මා විසින් ඉශ්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිඳදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.
හොෂෙයා 9:3 - Sinhala Revised Old Version ඔවුන්ට ස්වාමීන්වහන්සේගේ දේශයෙහි වසන්ට නොලැබේ; එප්‍රායිම් මිසරයට හැරීයන්නේය, අෂූර්හිත් ඔවුන් අපවිත්‍ර ආහාර කනවා ඇත. Sinhala New Revised Version එප්‍රායිම් සෙනඟට සමිඳාණන් වහන්සේගේ දේශයෙහි වාසය කිරීමට නොහැකි ව ඔවුන්ට ආපසු මිසර දේශයට යන්න සිදු වන්නේ ය; අසිරියාවේ දී අපිරිසිදු කෑම කන්න ඔවුන්ට සිදු වන්නේ ය. Sinhala New Revised Version 2018 එප්‍රායිම් සෙනඟට සමිඳාණන් වහන්සේගේ දේශයෙහි වාසය කිරීමට නොහැකි ව ඔවුන්ට ආපසු මිසර දේශයට යන්න සිදු වන්නේ ය; අසිරියාවේ දී අපිරිසිදු කෑම කන්න ඔවුන්ට සිදු වන්නේ ය. |
මා විසින් ඉශ්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිඳදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.
තවද හෝෂෙයාගේ නවවෙනි අවුරුද්දේ අෂූර්හි රජ සමාරිය අල්ලාගන ඉශ්‍රායෙල්වරුන් අෂූර්ට ගෙනගොස් හලාහිද ගෝසාන් ගංගාව වන හාබොර් ළඟද මේදවරුන්ගේ නුවරවලද පදිංචි කෙරෙවුවේය.
ඔවුන් තමුන්ගේ අශික්ෂිත දේවල මළකඳන්වලින් මාගේ දේශය දූෂ්‍යකොට, තමුන්ගේ පිළිකුල්වලින් මාගේ උරුමය පුරවා තිබෙන නිසා, මම පළමුකොට ඔවුන්ගේ අයුතුකමටත් පාපයටත් දෙගුණයක් ප්‍රතිඵල දෙන්නෙමි.
තවද මම සාරවත් දේශයකට, නුඹලා එහි ඵලද එහි හොඳ දේවල්ද අනුභවකරන පිණිස නුඹලා ගෙනාවෙමි; නුමුත් නුඹලා ඇතුල්ව මාගේ දේශය අපිරිසිදුකර, මාගේ උරුමය පිළිකුලක් කළහුය.
මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන් ජාතීන් අතරට පන්නා දැමූ කල්හි ඔවුන් එසේ එහිදී තමුන්ගේ අපවිත්‍රවූ කෑම කනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කීසේක.
එහෙත් දානියෙල් රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මුද්‍රිකපානයෙන්වත් අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතින් නියමකරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටින්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් අවසර ඉල්ලුවේය.
ඔව්හු ගේකුරුල්ලෙකු මෙන් මිසරයෙන්ද පරෙවියෙකු මෙන් අෂූර් දේශයෙන්ද වෙවුලමින් එන්නෝය. මම ඔවුන්ගේ ගෙවල්වල ඔවුන් වාසයකරවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔහු මිසර දේශයට හැරී නොයන්නේය; එහෙත් ඔවුන් හැරීඑන්ට අකැමැතිවූ නිසා අෂූරියයා ඔහුගේ රජ වන්නේය.
එප්‍රායිම් අනුවණ පරෙවියෙකු මෙන් සිතක් නැතුව සිටින්නේය. ඔව්හු මිසරයට අඬගසති, අෂූර්ට යති,
ඔවුන් හැරෙන නුමුත් මහෝත්තමයාණන් වෙතට නොවේය; ඔවුන් හොර දුන්නක් මෙන්ය. ඔවුන්ගේ අධිපතීහු තමුන්ගේ දිව්වල අහංකාරකම නිසා කඩුවෙන් වැටෙන්නෝය. මිසර දේශයේදී මේක ඔවුන්ට නින්දාවක් වන්නේය.
මට ඔප්පු කරන පූජාවල් ලෙස ඔව්හු මස් පූජාකොට කති; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන් පිළි නොගන්නාසේක. උන්වහන්සේ දැන් ඔවුන්ගේ අයුතුකම සිහිකොට, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක; ඔවුන් මිසරයට හැරීයනවා ඇත.
මක්නිසාද ඔව්හු විනාශය වෙතින් ඉවත්ව ගියෝය, නුමුත් මිසරය ඔවුන් එකතුකරගන්නේය, මෙම්පිස්හි ඔව්හු වළලනු ලබන්නෝය. ඔවුන්ගේ ප්‍රියවූ රිදී බඩු කහඹිලියාවලට හිමිවන්නේය. ගොකටුද ඔවුන්ගේ කූඩාරම්වල හැදෙන්නේය.
එසේ නුඹලාත් දේශය අපවිත්‍රකළොත් දේශය නුඹලාට පළමුවෙන් සිටිය ජාතීන් වමාරාදැමුවාක්මෙන් නුඹලාත් වමාරා දමනවා ඇත.
එබැවින් නුඹලා වාසය කරන පිණිස මා විසින් නුඹලා පමුණුවන දේශය නුඹලා වමාරානොදමන පිණිස මාගේ සියලු පනත්ද මාගේ සියලු විනිශ්චයයන්ද රක්ෂාකරමින් පවත්වන්න.
දේශය හැමදාටම විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද දේශය මාගේය. නුඹලා වනාහි මා වෙත වසන විදේශීන් හා ආගන්තුකයෝය.
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ භාර්යාව නුවරදී වේශ්‍යාවක් වන්නීය, නුඹේ පුත්‍රයෝද දූවරුද කඩුවෙන් වැටෙන්නෝය, නුඹේ භූමිය ලනුවෙන් බෙදනු ලබන්නේය; නුඹම අපිරිසිදු රටකදී මැරෙන්නෙහිය, ඉශ්‍රායෙල්ද සැබවින්ම තමුන්ගේ දේශයෙන් වහල්කමට යනවාම ඇතැයි අමශියාට කීවේය.
මේක නුඹලාගේ නිවාසය නොවන නිසා නැගිට යන්න. අපවිත්‍රකම නිසා බලවත් විනාශයකින් ඒක නුඹලාව විනාශකරනවා ඇත.
නුමුත් පේතෘස්: ස්වාමිනි, එසේ නොවේවා; මක්නිසාද අකැපවූ අපවිත්‍රවූ දෙයක් කිසි කලෙකත් නොකෑවෙමියි කීවේය.
තවද නුඹලාට යහපත කරන්ටත් නුඹලා වැඩිකරන්ටත් ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන්, නුඹලා විනාශකොට නැතිකරන්ට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක; නුඹ විසින් හිමිකරගැනීමට ඇතුල්වෙන දේශයෙන්ද නුඹලා උදුරාදමනු ලබන්නහුය.
නුඹ තවත් ඒක නොදකින්නෙහියයි මා විසින් නුඹ කී මාර්ගයෙන් නැව්වලින් ස්වාමීන්වහන්සේ නුඹ මිසරයට නැවත ගෙනයනසේක. එහිදී නුඹලාගේ සතුරන්ට දාසයන්ද දාසීන්ද කොට නුඹලාම විකුණනු ලබන්ට සෑදී සිටින නුමුත් කිසිවෙක් නුඹලා මිලේට නොගන්නේයයි කීවේය.
නුඹලා හිමිකරගන්ට යොර්දානෙන් එතරට යන දේශය මතු පිටින් නුඹලා ඉක්මනට සහමුලින් විනාශවෙන බවට අද දවසේ නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටද පොළොවටද හඬගසමි; එහි නුඹලාගේ දවස් වැඩිනොවී, නුඹලා සහමුලින්ම විනාශ වන්නහුය.
තවද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කී සියලු යහපත් දේ නුඹලා කෙරෙහි පැමුණුණාක් මෙන්ම, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ තමන්ගේ ගිවිසුම නුඹලා කඩකර ගොස් අන් දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකරන කල,