Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 27:14 - Sinhala Revised Old Version

14 ඔහුගේ දරුවන් බෝවෙතත් ඒ කඩුවටය; ඔහුගෙන් පැවත එන්නෝද කෑමෙන් තෘප්තියට නොපැමිණෙන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඔවුන්ට දූ දරුවන් බොහෝ ඇතත්, ඔව්හු රණ බිම්හි මැරී වැටෙති. මුළු පරපුර සාගින්නෙන් පෙළෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔවුන්ට දූ දරුවන් බොහෝ ඇතත්, ඔව්හු රණ බිම්හි මැරී වැටෙති. මුළු පරපුර සාගින්නෙන් පෙළෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 27:14
16 හුවමාරු යොමු  

නුඹ පුත්‍රයන්ද දූවරුන්ද ජාතකකරන නුමුත් ඔව්හු නුඹට නොවන්නෝය; මක්නිසාද ඔව්හු වහල්කමට යන්නෝය.


මක්නිසාද වඳ ස්ත්‍රීහුද දරුවන් බිහිනොකළ කුසද කිසිකලෙක කිරි නුදුන් තනද වාසනාවන්තයයි කියන දවස් පැමිණෙන්නේය.


ඔහුගේ දරුවෝ දුප්පතුන්ගේ කරුණාව සොයන්නෝය, ඔහුගේ අත් ඔහුගේ සම්පත් ආපසු දෙන්නේය.


ඔහුගෙන් පැවතඑන්නෝ සිඳදමනු ලබත්වා; එන පරම්පරාවේදී ඔවුන්ගේ නම මැකේවා.


තමා අන්ධකාරයෙන් මිදෙන්නේය කියා ඔහු විශ්වාස නොකරයි; ඔහු කඩුවට නියමව සිටින්නේය.


තමාගේ වස්තුවේ ඓශ්චර්යයද තමාගේ දරුවන් රාශියද රජ විසින් තමා උසස්කළ හැටිද රජුගේ අනික් අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා ප්‍රධානකළ හැටිද යනාදිවූ සියල්ල පැවසුවේය.


තෘප්තිමත්ව සිටියෝ ආහාර ලබන පිණිස කුලීවැඩ කරති. බඩගිනිව සිටි අය එයින් මිදුණෝය. එසේය, වඳ ස්ත්‍රී සත්දෙනෙකු බිහිකළාය: බොහෝ දරුවන් ඇත්තී පිරිහෙන්නීය.


නුඹේ පුත්‍රයෝද දූවරුද අන් සෙනඟකට දෙනු ලබන්නෝය, ඔවුන් ගැන දවස මුළුල්ලේම බලා සිටීමෙන් නුඹේ ඇස් ක්ෂයවන්නේය. නුඹේ අතේ බලයෙන් කිසිවක් කළනොහැකිවන්නේය.


මහලු සිංහයා ගොදුරු නැතුව විනාශ වන්නේය, සිංහධේනුවගේ පැටව්ද විසිරයන්නෝය.


ඔහුගේ සෙනඟ අතරේ ඔහුට දරුවෙක්වත් මුනුබුරෙක්වත් නොසිටී, ඔහුගේ වාස භූමියෙහි ඉතුරුව සිටින කෙනෙක්ද නැත.


ඔහුගේ දරුවෝ පාදඩයෝව සිඟාකත්වා; ඔව්හු තමුන්ගේ පාළු ඉඩම්වලින් කෑම සොයත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්