Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 46:19 - Sinhala Revised Old Version

19 අහෝ මිසරයෙහි වාසයකරන දුව, වාල්කමට යන්ට බඩු සාදාගන්න. මක්නිසාද නොප් වැසියෙක් නැතුව පාළුවක් වී දවාදමනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 අහෝ මිසර දේශ වැසියෙනි, වහල්කමට යාමට බඩු භාණ්ඩ සූදානම් කරගන්න. මන්ද, මෙම්පිස් නගරය ජනහීන, පාළු, නටබුන් ගොඩක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 අහෝ මිසර දේශ වැසියෙනි, වහල්කමට යාමට බඩු භාණ්ඩ සූදානම් කරගන්න. මන්ද, මෙම්පිස් නගරය ජනහීන, පාළු, නටබුන් ගොඩක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 46:19
14 හුවමාරු යොමු  

අෂූර්හි රජ වාලට ගන්නාලද මිසරවරුන්ද පිටිවහල්ව සිටින කූෂ්වරුන්ද රැගෙන, වස්ත්‍ර හා වහන් නැතුව, ඔවුන්ගේ තට්ටම් නග්නව තිබෙද්දී, මිසරයට නින්දාවක් කොට ගෙනයනවා ඇත.


අහෝ දීබොන්හි වාසයකරන දියණිය, නුඹේ ඓශ්චර්යයෙන් හීනව බැස, පිපාසායෙන් හිඳගන්න; මක්නිසාද මෝවබ් නාස්තිකරන්නා නුඹට විරුද්ධව ඇවිත් නුඹේ බලකොටු විනාශකෙළේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම දේවරූපද නැතිකොට, නොප් වෙතින් පිළිම පහකරන්නෙමි; අධිපතියෙක් මිසර දේශයෙන් තවත් නොනික්මෙන්නේය. තවද මම මිසර දේශයෙහි භයක් හටගන්වන්නෙමි.


මිසර දේශයේ මිග්දොල්හිද තාපන්හේස්හිද නොප්හිද පත්‍රෝස් දේශයෙහිද වාසයකළ සියලු යුදෙව්වරුන් ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය.


මුහුදුබඩ වැසියන් වන කෙරෙතිය ජාතියට දුක්වේ! එම්බා පිලිස්තිවරුන්ගේ දේශය වන කානාන්, ස්වාමීන්වහන්සේගේ වචනය නුඹට විරුද්ධව තිබේ; වැසියෙක් නොසිටින ලෙස නුඹ විනාශකරන්නෙමි.


බලව, මම අණකොට මේ නුවර කරා නැවත ඔවුන් ගෙනෙන්නෙමි; ඔව්හු ඊට විරුද්ධව යුද්ධකොට, ඒක අල්ලා, ගින්නෙන් දවාදමන්නෝය. වැසියෙක් නොසිටින ලෙස මම යූදාහි නුවරවල් පාළුවක් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


මේ ගෘහය ෂීලෝ මෙන් වන්නේය කියාත් මේ නුවර වැසියෙක් නොසිටින හැටියට පාළුවන්නේය කියාත් නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අනාගතවාක්‍ය කීවේ මක්නිසාදැයි කීවෝය. මුළු සෙනඟ යෙරෙමියාට විරුද්ධව ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි එකතුවුණෝය.


ශොවන්හි අධිපතීහු අඥානයෝ වුණෝය, නොප්හි අධිපතීහු රැවටුණෝය; මිසරවරුන්ගේ ගෝත්‍රවල මූලිකයෝ ඔවුන් මුළාකෙරෙවුවෝය.


මිසරයෙහි දන්වමින්ද, මිග්දොල්හි ප්‍රකාශකරමින්ද, නොප්හි සහ තාපන්හේස්හි ප්‍රසිද්ධකරමින්ද මෙසේ කියන්න: ඉදිරියට ඇවිත් සැරසෙන්න; මක්නිසාද කඩුව නුඹ වටකර නාස්තිකෙළේය.


මනුෂ්‍ය පාදය එහි ගමන් නොකරන්නේය, මෘග පාදයද එහි නොයන්නේය, එය සතළිස් අවුරුද්දක් වැසියන් නැතුව තිබෙන්නේය.


පාළුවී තිබෙන රටවල් මැද මම මිසර දේශය පාළුවක්කරන්නෙමි, එහි නුවරවල්ද නටබුන්වී තිබෙන නුවරවල් අතරේ හතළිස් අවුරුද්දක් පාළුවක්ව තිබෙනවා ඇත. මම මිසරවරුන් ජාතීන් අතරට එළවා, දේශවල ඔවුන් විසුරුවන්නෙමි.


මක්නිසාද ඔව්හු විනාශය වෙතින් ඉවත්ව ගියෝය, නුමුත් මිසරය ඔවුන් එකතුකරගන්නේය, මෙම්පිස්හි ඔව්හු වළලනු ලබන්නෝය. ඔවුන්ගේ ප්‍රියවූ රිදී බඩු කහඹිලියාවලට හිමිවන්නේය. ගොකටුද ඔවුන්ගේ කූඩාරම්වල හැදෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්