සිරියේ රජ යෙහෝවාහාස්ට සේනාවෙන් ඉතුරුකළේ අසරුවන් පනසක්ද රථ දශයක්ද පාබලසෙනඟ දස දහසක්ද පමණය; මක්නිසාද ඔහු ඔවුන් විනාශකොට, ඔවුන් මැඩ දූවිලි මෙන් කෙළේය.
හොෂෙයා 9:6 - Sinhala Revised Old Version මක්නිසාද ඔව්හු විනාශය වෙතින් ඉවත්ව ගියෝය, නුමුත් මිසරය ඔවුන් එකතුකරගන්නේය, මෙම්පිස්හි ඔව්හු වළලනු ලබන්නෝය. ඔවුන්ගේ ප්‍රියවූ රිදී බඩු කහඹිලියාවලට හිමිවන්නේය. ගොකටුද ඔවුන්ගේ කූඩාරම්වල හැදෙන්නේය. Sinhala New Revised Version ඔවුන් විනාශයෙන් පලා ගොස් ඇත. මිසර වැසියෝ ඔවුන් එක්රැස් කර, මෙම්පිස්හි භූමදාන කරන්නෝ ය. ඔවුන්ගේ රිදී වස්තුව කහඹිලියා පැළවලින් ද ගේ දොරවල් ගොකටුවලින් ද වැසී යන්නේ ය. Sinhala New Revised Version 2018 ඔවුන් විනාශයෙන් පලා ගොස් ඇත. මිසර වැසියෝ ඔවුන් එක්රැස් කර, මෙම්පිස්හි භූමදාන කරන්නෝ ය. ඔවුන්ගේ රිදී වස්තුව කහඹිලියා පැළවලින් ද ගේ දොරවල් ගොකටුවලින් ද වැසී යන්නේ ය. |
සිරියේ රජ යෙහෝවාහාස්ට සේනාවෙන් ඉතුරුකළේ අසරුවන් පනසක්ද රථ දශයක්ද පාබලසෙනඟ දස දහසක්ද පමණය; මක්නිසාද ඔහු ඔවුන් විනාශකොට, ඔවුන් මැඩ දූවිලි මෙන් කෙළේය.
එහි සෑම තැනම කටුගස් වැවී, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය.
තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ අෂූරෙන්ද මිසරයෙන්ද පත්‍රෝසෙන්ද කූෂ් රටෙන්ද ඒලාමෙන්ද ෂිනාරෙන්ද හමාතෙන්ද මුහුදේ දිවයින්වලින්ද ඉතිරිවන්නාවූ ස්වකීය සෙනඟ මුදාගන්ට දෙවෙනි වර තමන් අත දිගුකරනසේක.
ශොවන්හි අධිපතීහු අඥානයෝ වුණෝය, නොප්හි අධිපතීහු රැවටුණෝය; මිසරවරුන්ගේ ගෝත්‍රවල මූලිකයෝ ඔවුන් මුළාකෙරෙවුවෝය.
තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ ගංගාවේ සැඩපාරේ පටන් මිසරයේ ඔය දක්වා ඔහුගේ ඵල නෙළාගන්නාසේක. එම්බා ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා එක් එක්කෙනෙක් පාසා රැස්කරනු ලබන්නහුය.
මාගේ සෙනඟගේ බිම්වල කටුද ගොකටුද හටගන්නේය; ප්‍රීතිමත් නගරයේ සියලුම ප්‍රිය ගෙවල්වල පවා එසේ වන්නේය.
ඒකේ මාළිගාවල කටුද ඒකේ බලකොටුවල කසඹිලියා සහ ගොකටුද හැදෙන්නේය. ඒක සිවලුන්ට වාසයක්ද පැස්බරුන්ට මළුවක්ද වන්නේය.
මම ඒක පාළුවට අරින්නෙමි; එහි අතු පාහිනු ලබන්නේවත් එය කොටනු ලබන්නේවත් නැත. නුමුත් කටු ගස් සහ ගොකටු එහි හටගන්නවා ඇත. එහි වැසි නොවසින හැටියට වලාකුල්වලට අණකරන්නෙමි.
ඒ දවසෙහි රිදී දහසක් වටින මිදි වැල් දහසක් ඇති සෑම ඉඩම්වල කටු ගස්ද ගොකටුද හටගන්නවා ඇත.
ඉතින් නුඹලා කලක් නවතින්ට යන්ට ආශාවෙන්නාවූ ස්ථානයේදී නුඹලා කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් නසින බව සැබවින්ම දැනගන්නැයි කීවේය.
මිසර දේශයේ මිග්දොල්හිද තාපන්හේස්හිද නොප්හිද පත්‍රෝස් දේශයෙහිද වාසයකළ සියලු යුදෙව්වරුන් ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය.
මිසර දේශයෙහි පොරොත්තුව සිටීමට එහි පැමිණෙන්ට තමුන්ගේ මුහුණ හරවාගත්තාවූ ඉතිරිව සිටින යූදාවරුන් අල්ලාගන්නෙමි, ඔවුන් සියල්ලෝ නාස්තිවන්නෝය; ඔවුන් සියල්ලෝම මිසර දේශයේදී නැතිවීයන්නෝය; ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද නාස්තිවන්නෝය; කුඩා අය පටන් ලොකු අය දක්වා ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද මැරෙන්නෝය. ඔව්හු ඇවීමක් හා විස්මයක්ද ශාප-වචනයක්ද නින්දාවක්ද වන්නෝය.
මම යෙරුසලමට දඬුවම්කළාක්මෙන් මිසර දේශයෙහි වාසයකරන්නන්ටත් කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද දඬුවම් කරන්නෙමි.
මිසරයෙහි දන්වමින්ද, මිග්දොල්හි ප්‍රකාශකරමින්ද, නොප්හි සහ තාපන්හේස්හි ප්‍රසිද්ධකරමින්ද මෙසේ කියන්න: ඉදිරියට ඇවිත් සැරසෙන්න; මක්නිසාද කඩුව නුඹ වටකර නාස්තිකෙළේය.
අහෝ මිසරයෙහි වාසයකරන දුව, වාල්කමට යන්ට බඩු සාදාගන්න. මක්නිසාද නොප් වැසියෙක් නැතුව පාළුවක් වී දවාදමනු ලබන්නේය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම දේවරූපද නැතිකොට, නොප් වෙතින් පිළිම පහකරන්නෙමි; අධිපතියෙක් මිසර දේශයෙන් තවත් නොනික්මෙන්නේය. තවද මම මිසර දේශයෙහි භයක් හටගන්වන්නෙමි.
ගින්නක්ද මිසරයෙහි අවුළුවන්නෙමි; ශීන් මහත් වේදනා විඳින්ටත් නෝය බිඳදමනු ලබන්ටත් නොප්හි දවල් කාලයේ සතුරන් සිටින්ටත් යෙදෙන්නේය.
ඉශ්‍රායෙල්ගේ පාපය වන ආවෙන්හි උස්තැන්ද නාස්තිවෙයි. කටු සහ ගොකටු ඔවුන්ගේ පූජාසනවල හටගන්නවා ඇත. ඔවුන්: අප වසාගන්නැයි කඳුවලටත්, අප පිටට වැටෙන්නැයි හෙල්වලටත් කියනවා ඇත.
ඔව්හු ගේකුරුල්ලෙකු මෙන් මිසරයෙන්ද පරෙවියෙකු මෙන් අෂූර් දේශයෙන්ද වෙවුලමින් එන්නෝය. මම ඔවුන්ගේ ගෙවල්වල ඔවුන් වාසයකරවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
එබැවින් නුඹේ මාර්ගය කටුවලින් අහුරන්නෙමි, ඇගේ මාවත් ඈට සොයාගන්ට බැරිවන ලෙස තාප්පයක් ගොඩනගන්නෙමි.
එප්‍රායිම් අනුවණ පරෙවියෙකු මෙන් සිතක් නැතුව සිටින්නේය. ඔව්හු මිසරයට අඬගසති, අෂූර්ට යති,
ඔවුන් මාගෙන් පලාගිය නිසා ඔවුන්ට දුක්වේ! ඔවුන් මට විරුද්ධව කැරළිගැසූ නිසා ඔවුන්ට විනාශය පැමිණෙන්නේය! මම ඔවුන් මුදාගන්ට කැමැතිවීමි, නුමුත් ඔව්හු මට විරුද්ධව බොරු කීවෝය.
ඔවුන් හැරෙන නුමුත් මහෝත්තමයාණන් වෙතට නොවේය; ඔවුන් හොර දුන්නක් මෙන්ය. ඔවුන්ගේ අධිපතීහු තමුන්ගේ දිව්වල අහංකාරකම නිසා කඩුවෙන් වැටෙන්නෝය. මිසර දේශයේදී මේක ඔවුන්ට නින්දාවක් වන්නේය.
මට ඔප්පු කරන පූජාවල් ලෙස ඔව්හු මස් පූජාකොට කති; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන් පිළි නොගන්නාසේක. උන්වහන්සේ දැන් ඔවුන්ගේ අයුතුකම සිහිකොට, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක; ඔවුන් මිසරයට හැරීයනවා ඇත.
ඔවුන්ට ස්වාමීන්වහන්සේගේ දේශයෙහි වසන්ට නොලැබේ; එප්‍රායිම් මිසරයට හැරීයන්නේය, අෂූර්හිත් ඔවුන් අපවිත්‍ර ආහාර කනවා ඇත.
මම ජාතීන් අතරෙහි නුඹලා විසුරුවා නුඹලා පස්සෙන් කඩුව ඇදගන එන්නෙමි. නුඹලාගේ දේශය නාස්තියක්ද නුඹලාගේ නුවරවල් පාළුවක්ද වන්නේය.
මක්තේෂ්හි වැසියෙනි, කෑමොරගසාපල්ලා, මක්නිසාද කානාන්හි සියලු සෙනඟ නාස්තිවී ගියාය. මුදල් රැස්කරගත් සියල්ලෝ සිඳදමනු ලැබුවෝය.
තමුන් අන්තරායට අසුවී ඉන්න බව ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දුටුවෝය. (මක්නිසාද සෙනඟ පීඩිතව සිටියෝය.) එවිට සෙනඟ ගුහාවලද කැලෑවලද පර්වතවලද කොත්වලද වළවල්වලද සැඟවුණෝය.