1 යොහන් 5:2 - සිංහල කාලීන පරිවර්තනය දෙවියන්වහන්සේගේ දරුවනට අප ප්‍රේම කරන වග අප දැනගන්නේ මෙයිනි: දෙවියන්වහන්සේට ප්‍රේම කරමින්, උන්වහන්සේගේ ආඥාවලට කීකරු වීමෙනි. Sinhala New Revised Version දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙන් ද, උන් වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ද අපි උන් වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව දැනගනිමු. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙන් ද, උන් වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ද අපි උන් වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව දැනගනිමු. Sinhala Revised Old Version අප දෙවියන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන කල, අපි දෙවියන්වහන්සේගේ දරුවන්ට ප්‍රේමකරන බව අපි දනිමුව. |
අප උන්වහන්සේ හැඳින ගැනීමට පැමිණ ඇති වග, අප දැනගන්නේ මෙයින් ය; එනම් අප උන්වහන්සේගේ ආඥා පිළිපදිනවා නම් ය.
එහෙත් උන්වහන්සේගේ වචනය පිළිපදින යම් කෙනකු වේ ද, සැබවින් ම ඔහු තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ කෙරේ. අප උන්වහන්සේ තුළ සිටිනා වග සහතිකයෙන් දැනගන්නේ එලෙසිනි.
අප දන්නා පරිදි අපි මරණයෙන් එතෙරව ජීවනයට ඇතුල්ව සිටින්නෙමු; මන්ද අපි සහෝදරයනට ප්‍රේම කරන්නෙමු. ප්‍රේම නො කරන කවුරුන් වුව මරණයේ රැඳී සිටී.
උන්වහන්සේගෙන් අපට ආඥාව මෙයයි: දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නා තම සහෝදරයාට ද ප්‍රේම කළ යුතු ය.