Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 2:6 - සිංහල කාලීන පරිවර්තනය

6 එසේ වුව ද පරිණතවූවන් අතරේ අපි ප්‍රඥාව කතා කරන්නෙමු. එය, මේ වත්මන් යුගයේ හෝ මතු අහෝසි වන මේ යුගයේ බලධාරීන්ගේ ප්‍රඥාවක් නො වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඒ කෙසේ වෙතත් මුහුකුරා ගිය අය අතර අපි ප්‍රඥා සහගත ව කතා කරමු. එහෙත් ඒ ප්‍රඥාව මේ ලෝකයට අයිති ප්‍රඥාවක් වත් මේ යුගයේ විනාශ වී යන අධිපතීන්ට අයිති ප්‍රඥාවක් වත් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඒ කෙසේ වෙතත් මුහුකුරා ගිය අය අතර අපි ප්‍රඥා සහගත ව කතා කරමු. එහෙත් ඒ ප්‍රඥාව මේ ලෝකයට අයිති ප්‍රඥාවක් වත් මේ යුගයේ විනාශ වී යන අධිපතීන්ට අයිති ප්‍රඥාවක් වත් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 එසේවී නුමුත් සම්පූර්ණ තැනැත්තන් අතරෙහි අපි ප්‍රඥාව කථාකරමුව. එනම්, මේ ලෝකයේ, නොහොත් මේ ලෝකයේ නැතිවීයන මුලාදෑනීන්ගේ ප්‍රඥාවක් නොව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 2:6
36 හුවමාරු යොමු  

එහෙත් ඝන ආහාර, හොඳ-නරක තෝරා බේරා ගැනීමට පුරුද්දෙන් නිති පුහුණු වූ මේරූ අය සඳහා ය.


එවැනි ප්‍රඥාව ඉහළින් පැමිණි එකක් නො වේ. එය භූමික ය; ලෞකික ය; යක්ෂයාගෙන් ය.


එහිදී මේ ලෝකයේ දෙවියා නො ඇදහිලිවතුන්ගේ මනස් අන්ධ කරනු ලැබ ඇත්තේ, දෙවියන්වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචියේ ආලෝකය ඔවුනට නො පෙනෙන පිණිස ය.


ස්වල්ප කලක් දුක් විඳි පසු, ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්වහන්සේගේ සදාතනික තේජෝමහිමයට ඔබ කැඳවාගත්, සකල අනුග්‍රහයේ දෙවියන්වහන්සේ, ඔබ ප්‍රකෘතිමත් කර, ශක්තිමත් කර, ස්ථාවර කර, ස්ථිර පදනමක ඔබ පිහිටු වන සේක.


මේ යුගයේ බලධාරීන්ගෙන් කිසිවකු එය වටහා ගත්තේ නැත. මන්ද, ඔවුන් එය වටහා ගත්තා නම්, ඔවුන් තේජසේ ස්වාමින්වහන්සේ කුරුසිපත් කරන්නේ නැත.


දැන් පවතින දෑ නිෂ්ප්‍රභා කරන පිණිස දෙවියන්වහන්සේ තෝරා ගත්තේ, ලෝකයා විසින් පහත් කොට, නීච කොට සලකන එමෙන්ම දැන් නො පවතින දෑ ය.


ඔබගෙන් කෙනකු වූ ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ ද එපප්‍රස් ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ මුළු කැමැත්ත තුළ පරිණතව, මුළුමනින්ම නිසැකව ඔබ ස්ථිරව සිටින පිණිස, ඔහු ඔබ උදෙසා මහත් පරිශ්‍රමයෙන් නිරතුරු යාච්ඤා කරයි.


එසේ වූයේ, ඔබ මෙලොව සම්මත දිවි රටාව හා අකීකරුකමේ පුත්‍රයින් තුළ දැනුදු ක්‍රියා කරන දුෂ්ටාත්මය වූ ආකාශ රාජධානි අධිපතියාගේ මාර්ග අනුගමන කරමින්, ඒවා තුළ ජීවත් වූ කාලයේ ය.


එබැවින් ඔබේ ස්වර්ගීක පියාණන්වහන්සේ පරිපූර්ණව සිටින සේ ඔබත් පරිපූර්ණව සිටින්න.


අපගේ පාරට්ටුව මෙයයි: ලෝකයේදීත්, විශේෂයෙන්ම ඔබ සම්බන්ධවත් අපගේ හැසිරීම, භූමික ප්‍රඥාවෙන් නො ව, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් ලද ශුද්ධකමින් හා දේව භක්තික අවංකත්වයෙන් බවට අපගේ හෘදය සාක්ෂියේ ඇති සහතිකයයි.


මන්ද අප සැවොම නොයෙක් අයුරින් පැකිළෙන්නෙමු. යමෙක් තමා කතා කරන වචනයෙන් නො පැකිළේ නම්, ඔහු තමන්ගේ මුළු සිරුරම මැඩපවත්වා ගැනීමට සමත් පිරිපුන් මිනිසෙකි.


සහෝදරයිනි ප්‍රීතිවන්න! සම්පූර්ණත්වය අරමුණු කරගන්න. එකිනෙකා ධෛර්යවත් කරන්න. එකිනෙකා හා එකඟ වන්න. සාමයෙන් ජීවත් වන්න. ප්‍රේමයේත්, සාමයේත් දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.


සහෝදරයිනි, ළමයින් මෙන් සිතීම නවතන්න. නපුර සම්බන්ධව බිළිඳුන් වන්න; සිතිවිලිවලින් වැඩිහිටියන් වන්න.


අප මේ දෑ පවසන්නේ මිනිස් ප්‍රඥාවෙන් උගන්වන ලද වචනවලින් නො ව, ආත්මික වූ දෑ ආත්මික සත්‍යතා හා සසඳමින්, ආත්මයාණන්වහන්සේ විසින් උගන්වන ලද වචනවලිනි.


සහෝදරයිනි, මා ඔබ වෙත පැමිණි කල, මා ආවේ දෙවියන්වහන්සේගේ සාක්ෂිය, උදාර කථිකත්වයකින් හෝ ප්‍රඥාවකින් ප්‍රකාශ කරමින් නො වේ.


“වංචනික කළමනාකරු විචක්ෂණව, ශූර ලෙස ක්‍රියා කළ නිසා, හාම්පුතා ඔහුට ප්‍රශංසා කළා. මන්ද මේ ලෝකයේ පුත්‍රයින් තම කටයුතු ගැන ක්‍රියා කරන්නේ, ආලෝකයේ පුත්‍රයින්ට වඩා විචක්ෂණශීලිවයි.


යේසුස්වහන්සේ ඔහු අමතමින්, “සම්පූර්ණ වීමට ඔබට ඕනෑ නම්, ගොස්, ඔබ සතු දෑ විකුණා දිළිඳුන්ට දෙන්න. ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත. ඉන්පසු අවුත්, මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.


කටු අතරේ වැටුණු බීජ නම්, වචනයට සවන් යොමන නමුදු ලෝකයේ දුක් කරදර හා ධන සම්පත්හි මායාවෙන් වචනය යට කර දමන්නා ය. එය පල දරන්නේ නැත.


එහෙත් සහෝදරයිනි, ආත්මික පුද්ගලයනට මෙන් ඔබ ඇමතිය නො හැකිව, මා ඔබ අමතන්නේ මාංසික මිනිසුනට මෙනි; ක්‍රිස්තුස්වහන්සේ තුළ බිළිඳුනට මෙනි.


ආත්මයාණන් මඟින් කෙනකුට ප්‍රඥාව කතා කිරීම ද තව කෙනකුට එම ආත්මයාණන්ට අනුකූලව දැනගැන්ම කතා කිරීම ද


එහෙත්, අපගේ ශුභාරංචිය වැසී තිබේ නම්, එසේ වැසී ඇත්තේ විනාශ වන්නන්ට පමණි.


එබැවින් හැම කෙනකුම ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණත්වයෙන් දෙවියන්වහන්සේට පිළිගන්වනු පිණිස, අපි මුළු ප්‍රඥාවෙන් යුතුව හැම කෙනකුටම ගුරුහරුකම් දෙමින් ද හැම කෙනකුටම උගන්වමින් ද ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරන්නෙමු.


එබැවින් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ආරම්භක ඉගැන්වීම් පසු කොට, එහි පරිණත තත්වයට යා යුත්තේ, එහි අත්තිවාරම් නැවත දැමීමෙන් තොරව ය; එනම් මළ ක්‍රියා ගැන පසුතැවීම, දෙවියන්වහන්සේ වෙත ඇදහීම,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්