මධුපානෝත්සව හා බේබදුකම ද ලිංගික අපචාර හා සල්ලාලකම ද අඩ දබර හා ඊර්ෂ්‍යාව ද තුළ නො ව, දහවලට ඔබින සේ ශිෂ්ට සම්පන්නව කටයුතු කරමු.
1 කොරින්ති 3:3 - සිංහල කාලීන පරිවර්තනය ඔබ තවමත් මාංසික ය. ඔබ අතරේ ඊර්ෂ්‍යාවත්, අඩ දබරත් පවතිනවා නම්, තවමත් ඔබ ලෞකිකත්වයේම නො වේ ද? තවමත් ඔබ මනුෂ්‍යාකාරයෙන් හැසිරෙනවා නො වේ ද? Sinhala New Revised Version තවමත් ඔබ පෘථග්ජන තත්ත්වයේ ය. ඔබ අතර ඊර්ෂ්‍යාව හා විවාදය හා පවතින විට, ඔබ පෘථග්ජන අය මෙන් ලෞකික තත්ත්වයේ හැසිරෙනවා නොවේ ද? Sinhala New Revised Version 2018 තවමත් ඔබ පෘථග්ජන තත්ත්වයේ ය. ඔබ අතර ඊර්ෂ්‍යාව හා විවාදය හා පවතින විට, ඔබ පෘථග්ජන අය මෙන් ලෞකික තත්ත්වයේ හැසිරෙනවා නොවේ ද? Sinhala Revised Old Version මක්නිසාද නුඹලා තවම මාංසිකය. නුඹලා අතරෙහි ඊර්ෂ්‍යාවද විවාදයද ඇති බැවින්, නුඹලා මාංසිකව මනුෂ්‍ය ප්‍රකාරයෙන් හැසිරෙනවා නොවේද? |
මධුපානෝත්සව හා බේබදුකම ද ලිංගික අපචාර හා සල්ලාලකම ද අඩ දබර හා ඊර්ෂ්‍යාව ද තුළ නො ව, දහවලට ඔබින සේ ශිෂ්ට සම්පන්නව කටයුතු කරමු.
සහෝදරයිනි, ඔබ හැම එකිනෙකා හා එකඟව, ඔබ අතරේ භේද නැතිව සිටින ලෙස හා එක සිතින් ද එක කල්පනාවෙන් ද එක්සත්ව සිටින ලෙස, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ නාමයෙන් උදක්ම ඔබෙන් ඉල්ලමි.
පළමු කොට, සභාවක් වශයෙන් ඔබ එකට රැස්වන කල, ඔබ අතරේ බෙදීම් ඇති වග මට අසන්නට ලැබෙයි. තරමක් දුරට මම එය විශ්වාස කරමි.
මන්ද කෙනෙක්, “මම පාවුල් අනුගමන කරමි” යි කියා හා තවත් කෙනෙක්, “මම අපොල්ලොස් අනුගමන කරමි” යි කියද්දී ඔබ හුදු මිනිසුන් නො වන්නේ ද?
මන්ද මා ඔබ වෙත ආ කල්හි, මා මනාප පරිද්දෙන් ඔබ නො සිටීදෝ, ඔබ මනාප පරිද්දෙන් මා නො සිටීදෝ යි බයක් ද ඇතැම් විට සණ්ඩු-දබර, ඊර්ෂ්‍යා හා කෝපය ද එදිරිවාදිකම්, අපවාද, ඕපාදූප, උඩඟුකම් හා අවුල් ද වේ දෝයි බයක් ද මට ඇත.
එහෙත් ඔබ, එකිනෙකා සපා ගනිමින්, ගිලගනිමින් සිටිනවා නම්, එකිනෙකා අතින් විනාශ නො වන්නට බලා ගන්න.
කලක් අපත් අනුවණව හා අකීකරුව, මුළා වී, සියලු ආකාර ආශා හා තෘෂ්ණාවනට වහල්ව ඊර්ෂ්‍යාවෙන් යුතුව අපගේ දවස් ගත කළෙමු.
ඊර්ෂ්‍යාවත්, ආත්මාර්ථ අභිලාශයත් කොතැන ද අපිළිවෙලත්, සියලු ආකාර අධම ක්‍රියාත් එතැනම ය.
එවිට ඔහු මාංසයේ ජීවත් වන ඉතිරි කාලය මිනිස් තෘෂ්ණා සඳහා නො ව, දෙවියන්වහන්සේගේ කැමැත්ත උදෙසා ජීවත් වෙයි.