Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 යොහන් 5:3 - සිංහල කාලීන පරිවර්තනය

3 දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම මෙයයි: එනම් උන්වහන්සේගේ ආඥා රක්ෂා කිරීමයි. උන්වහන්සේගේ ආඥා බර නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම යනු උන් වහන්සේගේ ආඥා පිළිපැදීම යි. උන් වහන්සේගේ ආඥා පිළිපැදීම දුෂ්කර නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම යනු උන් වහන්සේගේ ආඥා පිළිපැදීම යි. උන් වහන්සේගේ ආඥා පිළිපැදීම දුෂ්කර නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 මක්නිසාද දෙවියන්වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය. උන්වහන්සේගේ ආඥා බර නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 5:3
26 හුවමාරු යොමු  

“ඔබ මට ප්‍රේම කරනවා නම්, ඔබ මගේ ආඥා පිළිපදියි.


මා, මගේ පියාණන්වහන්සේගේ ආඥා පිළිපදිමින්, උන්වහන්සේගේ ප්‍රේමයේ රඳා සිටි අයුරින්, ඔබත් මාගේ ආඥා පිළිපදින්නේ නම්, මගේ ප්‍රේමයේ රඳා සිටිනු ඇත.


ප්‍රේමය මෙයයි: දෙවියන්වහන්සේගේ ආඥාවනට අනුව පැවත සිටීමයි. මුල පටන් ඔබ අසා ඇති පරිදි උන්වහන්සේගේ ආඥාව, ඔබ එහි පැවත සිටීමයි.


අප උන්වහන්සේ හැඳින ගැනීමට පැමිණ ඇති වග, අප දැනගන්නේ මෙයින් ය; එනම් අප උන්වහන්සේගේ ආඥා පිළිපදිනවා නම් ය.


මන්ද මගේ ඇතුළාන්ත මිනිසාගෙන් මම දෙවියන්වහන්සේගේ දහම් නීතියෙහි ප්‍රමෝද වන්නෙමි.


මා ඔබට අණ කළ දෑ ඔබ පිළිපදින්නේ නම්, ඔබයි මගේ මිත්‍රයෝ.


මන්ද, ඒ දවස්වලට පසු ඉශ්‍රායෙල් වංශය සමඟ මා කරන ගිවිසුම මෙන්න මේ යයි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මම, මාගේ ආඥා ඔවුන්ගේ මනසේ තබන්නෙමි; ඔවුන්ගේ හදවත්හි ඒවා ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුහු මාගේ ජනතාව වන්නෝ ය.


එබැවින් දහම් නීතිය ශුද්ධ ය; ආඥාව ශුද්ධ ය; ධර්මිෂ්ඨ ය; යහපත් ය.


ඔවුහු දරන්නට බැරි, මහ බර පොදි බැඳ, ඒවා මිනිසුන්ගේ කර පිට පටවති; එහෙත් ඒවා අහක් කිරීමට ඇඟිල්ලකින්වත් සහාය නො දෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්