Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 7:23 - Sinhala Revised Old Version

23 ඒ දවසෙහි රිදී දහසක් වටින මිදි වැල් දහසක් ඇති සෑම ඉඩම්වල කටු ගස්ද ගොකටුද හටගන්නවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 “ඒ කාලය පැමිණි විට රිදී මිළ දහසක් වටින මිදි වැල් දහසක් ඇති සෑම මිදි වතුවල කටු ගස් ද ගොකටු ද හටගැනෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “ඒ කාලය පැමිණි විට රිදී මිළ දහසක් වටින මිදි වැල් දහසක් ඇති සෑම මිදි වතුවල කටු ගස් ද ගොකටු ද හටගැනෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 7:23
13 හුවමාරු යොමු  

මම ඒක පාළුවට අරින්නෙමි; එහි අතු පාහිනු ලබන්නේවත් එය කොටනු ලබන්නේවත් නැත. නුමුත් කටු ගස් සහ ගොකටු එහි හටගන්නවා ඇත. එහි වැසි නොවසින හැටියට වලාකුල්වලට අණකරන්නෙමි.


තවත් උපමාවක් අසන්න: එක් ගෙදර ස්වාමියෙක් මිදිවත්තක් වවා, වටේට වැට බැඳ, එහි මුද්‍රික යන්ත්‍රයක් හාරා තබා, කොතක් බැඳ ගොවීන්ට බදුදී, වෙන රටකට ගියේය.


නුමුත් කටුගස්ද ගොකටුද දරනවා නම් එපාකරනු ලැබ, ශාපයකට ළංව තිබේ; එහි කෙළවර දවනු ලැබීමය.


මම බැලූ විට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උන්වහන්සේගේ බලවත් උදහස නිසා සාරවත් දේශය කාන්තාරයක්වූ බවත් එහි සියලු නුවරවල් කඩාදමා තිබෙන බවත් දුටිමි.


අක්කර දසයක මිදිවත්තෙන් බාත් එකක්ද බුසල් දසයක බීජවලින් බුසලක්ද අස්වැන්න ලැබෙන්නේය.


එහි යන තැනැත්තා ඊගස්ද දුනුද ඇතුව යා යුතුය; මක්නිසාද දේශය මුළුල්ලෙහි කටු ගස්ද ගොකටුද ඇතිවන්නේය.


අප්‍රවේසම් තැනැත්තියෙනි, අවුරුද්දකට වැඩි කාලයකින් නුඹලා කැලඹෙන්නහුය. මක්නිසාද මුද්‍රිකඵල ඉවරවන්නේය; ඵල නෙළාගැනීමක් නොපැමිණෙන්නේය.


වැසියන් ඇති නුවරවල්ද නාස්තිවී, දේශය පාළුවක් වන්නේය; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි කීවේය.


මේවා මාගේ ප්‍රේමවන්තයන් මට දුන් පණයම්යයි ඈ කියන්නාවූ ඇගේ මිදිවැල් සහ අත්තික්කා ගස් මම නාස්තිකර කැලෑවක් කරන්නෙමි, වන මෘගයෝ ඒවා කන්නෝය.


මක්නිසාද ඔව්හු විනාශය වෙතින් ඉවත්ව ගියෝය, නුමුත් මිසරය ඔවුන් එකතුකරගන්නේය, මෙම්පිස්හි ඔව්හු වළලනු ලබන්නෝය. ඔවුන්ගේ ප්‍රියවූ රිදී බඩු කහඹිලියාවලට හිමිවන්නේය. ගොකටුද ඔවුන්ගේ කූඩාරම්වල හැදෙන්නේය.


එය නුඹට කටුද ගොකටුද උපදවන්නේය; නුඹ වනයේ පලා කන්නෙහිය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්