පාවුල් දර්බයටත් එතැනින් ලුස්ත්‍රාවටත් පැමිණියේ ය. ලුස්ත්‍රාවෙහි තිමෝති නම් ගෝලයෙක් විසී ය. ඔහුගේ මව යුදෙව් ජාතික ඇදහිලිවන්තියක වූ නමුදු පියා ග්‍රීකයෙකි.
1 තිමෝති 6:20 - සිංහල කාලීන පරිවර්තනය එම්බා තිමෝති, ඔබට බාර දී ඇති දෑ රැකගන්න; හිස් දෙඩවිල්ලෙන් හා දැනුම යැයි බොරුවෙන් හඳුන්වන පරස්පර-විරෝධී අදහස්වලින් ද වළකින්න. Sinhala New Revised Version තිමෝතියස්, ඔබට භාර දුන් දෙය ආරක්ෂා කරන්න. දැනුම ලෙස සැලකෙන මිථ්‍යාදෘෂ්ටික අදහස්වලින් ද අර්ථයක් නැති හිස් දෙඩවිලිවලින් ද පරස්පර විරෝධී මතවලින් ද වළකින්න. Sinhala New Revised Version 2018 තිමෝතියස්, ඔබට භාර දුන් දෙය ආරක්ෂා කරන්න. දැනුම ලෙස සැලකෙන මිථ්‍යාදෘෂ්ටික අදහස්වලින් ද අර්ථයක් නැති හිස් දෙඩවිලිවලින් ද පරස්පර විරෝධී මතවලින් ද වළකින්න. Sinhala Revised Old Version තිමෝතියස්නි, දැනගැන්මයයි බොරුවෙන් කියන දැනගැන්මේ අපහාසිකවූ හිස් දෙඩවිලිවලින්ද විරුද්ධකම්වලින්ද අහක්ව සිට, නුඹට භාරදුන් දෙය ආරක්ෂාකරන්න; |
පාවුල් දර්බයටත් එතැනින් ලුස්ත්‍රාවටත් පැමිණියේ ය. ලුස්ත්‍රාවෙහි තිමෝති නම් ගෝලයෙක් විසී ය. ඔහුගේ මව යුදෙව් ජාතික ඇදහිලිවන්තියක වූ නමුදු පියා ග්‍රීකයෙකි.
එහිදී එපිකූරිය හා ස්තෝයික දාර්ශනිකයින් කණ්ඩායමක් ද ඔහුට මුණ ගැසුණහ. ඔවුන්ගෙන් ඇතමෙක්, “මේ වාචාලයා කියන්නට අර අඳින්නේ මොනවා දැ?” යි පැවසූහ. සෙසු අය අදහස් දක්වමින්, “මොහු විදේශ දෙවිවරුන් ප්‍රචාරය කරන්නකු සේ පෙනේ” යි කීහ. එසේ කීවේ, පාවුල් යේසුස්වහන්සේ ගැන ද මරණින් නැගිටීම ගැන ද දේශනා කළ බැවිනි.
සියලු ඇතන්ස්වරුන් ද එහි විසූ විදේශීන් ද ඔවුන්ගේ මුළු කාලයම පාහේ ගත කළේ, නවතම මත අදහස් පල කරමින් හා ඒවාට සවන් දෙමින් මිස, අන් හැටියකින් නො වේ.
හැම අතින්ම බොහෝ ය. මුලින්ම, දෙවියන්වහන්සේගේ කියමන් බාර දෙනු ලැබ ඇත්තේ, යුදෙව්වන්ට ය.
එසේ වුව ද පරිණතවූවන් අතරේ අපි ප්‍රඥාව කතා කරන්නෙමු. එය, මේ වත්මන් යුගයේ හෝ මතු අහෝසි වන මේ යුගයේ බලධාරීන්ගේ ප්‍රඥාවක් නො වේ.
මන්ද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියේ අඥානකමකි. මන්ද, “උන්වහන්සේ ප්‍රඥාවන්තයින් ඔවුන්ගේම උපායවලින් හසුකර ගන්නා සේකැ” යි ලියා තිබේ.
ඔබට හිමි ත්‍යාගයට ඔබ නුසුදුස්සකු කිරීමට ව්‍යාජ යටහත්කමට හා දේව දූත නමස්කාරයට කැමති කිසිවකුට ඉඩ නො දෙන්න. තමන් දුටු දර්ශන ගැන පුරසාරම් දොඩමින්, තම මාංසික සිත් පුහු සංකල්පනාවලින් පුරවා ගෙන, උදාරම් වන
ක්‍රිස්තුස්වහන්සේ මත පදනම් නො වී, මානව සම්ප්‍රදායයන්ට හා මේ ලෝකයේ යක්ෂාත්ම බලවේගවලට අනුව වූ දර්ශනවාද හා හිස් රැවිටිලිවලින් ඔබ වහල් කොට ගන්නට කිසිවකුට ඉඩ නො දෙන්න.
එබැවින් ඔබ ඉවසා දරා සිටින සියලු පීඩා හා කරදර මැද ද ඔබගේ ස්ථිරකමත්, ඇදහිල්ලත් ගැන දෙවියන්වහන්සේගේ සභා අතරේ අපි පාරට්ටු කරන්නෙමු.
එබැවින් සහෝදරයිනි, කට වචනයෙන් හෝ ලිපි මඟින් හෝ අප ඔබට ඉගැන්වූ ඉගැන්වීම් තුළ ස්ථිරව පැවත සිටින්න. ඒවා තරකොට අල්ලා ගන්න.
මෙම සාර දහම, භාග්‍යවත් දෙවියන්වහන්සේගේ තේජාන්විත ශුභාරංචියට අනුකූලව උන්වහන්සේ විසින්ම මට බාර දෙන ලද ඉගැන්වීම් ය.
ඇදහිල්ලේ මගේ සැබෑ දරුවා වන තිමෝති වෙතයි: පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් හා අප ස්වාමින්වහන්සේ වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, දයාවත්, සාමයත් වේවා!
මිථ්‍යා හා කෙළවරක් නැති පරම්පරා කතාවල නො ගැලෙන ලෙස අණ කරන්නටත් ය. ඒවායින් වන්නේ ඇදහිල්ලෙන් එන දෙවියන්වහන්සේ වෙතින් වූ සැලැස්ම වෙනුවට මත භේදයට තුඩු දෙන අදහස් උස්සා තැබීම ය.
අප දැනගත යුත්තේ, නීති පනවා ඇත්තේ ධර්මිෂ්ඨයින් සඳහා නො වන බව ය. ඒවා දාමරිකයින්, අකීකරුවන්නන්, අභක්තිකයින් හා පව්කරුවන් ද අශුද්ධයින් හා දුශ්ශීලයින්, පීතෘ හෝ මාතෘ ඝාතකයින් හා මිනීමරුවන් ද
එහෙත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබ මේ හැම වෙතින් පලා ගොස්, ධර්මිෂ්ඨකම ද දේව භක්තිය ද ඇදහිල්ල හා ප්‍රේමය ද තිරසර බව හා මුදු මෙලෙක් ගුණය ද හඹා යන්න.
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ප්‍රකාශ වන තුරු නො කැළැල්ව හා දෝෂයෙන් තොරව මේ ආඥාව පිළිපදින ලෙසයි.
අභක්තික හිස් දෙඩවිලිවලින් වළකින්න. මන්ද ඒවා වඩ වඩාත් දේව අභක්තියට මිනිසුන් යොමු කරවයි.
පොදු ඇදහිල්ල තුළ මගේ සැබෑ දරුවා වූ තීතස් වෙතයි: පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් හා අපගේ ගැලවුම්කාර ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන් අනුග්‍රහයත්, සාමයත් වේවා!
සාර ඉගැන්වීම මඟින් අන්‍යයන් දිරි ගැන්වීමටත්, ඊට එරෙහිවන්නන් දුර්මුඛ කිරීමටත් සමත් වන පිණිස, ඔහු තමාට උගන්වන ලද පරිද්දෙන් විශ්වාසී වචනය තදින් අල්ලා ගත යුතු ය.
එහෙත් අනුවණ තර්ක ද වංශ පරම්පරා හා වාද විවාද හා දහම් නීති ආරවුල් යනාදියෙන් වැළකී සිටින්න. ඒවා අවැඩදායක ය; නිෂ්ඵල ය.
එබැවින්, ඔබ ලැබූ දේ හා ඇසූ දේ මතක් කරගන්න; ඒවා පවත්වා, පසුතැවිලි වන්න. එහෙත් ඔබ අවදි නො වේ නම්, මම සොරෙකු මෙන් එන්නෙමි. මා ඔබට එරෙහිව කවර පැයේ ඒදැයි ඔබ දැනගන්නේ නැත.