එබැවින් මම මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, නුඹේ කෑම කොටස අඩුකර, නුඹට වෛරවෙන්නන්වූ නුඹේ සල්ලාල මාර්ගය ගැන ලජ්ජාවෙන් සිටින පිලිස්තිවරුන්ගේ දූවරුන්ගේ කැමැත්තට නුඹ භාරදුනිමි.
හොෂෙයා 2:9 - Sinhala Revised Old Version එබැවින් මම නියම කාලයට මාගේ ධාන්‍යද නියම සෘතුවට මාගේ මිදියුසද අහක්කරගන්නෙමි, ඇගේ නග්නභාවය වසන්ට තිබුණු මාගේ ලොම්ද මාගේ හණද උදුරාගන්නෙමි. Sinhala New Revised Version එබැවින් අස්වැන්න කාලයේ දී මා ඈට දුන් ධාන්‍යත්, පල නෙළන කාලයේ දී ඈට දුන් මිදියුසත් මම ආපසු ගන්නෙමි. ඇගේ නිරුවත වසාගැනීමට මා දුන් ලොම් හා පිළි ඇගෙන් උදුරා ගන්නෙමි. Sinhala New Revised Version 2018 එබැවින් අස්වැන්න කාලයේ දී මා ඈට දුන් ධාන්‍යත්, පල නෙළන කාලයේ දී ඈට දුන් මිදියුසත් මම ආපසු ගන්නෙමි. ඇගේ නිරුවත වසාගැනීමට මා දුන් ලොම් හා පිළි ඇගෙන් උදුරා ගන්නෙමි. |
එබැවින් මම මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, නුඹේ කෑම කොටස අඩුකර, නුඹට වෛරවෙන්නන්වූ නුඹේ සල්ලාල මාර්ගය ගැන ලජ්ජාවෙන් සිටින පිලිස්තිවරුන්ගේ දූවරුන්ගේ කැමැත්තට නුඹ භාරදුනිමි.
තවද මම නුඹ ඔවුන් අතට දෙන්නෙමි, ඔවුන් නුඹේ [වේශ්‍යා] මහල කඩාදමා, නුඹේ උස්තැන් හෙළාදමා, නුඹේ වස්ත්‍ර ලිහාදමා, නුඹේ අලංකාර ආභරණ රැගෙන නුඹ නිර්වස්ත්‍රකොට නග්නකරනවා ඇත.
උතුරු දිශාවේ රජතෙමේ හැරී පළමු සමූහයාට වඩා මහත් සමූහයක් නැගුටුවාගෙන, අවුරුදු ගණනකට පසු මහත් සේනාවක් සහ බොහෝ සම්පත්ද ඇතුව එනවා ඇත.
නැත්නම් මම ඈ නග්නකොට, ඈ උපන් දවසේදී මෙන් ඈ සිටුවා, කාන්තාරයක් මෙන් කර, වියළි දේශයක් මෙන් තබා, ඈ පිපාසායෙන් නසන්නෙමි;
ඔව්හු හුළඟ වපුරා, සුළිහුළඟ කපාගන්නෝය. ඔවුන්ට ගොයම් නැත; කොළවල කරල් නැත; තිබුණත්, අන්‍ය දේශීන් ඒවා ගිලගන්නවා ඇත.
සමහරවිට උන්වහන්සේ හැරී ඇවිත් තැවී, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔප්පුකිරීමට ආහාර පූජාවක්ද පාන පූජාවක්ද අඩංගුවූ ආශීර්වාදයක් දීලා යනවා ඇද්දෝයි දන්නේ කවුද?
ඔවුන්ගේ සම්පත් කොල්ලයක්ද ඔවුන්ගේ ගෙවල් පාළුවක්ද වන්නේය. එසේය, ඔවුන් ගෙවල් ගොඩනගන නුමුත් ඒවායේ වාසයකරන්නේවත් මිදිවතු වවන නුමුත් එයින් මුද්‍රිකපානය බොන්නේවත් නැත.
අප නටබුන්වී සිටින නුමුත් නාස්ති ඉඩම් නැවත ගොඩනගන්නෙමුයයි ඒදොම් කියන බැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔවුන් ගොඩනගන නුමුත් මම කඩාදමන්නෙමි. ඔවුන්ට: දුෂ්ටකමේ පළාතය කියාද ස්වාමීන්වහන්සේගේ උදහස සෑම කල්ම දරන සෙනඟය කියාද මනුෂ්‍යයෝ කියන්නෝය.
එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන්වහන්සේට සේවයකරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.