1 යොහන් 3:18 - සිංහල කාලීන පරිවර්තනය ප්‍රිය දරුවනි, වචනයෙන් හා කතාවෙන් නො ව ක්‍රියාවෙන් හා සත්‍යයෙන් ප්‍රේම කරමු. Sinhala New Revised Version මාගේ ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනයෙන් වත්, කතාවෙන් වත් නොව, ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමයක් විය යුතු ය. Sinhala New Revised Version 2018 මාගේ ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනයෙන් වත්, කතාවෙන් වත් නොව, ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමයක් විය යුතු ය. Sinhala Revised Old Version මාගේ ප්‍රිය දරුවෙනි, වචනයෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් ප්‍රේමකරමු. |
මන්ද, මා සහෝදරයිනි, ඔබ කැඳවනු ලැබ ඇත්තේ නිදහස්කමට ය. එහෙත් ඒ නිදහස මාංසය පිනවීමට නො ව, එකිනෙකාට ප්‍රේමයෙන් සේවය කිරීමට යොදන්න.
ඒ වෙනුවට අපි ප්‍රේමයෙන් යුතුව, සත්‍යය පවසමින්, ශරීරයේ හිස වන ක්‍රිස්තුස්වහන්සේ තුළට සැමතින්ම වැඩෙන්නෙමු.
ඔබගේ ඇදහිල්ලේ ක්‍රියාව ද ඔබගේ ප්‍රේමයේ වෙහෙසීම ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ ඔබගේ බලාපොරොත්තුවෙන් උපදනා නො පසුබට වීර්යය ද ගැන අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ ඉදිරියේ නිබඳව අපි සිහි කරන්නෙමු.
සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන පිණිස ඔබ සත්‍යයට කීකරුවීමෙන්, ඔබගේ ජීවය පවිත්‍ර කරගෙන සිටින බැවින්, පවිත්‍ර හදවතකින් උද්යෝගීව එකිනෙකාට ප්‍රේම කරන්න.
මා ප්‍රිය දරුවනි, මේවා මා ඔබට ලියන්නේ, ඔබ පව් නො කරන පිණිස ය. එහෙත් යමකු පව් කළොත්, ධර්මිෂ්ඨ වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නම් මැදහත්කාරයාණන් කෙනෙක් අප උදෙසා පියාණන්වහන්සේ වෙත සිටින සේක.
ප්‍රිය දරුවනි, කිසිවකු ඔබ නො රවටත්වා; උන්වහන්සේ ධර්මිෂ්ඨ සේ ම, ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨ ය.
සභා-මූලිකයා වෙතිනි, සත්‍යතාවෙහි මා ප්‍රේම කරන, දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද ස්වාමිදුවට හා ඇගේ දරුවන් වෙත, මා පමණක් නො ව, සත්‍යය දන්නා හැම දෙනාම ඔබට ප්‍රේම කරන්නේ,