එකල මෙනහෙම් තිප්සාටත් එහි සිටි සියල්ලන්ටත් තීර්ශා පටන් එහි පළාත්වලටත් පහර දුන්නේය. ඔවුන් ඔහුට නුවර දොරටු නොහැරිය බැවින් ඔහු ඔවුන්ට පහරදී එහි සිටි සියලු ගර්භීණීන් ඉරාදැමුවේය.
හොෂෙයා 9:13 - Sinhala Revised Old Version මා දුටු ලෙස තීර්මෙන් එප්‍රායිම් ප්‍රසන්න තැනක පිහිටා තිබේ. එහෙත් එප්‍රායිම් තමාගේ දරුවන් මිනීමරන්නා ළඟට පිටතට ගෙනෙන්නේය. Sinhala New Revised Version මට දැන් පෙනෙන හැටියට එප්‍රායිම් සෙනඟ ඔවුන්ගේ දරුවන් ගොදුරු කොට දෙනු ඇත. මරනු ලබන පිණිස ඔවුන් ගෙන යා යුතු ය. Sinhala New Revised Version 2018 මට දැන් පෙනෙන හැටියට එප්‍රායිම් සෙනඟ ඔවුන්ගේ දරුවන් ගොදුරු කොට දෙනු ඇත. මරනු ලබන පිණිස ඔවුන් ගෙන යා යුතු ය. |
එකල මෙනහෙම් තිප්සාටත් එහි සිටි සියල්ලන්ටත් තීර්ශා පටන් එහි පළාත්වලටත් පහර දුන්නේය. ඔවුන් ඔහුට නුවර දොරටු නොහැරිය බැවින් ඔහු ඔවුන්ට පහරදී එහි සිටි සියලු ගර්භීණීන් ඉරාදැමුවේය.
මම නුඹලාගේ සියලු සහෝදරයන් වන මුළු එප්‍රායිම් වංශය අහක දැමුවාක්මෙන් නුඹලාත් මා ඉදිරියෙන් අහක දමන්නෙමි.
මක්නිසාද වීථිවලින් ළමයින්ද එළිමහන්වලින් යෞවනයන්ද සිඳදමන පිණිස මරණය අපේ කවුළුවලින් නැගී ඇවිත් අපේ මාළිගාවලට වැදුණේය.
මංගල්‍ය රැස්වීමකදී මෙන් භීති මා වටකරින්ම එන ලෙස ඔබ අඬගැසූසේක, කිසිවෙක් ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ගැළවී ඉතුරු නොවීය. මා විසින් වඩා ඇතිකළවුන් මාගේ සතුරා නාස්තිකෙළේය.
තීර්ට මෙසේ කියන්න: මුහුදට ඇතුල්වෙන තැන්හි වාසයකරන්නාවූ, ජනයන්ගේ වෙළෙන්දියක්ව බොහෝ ද්වීපවලට යන්නාවූ තැනැත්තිය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා තීර්–මම අලංකාරකමෙන් සම්පූර්ණව සිටිමියි නුඹ කීයෙහිය.
එබැවින් නුඹේ සෙනඟ අතර ඝෝෂාවක් හටගන්නවා ඇත. මෑණියන් ඇගේ දරුවන් සමඟ පොඩිකරනු ලැබූ යුද්ධ දවසේදී ෂල්මාන් විසින් බෙත්-අර්බේල් නාස්තිකළ ලෙස නුඹේ සියලු බලකොටු නාස්තිකරනු ලබනවා ඇත.
සමාරිය ස්වකීය දෙවියන්වහන්සේට විරුද්ධව කැරළිගැසූ නිසා අච්චුලබන්නීය. ඔව්හු කඩුවෙන් වැටෙන්නෝය; ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝය, ඔවුන්ගේ ගර්භිණීන්ද ඉරාදමනු ලබනවා ඇත.
පැටවුන් නැතිවුණ වැලහින්නියක් මෙන් මම ඔවුන්ට විරුද්ධව පැමිණ, ඔවුන්ගේ හෘදයේ අතුණුවැටිය ඉරන්නෙමි. එහිදී සිංහයෙකු මෙන් ඔවුන් නාස්තිකරන්නෙමි; වල් මෘගයා ඔවුන් ඉරාදමන්නේය.
ඉශ්‍රායෙල්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්න; මක්නිසාද නුඹේ අයුතුකම නිසා නුඹ වැටී ඉන්නෙහිය.
එප්‍රායිම් පහර ලැබ සිටින්නේය, ඔවුන්ගේ මුල වියළී ගියේය, ඔව්හු ඵල නොදරන්නෝය. එසේය, ඔවුන් වැදුවත් මම ඔවුන්ගේ ගර්භයේ ප්‍රිය ඵල නසන්නෙමි.
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ භාර්යාව නුවරදී වේශ්‍යාවක් වන්නීය, නුඹේ පුත්‍රයෝද දූවරුද කඩුවෙන් වැටෙන්නෝය, නුඹේ භූමිය ලනුවෙන් බෙදනු ලබන්නේය; නුඹම අපිරිසිදු රටකදී මැරෙන්නෙහිය, ඉශ්‍රායෙල්ද සැබවින්ම තමුන්ගේ දේශයෙන් වහල්කමට යනවාම ඇතැයි අමශියාට කීවේය.