ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 6:5 - සිංහල කාලීන පරිවර්තනය

ලජ්ජා සහගතයි! සහෝදරයින් අතරේ ආරවුලක් විසඳීමට ප්‍රඥාවත් එක්කෙනෙක්වත් ඔබ අතරේ නො විය හැකි ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මා මෙසේ කියන්නේ නුඹලාට ලජ්ජා උපදවන පිණිසය. මොකද? තමාගේ සහෝදරයන් අතරේ විනිශ්චයකරන්ට පුළුවන්වූ එක ඥානවන්තයෙක්වත් නුඹලා අතරෙහි නැද්ද?

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 6:5
12 හුවමාරු යොමු  

එදවස්හි එකසිය විසි දෙනකුගෙන් පමණ සමන්විත සහෝදරයින් අතරේ නැගී සිටගත් පේතෘස් කතා කරමින්,


අනනියස් පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඔබගේ ශුද්ධවතුන්ට යෙරුසලමේදී මේ මිනිසා කළ වින්නැහිය ගැන බොහෝ දෙනකුගෙන් මා අසා තියෙනවා.


සොබා දහම විසින් ඔබට මෙය උගන්වනවා නො වේ ද? එය, දිගු හිසකේ පුරුෂයකුට නින්දාවක් බවත්,


යුතු පරිදි සිහි කල්පනාවට යළි පැමිණ, පව් කිරීම නවතන්න. දෙවියන්වහන්සේ ගැන නො දන්නා අය ඔබ අතරේ වෙතැයි මා කියන්නේ ඔබට ලජ්ජා වන්නට ය.


කිසිවෙක් තමාම රවටා නො ගනීවා. ඔබ අතරේ යමෙක්, තමා මේ යුගයේ ප්‍රඥාවතෙකැයි සිතයි නම්, ප්‍රඥාවත් වන පිණිස, ඔහු අඥානයකු බවට පත් වෙත්වා.


අපි ක්‍රිස්තුස්වහන්සේ උදෙසා අඥානයෝ ය; ඔබ ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රඥාවත්හු ය. අප දුබලයින් ය; එහෙත් ඔබ ප්‍රබලයින් ය. ඔබ ගෞරවයෙන් යුතුව සැලකුම් ලබන්නන් ය; එහෙත් අපට අවමානය ය.


මා මෙසේ ලියන්නේ ඔබ ලජ්ජාවට පත් කරන්නට නො වේ. මා ප්‍රේමණීය දරුවනට ඔවා දෙන්නා සේ සලකමිනි.


ඔබෙන් යමකුට, තවත් කෙනකුට එරෙහිව යම් ආරවුලක් ඇත්නම්, ශුද්ධවතුන් වෙත නො ව, අධර්මිෂ්ඨයින් වෙත යන්නට බය නැද්ද?


එබැවින් එබඳු කාරණාවලදී සභාව විසින් ගණන් නො ගන්නා අය වෙත ඒවා ගෙන යන්නේ ඇයි?


ඔබගෙන් යමකු ප්‍රඥාවෙන් හීන නම්, ඔහු ඉල්ලා සිටිය යුත්තේ, වැරදි නො සොයා සියල්ලන්ට නො මසුරුව දෙන දෙවියන්වහන්සේගෙනි; ඔහුට එය ලැබෙනු ඇත.