1 පේත්‍රැස් 1:18 - සිංහල කාලීන පරිවර්තනය ඔබ දන්නා පරිදි ඔබේ පියවරුන්ගෙන් උරුම වූ නිෂ්ඵල මාර්ගවලින් ඔබ මුදා ගන්නා ලද්දේ, රන් හෝ රිදී වැනි දිරා යන දේවලින් නො ව, Sinhala New Revised Version ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිෂ්ඵල ජීවිත මාර්ගයෙන් ඔබ මුදනු ලැබුවේ රන් රිදී වැනි දිරා යන දේවල් මඟින් නොව, Sinhala New Revised Version 2018 ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිෂ්ඵල ජීවිත මාර්ගයෙන් ඔබ මුදනු ලැබුවේ රන් රිදී වැනි දිරා යන දේවල් මඟින් නොව, Sinhala Revised Old Version මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනිවූ දිරායන දේවල් කරණකොටගෙන නොව, |
මන්ද ඔවුන් දෙවියන්වහන්සේ දැන දැනත්, දෙවියන්වහන්සේට මෙන් උන්වහන්සේට ගෞරව දැක්වූයේ නැත; උන්වහන්සේට ස්තුති කළේ ද නැත. එබැවින් ඔවුන්ගේ මත වාද වැඩකට නැති වී, ඔවුන්ගේ නිස්සාර හදවත් අඳුරු කරනු ලැබ ඇත.
මිලයක් ගෙවීමෙන්, ඔබ මිලයට ගනු ලැබ ඇත. එබැවින් ඔබගේ ශරීරය තුළ දෙවියන්වහන්සේ මහිමයට පමුණුවන්න.
උන්වහන්සේ, මේ වත්මන් දුෂ්ට යුගයෙන් අප මුදා ගන්නා පිණිස, අපගේ පාප උදෙසා තමන්ම පූජා වූයේ, අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේගේ අභිප්‍රාය පරිද්දෙනි.
එබැවින් මා ඔබට කියන්නේත්, ස්වාමින්වහන්සේ තුළ තරයේම ඔබෙන් ඉල්ලන්නේත්, තවදුරටත් අන්‍ය-ජාතීන් මෙන් තම නිස්සාර කල්පනා අනුව ජීවිතය ගත නො කරන ලෙසයි.
සියලු දුෂ්ටකම්වලින් අප මුදනු පිණිසත්, යහපත් ක්‍රියාවන් කිරීමට උද්යෝගී, තමන් සන්තකවූත් ජනතාවක් කොට අප පවිත්‍ර කර ගනු පිණිසත් උන්වහන්සේ අප උදෙසා තමන්ම දුන් සේක.
ශුද්ධස්ථානයට ඇතුළු වූයේ, එළු ලේ හා ගව ලේ මඟින් නො ව, තමන්වහන්සේගේ ලේ මඟින් සදාතන මිදීම සලසමින්, සදහට ම එක් වරක් පමණි.
ගින්නේ ලා පරීක්ෂා කළත් දිරා යන සුළු රත්රන්වලට වඩා අනර්ඝ වූ පරීක්ෂා කරන ලද ඔබගේ ඇදහිල්ලේ අව්‍යාජත්වය ඔප්පු වී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශ වීමේදී එය ප්‍රශංසාවකට ද තේජසකට ද ගෞරවයකට ද හේතු වන වග දැක්වෙන පිණිස ය.
මන්ද අන්‍ය-ජාතීන් කැමැත්තෙන් තෝරා ගන්නා ඉන්ද්‍රියයන් පිනවීම, තෘෂ්ණාව, බේබදුකම, මධු-සාද, සුරාපාන උත්සව හා පිළිකුල් පිළිම රූප වන්දනාව යන දෑහි යෙදෙමින් ඔබත් ඇති තරම් කලක් ජීවත් වී ඇත.