මීකායාද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මාගේ දෙවියන්වහන්සේ කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.
හොෂෙයා 9:17 - Sinhala Revised Old Version ඔවුන් මාගේ දෙවියන්වහන්සේට කීකරු නූණනිසා උන්වහන්සේ ඔවුන් පහකරදමනසේක. ඔවුන් අන්‍ය ජාතීන් අතරෙහි මුළාවූ අය වන්නෝය. Sinhala New Revised Version ඔවුන් මාගේ දෙවියන් වහන්සේට කීකරු නොවූ නිසා උන් වහන්සේ ඔවුන් පහකරදමන සේක. ඔව්හු විජාතීන් අතරේ මුළා වූ අය වන්නෝ ය. Sinhala New Revised Version 2018 ඔවුන් මාගේ දෙවියන් වහන්සේට කීකරු නොවූ නිසා උන් වහන්සේ ඔවුන් පහකරදමන සේක. ඔව්හු විජාතීන් අතරේ මුළා වූ අය වන්නෝ ය. |
මීකායාද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මාගේ දෙවියන්වහන්සේ කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.
එහෙත් සුවයක් නැති තරම් ස්වාමීන්වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම්කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය.
අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.
එවිට ඔහු කථාකොට: එම්බා දාවිත්ගේ වංශය, ඉතින් අසන්න; නුඹලා මාගේ දෙවියන්වහන්සේ වෙහෙසන්නේ මනුෂ්‍යයන් වෙහෙසනවා මදිවාටද?
ඉතින් නුඹලා මේ සියලු ක්‍රියාවල් කළ නිසාත්, මා නුඹලාට කථාකළ නුමුත්, අලුයම් වේලේ පටන්ම කථාකළ නුමුත්, නුඹලා ඇසුවේවත් මා නුඹලාට අඬගැසූ නුමුත් නුඹලා උත්තරදුන්නේවත් නැති නිසාත්,
මම නුඹලාගේ සියලු සහෝදරයන් වන මුළු එප්‍රායිම් වංශය අහක දැමුවාක්මෙන් නුඹලාත් මා ඉදිරියෙන් අහක දමන්නෙමි.
ඔව්හුද කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නෝය; ඔව්හු වේශ්‍යාකම්කරන නුමුත් වැඩි නොවන්නෝය. මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේ සැලකීම අත්හැරියෝය.
මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති. නුඹ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් නුඹ එපාකරන්නෙමි. නුඹ නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මතකනැතිකළ නිසා මමත් නුඹේ දරුවන් මතක නැතිකරන්නෙමි.
ඔවුන් මාගෙන් පලාගිය නිසා ඔවුන්ට දුක්වේ! ඔවුන් මට විරුද්ධව කැරළිගැසූ නිසා ඔවුන්ට විනාශය පැමිණෙන්නේය! මම ඔවුන් මුදාගන්ට කැමැතිවීමි, නුමුත් ඔව්හු මට විරුද්ධව බොරු කීවෝය.
උන්වහන්සේ: ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක්දැයි මාගෙන් ඇසූසේක. මමද: ඉදුණු ඵල පෙට්ටියක්යයි කීවෙමි. එකල ස්වාමීන්වහන්සේ: මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අන්තිමය පැමිණ තිබේ; මම නැවත තවත් ඔවුන්ට අච්චු නොකර නොසිටින්නෙමි.
කිසි ඇටයක් බිම නොවැටෙන හැටියට පෙනේරෙන් හලන්නාක්මෙන් මම අණකර, ඉශ්‍රායෙල් වංශය සියලු ජාතීන් අතරෙහි හලන්නෙමි.
මම වනාහි ස්වාමීන්වහන්සේ දෙස බලා සිට, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි. මාගේ දෙවියන්වහන්සේ මාගේ වචන අසනවා ඇත.
නුඹලාගේ පියවරුන්ට සමාන නොවෙන්න, පළමු අනාගතවක්තෘවරුන්: නුඹලාගේ නපුරු මාර්ගවලින්ද නපුරු ක්‍රියාවලින්ද හැරෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක කියා ඔවුන්ට මොරගැසූ නුමුත්, ඔවුන් ඇසුවේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
යේසුස්වහන්සේ: මට අත නොගසන්න; මක්නිසාද මම තවම පියාණන්වහන්සේ වෙතට නොනැංගෙමි. නුමුත් මාගේ සහෝදරයන් ළඟට ගොස්–මම මාගේ පියාණන්වහන්සේ හා නුඹලාගේ පියාණන්වහන්සේද මාගේ දෙවියන්වහන්සේ හා නුඹලාගේ දෙවියන්වහන්සේද වෙතට නගිමියි ඔවුන්ට කියන්නැයි ඈට කීසේක.
එබැවින් යුදෙව්වරු ඔවුනොවුන් අතරේ කථාකරමින්: මොහු අපට සම්බ නොවෙන්ට කොතැනට යන්නේද? ග්‍රීකයන් අතරෙහි විසර සිටින්නන් වෙතට ගොස් ග්‍රීකයන්ට උගන්වනවා ඇද්ද?
ඒ අනාගතවක්තෘට ඇහුම්කන් නොදෙන්නාවූ සැමදෙනම සෙනඟ අතරෙන් මුළුමනින්ම විනාශකරනු ලබන්නෝයයි කීවේය.
ඔවුන්ගේ විරුද්ධකාරයන් වරද්දා සිතමින්, අපේ අතම උසස් වී තිබේ, මේ දේවල් කළේ ස්වාමීන්වහන්සේ නොවේයයි කියමින් සතුරා කෝපකරවීමට මම භය නොවීම් නම්,
නුඹට දරුවන්ද දරුවන්ගේ දරුවන්ද ඉපද, නුඹලා දේශයෙහි බොහෝ කලක් සිටි කල්හි, නුඹලා දූෂ්‍යකම්කරමින්, කොයි දෙයකට නුමුත් සමානවූ රූපයක් සාදාගන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්වන හැටියට උන්වහන්සේ ඉදිරියේ නපුරුව තිබෙන දෙය කළොත්,
ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් අතරෙහි නුඹලා විසුරුවනවා ඇත, ස්වාමීන්වහන්සේ විසින් නුඹලා පමුණුවන ජාතීන් අතරෙහි නුඹලා ගණනින් ස්වල්පව සිටින්නහුය.
මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණකරනසේක.
දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙත් දාසයෙක්වූ යාකොබ් විසින් විසිරී සිටින්නාවූ ගෝත්‍ර දොළොසට ශුභ සිද්ධවන ලෙස ලියා එවන වග නම්: