1 යොහන් 4:4 - සිංහල කාලීන පරිවර්තනය ප්‍රිය දරුවනි, ඔබ දෙවියන්වහන්සේගෙන් ය. ඔබ ඔවුන්ගෙන් ජය ගෙන තිබේ. මන්ද ලෝකයේ සිටින තැනැත්තාට වඩා ඔබ තුළ සිටින තැනැත්තාණන් උතුම් ය. Sinhala New Revised Version ප්‍රිය දරුවෙනි, ඔබ දෙවියන් වහන්සේට අයිති වෙමින් බොරු දිවැසිවරුන් පරාජය කර ඇත. මන්ද, ඔබ තුළ වැඩවසන දෙවියන් වහන්සේ ලෝකයේ සිටින ක්‍රිස්තු-විරෝධියාට වඩා උතුම් ය. Sinhala New Revised Version 2018 ප්‍රිය දරුවෙනි, ඔබ දෙවියන් වහන්සේට අයිති වෙමින් බොරු දිවැසිවරුන් පරාජය කර ඇත. මන්ද, ඔබ තුළ වැඩවසන දෙවියන් වහන්සේ ලෝකයේ සිටින ක්‍රිස්තු-විරෝධියාට වඩා උතුම් ය. Sinhala Revised Old Version මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති. |
තවත් දුරට ඔබ සමඟ මා කතා කරන්නේ නැත. මන්ද මේ ලෝකයේ අධිපතියා පැමිණේ. එහෙත් ඔහුට මා කෙරෙහි කිසිදු බලයක් නැත.
මා ඔවුන් තුළත්, ඔබ මා තුළත් සිටීමෙන් ඔවුන් සම්පූර්ණ ඒකත්වයට පත්වීමෙන් ඔබ මා එවූ බවත්, ඔබ, මට මෙන්ම මොවුන්ට ද ප්‍රේම කළ බවත් ලෝකයා දැනගන්නා පිණිස ය.
එසේ නම් මේ දෑ ගැන කුමක් කියමු ද? දෙවියන්වහන්සේ අපේ පැත්තට නම්, අපට එරෙහි විය හැක්කේ කවරකුට ද?
නැත; මේ සියල්ලේදී, අපට ප්‍රේම කළ තැනැත්තාණන් මඟින් අපි ජයග්‍රාහකයින්ටත් වඩා වැඩිමනත් වම්හ.
දැන් අප ලබා ඇත්තේ ලෝකයේ ආත්මය නො වේ. දෙවියන්වහන්සේ ත්‍යාගවත්ව අපට දෙන ලද දෑ වටහා ගන්නා පිණිස, දෙවියන්වහන්සේ වෙතින් වූ ආත්මයාණන් ය.
“ආහාර, උදරය සඳහා ය; උදරය, ආහාර සඳහා ය.” එහෙත් දෙවියන්වහන්සේ ඒ දෙකම, ඒකත්-මේකත් විනාශ කරන සේක. ශරීරය ලිංගික අනාචාරය සඳහා නො ව, ස්වාමින්වහන්සේ සඳහා ය. ස්වාමින්වහන්සේ ද ශරීරය සඳහා ය.
එහිදී මේ ලෝකයේ දෙවියා නො ඇදහිලිවතුන්ගේ මනස් අන්ධ කරනු ලැබ ඇත්තේ, දෙවියන්වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචියේ ආලෝකය ඔවුනට නො පෙනෙන පිණිස ය.
පිළිම රූප සමඟ දෙවියන්වහන්සේගේ මාලිගාවට ඇති එකඟතාව කුමක් ද? මන්ද ජීවමාන දෙවියන්වහන්සේගේ මාලිගාව අප ය. දෙවියන්වහන්සේ පවසන පරිදි: “මම ඔවුන් මධ්‍යයේ මාගේ නිවස්නය තනා, ඔවුන් අතර ගැවසෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි; ඔවුහු මාගේ ජනයා වන්නෝ ය.”
එසේ වූයේ, ඔබ මෙලොව සම්මත දිවි රටාව හා අකීකරුකමේ පුත්‍රයින් තුළ දැනුදු ක්‍රියා කරන දුෂ්ටාත්මය වූ ආකාශ රාජධානි අධිපතියාගේ මාර්ග අනුගමන කරමින්, ඒවා තුළ ජීවත් වූ කාලයේ ය.
එසේ කරන්නේ, ඇදහිල්ල මඟින් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ හදවත්හි වාසය කරන පිණිස ය. තවද ප්‍රේමයෙහි ඔබ මුල් ඇද, ස්ථිරව පිහිටන පිණිසත්,
මා ප්‍රිය දරුවනි, මේවා මා ඔබට ලියන්නේ, ඔබ පව් නො කරන පිණිස ය. එහෙත් යමකු පව් කළොත්, ධර්මිෂ්ඨ වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නම් මැදහත්කාරයාණන් කෙනෙක් අප උදෙසා පියාණන්වහන්සේ වෙත සිටින සේක.
මා ඔබට ලියන්නේ පියවරුනි, ඔබ, මුල පටන් සිටින තැනැන්වහන්සේ හඳුනාගෙන සිටින බැවිනි. මා ඔබට ලියන්නේ තරුණයිනි, ඔබ, නපුරා පරදා, ජය ගෙන ඇති බැවිනි.
මන්ද අප හදවත් අපට දෝෂාරෝපණ කරන කවර විටෙක වුව, දෙවියන්වහන්සේ අප හදවත්වලට වඩා උතුම් ය; උන්වහන්සේ සියලු දේම දන්නා සේක.
උන්වහන්සේගේ ආඥා පිළිපදින්නෝ, උන්වහන්සේ තුළ පැවත සිටිති. උන්වහන්සේ ද ඔවුන් තුළ පැවත සිටිති. උන්වහන්සේ අප තුළ පැවත සිටින බව අප දැනගන්නේ මෙයිනි; උන්වහන්සේම අපට දුන් ආත්මයාණන්වහන්සේ මඟිනි.
අප උන්වහන්සේ තුළ ද උන්වහන්සේ අප තුළ ද පැවත සිටින වග අප දැනගන්නේ මෙයිනි; උන්වහන්සේ ස්වකීය ආත්මයාණන් අපට දී ඇති බැවිනි.
මෙසේ අපි, අප වෙත ඇති දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනගැනීමට හා විශ්වාසයට පැමිණ ඇත්තෙමු. දෙවියන්වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයේ පැවත සිටින්නා දෙවියන්වහන්සේ තුළ පැවත සිටියි; දෙවියන්වහන්සේ ඔහු තුළ පැවත සිටින සේක.
අප දෙවියන්වහන්සේගෙන් ය, දෙවියන්වහන්සේ දන්නා අය අපට සවන් දෙති; එහෙත් දෙවියන්වහන්සේගෙන් නො වන අය අපට සවන් දෙන්නේ නැත. සත්‍යයේ ආත්මයාණන් හා අසත්‍යයේ ආත්මය කුමක්දැයි අප දැනගන්නේ මෙලෙසිනි.
මන්ද දෙවියන්වහන්සේගෙන් උපත ලැබූ හැම කෙනකුම ලෝකයෙන් ජය ගනී. ලෝකයෙන් ජය ගන්න ජයග්‍රහණය, අපගේ ඇදහිල්ලයි.
බැටළු පැටවාණන්ගේ ලේ මඟින් හා තම සාක්ෂියේ වචනය මඟින්, ඔවුහු ඔහුගෙන් ජය ගත්හ. තවද, ඔවුන් මරණය දක්වාම, තමන්ගේ ජීවිතවලට ප්‍රේම කළේ නැත.