Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 යොහන් 4:4 - Sinhala New Revised Version

4 ප්‍රිය දරුවෙනි, ඔබ දෙවියන් වහන්සේට අයිති වෙමින් බොරු දිවැසිවරුන් පරාජය කර ඇත. මන්ද, ඔබ තුළ වැඩවසන දෙවියන් වහන්සේ ලෝකයේ සිටින ක්‍රිස්තු-විරෝධියාට වඩා උතුම් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 ප්‍රිය දරුවනි, ඔබ දෙවියන්වහන්සේගෙන් ය. ඔබ ඔවුන්ගෙන් ජය ගෙන තිබේ. මන්ද ලෝකයේ සිටින තැනැත්තාට වඩා ඔබ තුළ සිටින තැනැත්තාණන් උතුම් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ප්‍රිය දරුවෙනි, ඔබ දෙවියන් වහන්සේට අයිති වෙමින් බොරු දිවැසිවරුන් පරාජය කර ඇත. මන්ද, ඔබ තුළ වැඩවසන දෙවියන් වහන්සේ ලෝකයේ සිටින ක්‍රිස්තු-විරෝධියාට වඩා උතුම් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 4:4
28 හුවමාරු යොමු  

කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?


මන්ද, දෙවියන් වහන්සේගෙන් උපන් හැම කෙනෙකු ම ලෝකයෙන් ජයගෙන ඇත. ලෝකය පරදවන වික්‍රමය නම් ඇදහිල්ල යි.


එහෙත් අපට ප්‍රේම කළ තැනැන් වහන්සේ නිසා අපි මේ සියල්ලේ දී ම විජයග්‍රාහී වෙමු.


මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කර සිටිමු. දෙවියන් වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයෙහි ජීවත් වන්නා උන් වහන්සේ තුළ ජීවත් වෙයි. දෙවියන් වහන්සේ ද ඔහු තුළ ජීවත් වන සේක.


එහෙත් දෙවියන් වහන්සේ නොමසුරු ව අපට දුන් සියල්ල තේරුම් ගන්නා පිණිස, අප ලබා ඇත්තේ මෙලොවේ ප්‍රඥාවක් නොව, දෙවියන් වහන්සේගෙන් නික්ම එන ශුද්ධාත්මයාණෝ ය.


අප දෙවියන් වහන්සේට අයිති බවත්, මුළු ලෝකය නපුරාට යටත් බවත් දනිමු.


අප උන් වහන්සේ තුළ ද, උන් වහන්සේ අප තුළ ද සිටින බව අප දන්නේ, උන් වහන්සේ සිය ආත්මයාණන් වහන්සේ අපට ප්‍රදානය කර ඇති බැවිනි.


අවසාන වශයෙන් සමිඳාණන් වහන්සේ තුළ ද උන් වහන්සේගේ ප්‍රබල ශක්තියෙහි ද බලවත් වන්න.


ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ ඔබේ සිත් තුළ වාසය කරන පිණිස ද, යාච්ඤා කරමි. තවද, ප්‍රේමයේ මුල් බැස, ස්ථිර ව පිහිටා සිටින පිණිස ද, යාච්ඤා කරමි.


ඔව්හු බැටළු පෝතකයාණන්ගේ යාගික රුධිරය නිසා ද, තමන් සාක්ෂි දැරූ පණිවුඩය නිසා ද ඔහුගෙන් ජය ගත්තෝ ය. මන්ද, ඔව්හු මරණයට වත් බිය නොවී දිවි දීමට සූදානම් ව සිටියහ.


උන් වහන්සේගේ ආඥා පිළිපදින්නා, උන් වහන්සේ තුළ වෙසෙයි; උන් වහන්සේ ද ඔහු තුළ වැඩවසන සේක. උන් වහන්සේ අප තුළ වැඩවසන බව අප දන්නේ උන් වහන්සේ අපට දුන් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ය.


මේ ලෝකය පිළිබඳ විනිශ්චය මොහොත දැන් ය; මේ ලෝකයේ අධිපතියා දැන් පරාජය කරනු ලැබේ.


මෙසේ කෙළේ, මා ඔවුන් තුළ ද ඔබ මා තුළ ද සිටීමෙන්, ඔවුන් සම්පූර්ණ ලෙස ඒකත්වයට පැමිණෙන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ද, ඔබ මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ටත් ප්‍රේම කළ බව ද ලෝකයා දැනගන්නා පිණිසත් ය.


අප දෙවියන් වහන්සේට අයිති ය. දෙවියන් වහන්සේ අඳුනන තැනැත්තා අපට සවන් දෙයි. දෙවියන් වහන්සේට අයිති නොවන්නා අපට සවන් නොදෙයි. සත්‍යයත් අසත්‍යයත් අපට හඳුනාගත හැක්කේ මේ ලෙසිනි.


දේව මාලිගාව හා දේවතා පිළිම අතර සමානකමක් ඇද් ද? නැත. අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මන්දිර වෙමු. ඒ බව දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ඔවුන් සමඟ වාසය කරන්නෙමි, ගැවසෙන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.”


පියවරුනි, මා ඔබට ලියන්නේ, මූලාරම්භයේ සිට වැඩසිටින තැනැන් වහන්සේ ඔබ දන්නා බැවිනි. තරුණයිනි, මා ඔබට ලියන්නේ, ඔබ නපුරා දමනය කර ඇති බැවිනි.


“ආහාර උදරය සඳහා ය, උදරය ආහාර සඳහා ය”යි කීවත් දෙවියන් වහන්සේ ඒ දෙක ම නැති කරන සේක. තවද ශරීරය අනාචාරය පිණිස නොවේ. එය සමිඳාණන් වහන්සේ උදෙසා ය.


එකල ඔබ අනුගමනය කෙළේ මේ යුගයේ පවිටු මඟ ය. තවද, අකීකරු අය තුළ ක්‍රියා කරන බලවේගය වන, ආකාශ බලධාරීන්ගේ අධිපතියාට ද ඔබ යටත් ව සිටියහු ය.


විනිශ්චය ගැන යයි කීවේ, මේ ලෝකයේ අධිපතියා විනිශ්චය කරන ලද බැවිනි.


දෙවියන් වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත සුබ අස්නේ ප්‍රභාව නොපෙනෙන සේ මෙලොව දෙවියා නොඇදහිලිවන්තයන්ගේ සිත් අඳුරු කර ඇත.


තවදුරටත් ඔබ සමඟ කතා කිරීමට නුපුළුවන. ලෝකයේ අධිපතියා එන්නේ ය. මා කෙරෙහි කිසි බලපුළුවන්කාරකමක් ඔහුට නැත.


මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා මා ඔබට ලියා එවන්නේ, ඔබ පව් නොකරන පිණිස ය. එහෙත් යමෙකු පව් කළොත්, ධර්මිෂ්ඨ වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නම් මැදහත්කාරයාණන් කෙනෙක් අප වෙනුවෙන් පියාණන් වහන්සේ වෙත සිටින සේක.


අපේ සිත අපට දෝෂාරෝපණය කරයි නම්, දෙවියන් වහන්සේ අපේ සිතට වඩා උතුම් බවත්, උන් වහන්සේ සියල්ල දන්නා බවත් අපි දනිමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්