Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ශෙපනියා 1:13 - Sinhala Revised Old Version

13 ඔවුන්ගේ සම්පත් කොල්ලයක්ද ඔවුන්ගේ ගෙවල් පාළුවක්ද වන්නේය. එසේය, ඔවුන් ගෙවල් ගොඩනගන නුමුත් ඒවායේ වාසයකරන්නේවත් මිදිවතු වවන නුමුත් එයින් මුද්‍රිකපානය බොන්නේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔවුන්ගේ වස්තුව කොල්ලකනු ලැබේ; ඔවුන්ගේ ගෙවල් පාළුකරනු ලැබේ; ඔවුන් ගෙවල් ගොඩනඟන නමුත්, ඒවායේ වාසය කරන්නේ වත් මිදි වතු වවන නමුත්, ඒවායින් මිදියුස බොන්නේ වත් නැත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔවුන්ගේ වස්තුව කොල්ලකනු ලැබේ; ඔවුන්ගේ ගෙවල් පාළුකරනු ලැබේ; ඔවුන් ගෙවල් ගොඩනඟන නමුත්, ඒවායේ වාසය කරන්නේ වත් මිදි වතු වවන නමුත්, ඒවායින් මිදියුස බොන්නේ වත් නැත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ශෙපනියා 1:13
24 හුවමාරු යොමු  

එබැවින් නුඹලා දුප්පතා පාගා, ඔහුගෙන් ධාන්‍ය-ඔතු ගන්න නිසා, නුඹලා කැපූ ගල්වලින් ගෙවල් ගොඩනගාගන සිටින නුමුත් නුඹලා ඒවායේ වාසය නොකරන්නහුය; නුඹලා ප්‍රියවූ මිදිවතු වවාගන සිටින නුමුත් එයින් මුද්‍රිකපානය නොබොන්නහුය.


නුඹ වපුරන නුමුත් කපාගන්ට නොලැබේ. නුඹ ඔලීව ඵල මඩින නුමුත් තෙල් ගාගන්ට නොලැබේ; නුඹ මිදියුස මිරිකන නුමුත් මුද්‍රිකපානය බොන්ට නොලැබේ.


නුඹ භාර්යාවකට විවාහ බස් දෙන නුමුත් අනිකෙක් ඈ සමඟ සයනයකරන්නේය. නුඹ ගෙයක් ගොඩනගන නුමුත් එහි නොවසන්නෙහිය. නුඹ මිදිවත්තක් වවන නුමුත් ඒකේ ඵල භුක්තිනොවිඳින්නෙහිය.


මම එය විදේශීන්ට කොල්ලයක්ද පොළොවේ දුෂ්ටයන්ට කොල්ලකෑමක්ද පිණිස දෙමි; ඔවුන් ඒක කෙලහනවා ඇත.


නුඹේ සම්පතද නුඹේ වස්තුද මිලයකට නොව නුඹේ සියලු පළාත්වල නුඹේ සියලු පව් නිසා කොල්ලයක් කොට දෙන්නෙමි.


මක්නිසාද: අප නාස්තිවුණ හැටි! අප දේශය අත්හැරිය නිසාද ඔවුන් අපේ වාසස්ථාන හෙළාදැමූ නිසාද අපි ඉතා වියවුල්ව සිටිමුව යන ළතෝනි හඬක් සියොන් කෙරෙන් ඇසුණේය.


නුඹ මිදිවතු වවා ඒවා සශ්‍රීකකරන නුමුත් පණුවන් ඒවා කාදමන බැවින් නුඹ මුද්‍රිකපානය නොබොන්නෙහිය, ඵල නෙළා නොගන්නෙහිය.


ඒ දවසේම එළිපත්ත උඩින් පැන තමුන්ගේ ස්වාමිවරුන්ගේ ගෙවල් බලාත්කාරයෙන්ද ප්‍රයෝගයෙන්ද පුරවන සියල්ලන්ටත් දඬුවම්කරන්නෙමි.


එබැවින් නුඹලා නිසා සියොන් කෙතක් මෙන් හානු ලබන්නේය, යෙරුසලම ගොඩවල්ද ගෘහයේ කන්ද කැලෑ මුදුන්ද වෙනවා ඇත.


එබැවින් මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, මාගේ උදහස් ගින්නෙන් ඔවුන් නාස්තිකරදමා ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පැමිණවීමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


ඔවුන් තමුන්ගේ රිදී වීථිවල විසිකරනවා ඇත, ඔවුන්ගේ රන්ද අපවිත්‍ර දෙයක් මෙන් වන්නේය; ඔවුන්ගේ රන් රිදී කරණකොටගෙන ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ට ගැළවෙන්ට නොහැකිවන්නේය; එයින් ඔවුන්ගේ ආශාව තෘප්තියට පැමිණෙන්නේවත් ඔවුන්ගේ බඩ පිරෙන්නේවත් නැත. මක්නිසාද ඔවුන්ගේ අයුතුකම නැමති පැකිලීමේ ගල ඒකය.


මම යෙරුසලම ගොඩවල්ද සිවලුන්ගේ වාසයක්ද කරන්නෙමි; වැසියෙක් නොසිටින හැටියට මම යූදාහි නුවරවල් පාළුවක් කරන්නෙමි.


ඔවුන් නුඹේ පුත්‍රයන්ද දූවරුන්ද විසින් කන්ට යුතුවූ නුඹේ අස්වැන්නද නුඹේ ආහාරද කා දමනවා ඇත. ඔවුන් නුඹේ බැටළුවන්ද නුඹේ ගවයන්ද කා දමනවා ඇත; නුඹේ මිදිවැල්ද නුඹේ අත්තික්කා ගස්ද කා දමනවා ඇත; නුඹ විශ්වාසකරන නුඹේ බලකොටු නුවරවල් ඔවුන් කඩුවෙන් නටබුන්කරනවා ඇත.


නාස්තියක් පිට නාස්තියක් ප්‍රකාශකරනු ලබන්නේය; මක්නිසාද මුළු දේශයම නාස්තිවී තිබේ. හදිසියෙන් මාගේ කූඩාරම්ද මොහොතකින් මාගේ තිරද නාස්තිවුණේය.


සිංහයෙක් තමාගේ කැලෑවෙන් නික්මුණේය; ජාතීන් නාස්තිකරන්නෙක්ද නික්ම ගියේය; නුඹේ දේශය පාළුකරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත්වී ගමන්කරන්නේය; වැසියෙක් නොසිටින හැටියට නුඹේ නුවරවල්ද විනාශවන්නේය.


එවිට මම: ස්වාමීන්වහන්ස, කොපමණ කලකටදැයි ඇසුවෙමි. උන්වහන්සේද: වැසියෙක් නැතිව නුවරවල්ද මනුෂ්‍යයෙක් නැතිව ගෙවල්ද පාළුවීමත්, දේශය මුළුමනින්ම පාළුවීමත්,


නුඹ විනාශවී යන තුරු ඔව්හු නුඹේ සිව්පාවුන්ගේ ඵලයද නුඹේ භූමියේ ඵලයද කාදමන්නෝය. ඔව්හු නුඹ නැතිකරදමන තුරු නුඹට ධාන්‍යවත් මුද්‍රික රසයවත් තෙල්වත් නුඹේ ගව වස්සන්වත් එළු බැටළු පැටවුන්වත් ඉතුරු නොකරන්නෝය.


එම්බා වනයේ තිබෙන මාගේ කන්ද, නුඹේ සම්පතද නුඹේ සියලුම වස්තුද නුඹේ සියලු පළාත්වල කළ පාපය නිසා නුඹේ උස් තැන්ද කොල්ලයක් කොට දෙන්නෙමි.


අපේ උරුමය අන්‍යයන්ටත් අපේ ගෙවල් විදේශීන්ටත් අයිතිවී තිබේ.


එබැවින් මම ඉතා නපුරු ජාතීන් ගෙන්වන්නෙමි, ඔව්හු මොවුන්ගේ ගෙවල් උරුමකරගන්නෝය. මම බලවතුන්ගේ උඩඟුකම නවත්වන්නෙමි; මොවුන්ගේ ශුද්ධස්ථානද කෙලහනු ලබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්