබා ඇති සේ එක සමාන අනර්ඝ ඇදහිල්ලක් ලද්දවුන් වෙතයි.


පොදු ඇදහිල්ල තුළ මගේ සැබෑ දරුවා වූ තීතස් වෙතයි: පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් හා අපගේ ගැලවුම්කාර ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන් අනුග්‍රහයත්, සාමයත් වේවා!


එබැවින් අපි සැනසිල්ල ලැබීමු. අපගේම සැනසීමට අමතරව, ඔබ හැම තීතස්ගේ ආත්මය නව පණ ගන්වා තිබූ බැවින් වූ ඔහුගේ ප්‍රීතිය නිසා අප වඩාත් ප්‍රීති වන්නෙමු.


එසේ කළ යුත්තේ, දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් ප්‍රීතියෙන් යුතුව ඔබ වෙත එන්නටත්, ඔබගේ සමාගමෙන් මා ප්‍රබෝධ වන පිණිසත් ය.


එහි පැමිණි බාර්ණබස්, ඔවුන් වෙත වූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය දැක ප්‍රමෝදවත්ව, ඔවුන් ධෛර්යවත් කරමින්, තමන්ගේ මුළු හදින් ස්වාමින්වහන්සේට විශ්වාසවන්තව පැවත සිටින ලෙස අවවාද කළේ ය.


ප්‍රේමණීයයනි, අප පංගුකාරව සිටින ගැලවීම පිළිබඳව ඔබට ලියා එවන්නට ලොකු ඕනෑකමක් තිබුණ ද, එක් වරක්ම ශුද්ධවතුනට බාර දෙන ලද ඇදහිල්ල සඳහා සටන් වදින ලෙස ඉල්ලමින් ඔබට ලිවීම අවශ්‍යමැයි මට හැඟිණ.


පියාණන්වහන්සේ අපට අණ කළ පරිද්දෙන්, ඔබේ දරුවන් ඇතැම් දෙනකු සත්‍යතාවෙහි පවතිනු දැකීම මට මහත් ප්‍රීතියකි.


ඔබ හෙළූ කඳුළු සිහි වන විට, ඔබ දැකීමේ දැඩි ආශාවක් ඇති වන්නේ, මා ප්‍රීතියෙන් පිරී යන පිණිස ය.


එකම ස්වාමින්වහන්සේ ය; එකම ඇදහිල්ල ය; එකම බව්තීස්මය ය;


මා, ඔබ පසුකර ස්පාඤ්ඤයට යන ගමනේදී ඔබ හමුවීමටත්, එසේ මද කලක් ඔබගේ ඇසුරේ ප්‍රීතිය විඳි පසු, එතැන් පටන් මගේ ගමනට ඔබගෙන් උපකාර ලැබීමටත් බලාපොරොත්තු වෙමි.


මා ඔබ දැකීමේ ආශාවෙන් පසුවන්නේ, ඔබ ශක්තිමත් කෙරෙන පිණිස, ඔබට යම් ආත්මික ත්‍යාගයක් දීමටයි.


සහෝදරයිනි, අන් ජාතීන් අතරේ මා ලැබූ ලෙස, ඔබ අතරදී ද යම් අස්වැන්නක් ලබන්නට, ඔබ වෙත එන්නට මා කීප විටක් සැලසුම් කළ නමුදු, මේ වන තෙක්ම එය වළක්වනු ලැබූ වග ඔබ දැන ගන්නවාට කැමතියි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්