Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 28:63 - Sinhala Revised Old Version

63 තවද නුඹලාට යහපත කරන්ටත් නුඹලා වැඩිකරන්ටත් ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන්, නුඹලා විනාශකොට නැතිකරන්ට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක; නුඹ විසින් හිමිකරගැනීමට ඇතුල්වෙන දේශයෙන්ද නුඹලා උදුරාදමනු ලබන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

63 ඔබට ශුභසිද්ධිය සැලසීමටත්, ඔබ වැඩි වර්ධනය කිරීමටත් සමිඳාණන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වූවාක් සේ, ඔබ වනසාලීමටත්, නැත්තටම නැතිකිරීමටත් උන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වන සේක. ඔබ අයිති කරගන්නට යන රටින් උන් වහන්සේ ඔබ සම්පූර්ණයෙන් පිටමං කරදමන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

63 ඔබට ශුභසිද්ධිය සැලසීමටත්, ඔබ වැඩි වර්ධනය කිරීමටත් සමිඳාණන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වූවාක් සේ, ඔබ වනසාලීමටත්, නැත්තටම නැතිකිරීමටත් උන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වන සේක. ඔබ අයිති කරගන්නට යන රටින් උන් වහන්සේ ඔබ සම්පූර්ණයෙන් පිටමං කරදමන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:63
29 හුවමාරු යොමු  

එබැවින් මමත් නුඹලාගේ විපත්ති දවසේදී සිනාසෙන්නෙමි; නුඹලාට භය පැමිණෙන විටද,


එසේය, ඔවුන්ට යහපත කිරීම පිණිස මම ඔවුන් කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි, සැබවින් මාගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මේ දේශයෙහි ඔවුන් පිහිටුවන්නෙමි.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනන්වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීතිවී, තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටිනසේක, ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත්වනසේක.


මෙසේ මාගේ උදහස ඉෂ්ටවන්නේය, ඔවුන් කෙරෙහි මාගේ කෝපය සංසිඳුවා පළිගන්නෙමි. මා විසින් මාගේ කෝපය ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන විට ස්වාමිවූ මම මාගේ ජ්වලිතකමෙන් කථාකළ බව ඔවුන් දැනගන්නවා ඇත.


එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ කියනසේක්: අහෝ, මාගේ එදිරිකාරයන්ගෙන් මම නිදහස්වී, මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි.


එවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ අත්වල සියලු වැඩවල ඵලයද නුඹේ ගර්භයේ ඵලයද නුඹේ සිව්පාවුන්ගේ ඵලයද නුඹේ භූමියේ ඵලය ද යහපත පිණිස නුඹට වැඩිකර දෙනසේක.


නුමුත් අප විසින් ප්‍රීති සන්තෝෂවෙන්ට යුතුව තිබුණේය. මක්නිසාද මේ නුඹේ සහෝදරයා නැසී නැවත ජීවත්ව සිටියි; නැතිවී සම්බවීයයි කීයේයයි කීසේක.


අපරාධය කමාකරන්නාවූ, ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබවහන්සේ සමාන දෙවිකෙනෙක් කවුද? උන්වහන්සේ කරුණාවට ප්‍රියවන නිසා ස්වකීය උදහස සෑම කල්හිම තබා නොගන්නසේක.


ඒ අං දෙස මා බලාසිටිද්දී, ඒවා අතරේ තවත් කුඩා අඟක් හටගත්තේය, ඒක ඉදිරියෙහි පළමු අංවලින් තුනක් උදුරා දමනු ලැබීය. බලව, මේ අඟට මනුෂ්‍ය ඇස් වැනි ඇස්ද උඩඟුලෙස කථාකරන මුඛයක්ද තිබුණේය.


මා ජීවමාන බව සැබෑවා සේම, දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඉශ්‍රායෙල් වංශය හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ මක්නිසාදැයි ඔවුන්ට කියන්න.


ඔහුට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–බලව, මම ගොඩනැගූ දෙය කඩාදමමි. මම සිටෙවු දෙය උදුරාදමමි; මුළු දේශයටම මෙසේ වන්නේය.


නුඹලා මේ දේශයේම සිටින්නහු නම් මම නුඹලා කඩා නොදමා ගොඩනගන්නෙමි, නුඹලා උදුරා නොදමා හිටවන්නෙමි. මක්නිසාද මා විසින් නුඹලාට පැමිණෙනවු විපත්තිය ගැන තැවෙමි.


මළකඳන් සහ අළු දමන මුළු මිටියාවතද, කිද්‍රොන් ඔය දක්වාද, නැගෙනහිරට තිබෙන අශ්ව දොරටුවේ කොන දක්වාද සියලු පිට්ටනි ස්වාමීන්වහන්සේට ශුද්ධවන්නේය; එය තවත් සදාකාලේටම උදුරනු නොලබන්නේය, හෙළාදමනු නොලබන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


තවද මම උදුරන්ටත් කඩාදමන්ටත් හෙළාදමන්ටත් නැතිකරන්ටත් විපත්ති පමුණුවන්ටත් ඔවුන් ගැන පිබිද සිටියාක්මෙන්ම ගොඩනගන්ටත් හිටවන්ටත් ඔවුන් ගැන පිබිද සිටින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


යහපත පිණිස මාගේ ඇස් ඔවුන් කෙරෙහි යොමුකොට, ඔවුන් මේ දේශයට නැවත පමුණුවන්නෙමි. ඔවුන් කඩා නොදමා ගොඩනගන්නෙමි; උදුරා නොදමා හිටවන්නෙමි.


උදුරා කඩාදමා නැතිකරන්නෙමියි මම කිසියම් ජාතියක් හෝ රාජ්‍යයක් ගැන කී කල,


මක්නිසාද තරුණයෙකු විසින් කන්‍යාවක් පාවගන්නාක්මෙන් නුඹේ පුත්‍රයෝ නුඹ සරණපාවාගන්නෝය. මනමාලයා මනමාලී කෙරෙහි ප්‍රීතිවන්නාක්මෙන් නුඹේ දෙවියන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රීතිවනසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් ටිකෙන් ටික පහකර දමනවා ඇත. නුඹ ඉක්මනින් ඔවුන් නැතිකර නොදැමිය යුතුය, එසේ කළොත් වන මෘගයෝ නුඹට විරුද්ධව වැඩිවන්නෝය.


ස්වාමීන්වහන්සේ: මා විසින් මවනලද මනුෂ්‍යයා භූමිය මතුපිටින් නැතිකර දමන්නෙමි; මනුෂ්‍යයන්ද මෘගයන්ද බඩගායන සත්වයන්ද ආකාශයේ පක්ෂීන්ද නැතිකර දමන්නෙමි; මක්නිසාද මම ඔවුන් සෑදූ බැවින් තැවෙමියි කීසේක.


ඔබ යහපත්ය, යහපත කරනසේක; ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.


නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.


ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් අතරෙහි නුඹලා විසුරුවනවා ඇත, ස්වාමීන්වහන්සේ විසින් නුඹලා පමුණුවන ජාතීන් අතරෙහි නුඹලා ගණනින් ස්වල්පව සිටින්නහුය.


එවිට මම: ස්වාමීන්වහන්ස, කොපමණ කලකටදැයි ඇසුවෙමි. උන්වහන්සේද: වැසියෙක් නැතිව නුවරවල්ද මනුෂ්‍යයෙක් නැතිව ගෙවල්ද පාළුවීමත්, දේශය මුළුමනින්ම පාළුවීමත්,


අනේ නුඹ අපේ කන්නලව්ව පිළිගෙන අප විසින් යා යුතු මාර්ගයත් අප විසින් කරන්ට යුතුදේත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දන්වන හැටියට මෙහි ඉතිරිව සිටින අප සියල්ලන් උදෙසා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න;


ඇගේ දොරටු පොළොවට ගිලුණේය; උන්වහන්සේ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමූසේක. ඇගේ රජද අධිපතීහුද ජාතීන් අතරේ සිටිති; ව්‍යවස්ථාවක් නැත. එසේය, ඇගේ ප්‍රොපේතවරු ස්වාමීන්වහන්සේගෙන් දර්ශනයක් නොලබති.


මක්නිසාද: යම් නුවරකින් දහසක් පිටත්ව ගියෝද ඔවුන්ගෙන් සිය දෙනෙක්ද, යම් නුවරකින් සියයක් පිටත්ව ගියෝද ඔවුන්ගෙන් දසදෙනෙක්ද ඉශ්‍රායෙල් වංශයට ඉතුරුවන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්